
ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යන අධික උණ තත්ත්වය, චිකුන්ගුන්‍යා, ඩෙංගු වැනි රෝගී තත්ත්වයන් මෙන්ම කොරෝනා රෝගී තත්ත්වයන් ලෙසද ලංකාවේ නන් දෙසින් හඳුනා ගෙන ඇත.එමෙන්ම දැන් දැන් රෝගීන් ගෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන පිරී ගොස් ඇති අතර, ඉන් ලබන වේදනාකාරී බලපෑම තවමත් නොයෙකුත් අවස්ථාවල දී ඉස්මතු වේ.

ආයුර්වේදය ට අනුව උණ යනු කුමක්ද?
උණ Jwara යනු ආයුර්වේදයේ සඳහන් අග්‍රෝගය ය. එනම්, සෑම රෝගයකටම මුලික වන්නේ උණ බවයි. ආයුර්වේදය අනුව උණ ඇති වන්නේ ශරීරයේ ත්‍රිදෝෂ සමතුලිතතාවය බිඳෙමින් ශක්තිමත් පිත්ත තත්වයක් වැඩි වීමෙන් ඇතිවන තත්ත්වයකිනි.
උණට හේතු වන ප්‍රධාන කරුණු:
• ශරීරයේ ආධිභෞතික දෝෂ (වෛරස, බැක්ටීරියා වැනි)
• ආගන්තුක දෝෂ (වෛරස රෝග)
• ආගමික, මානසික, ආහාර පුරුදු වල ව්‍යාජ භාවය
• කාලගුණික විපර්යාස තත්ත්වයන්
• මනෝභාවයන් (කෝපය, ශෝකය, බිය වැනි)
ආයුර්වේදයේදයට අනුව උණ වර්ග කිරීම් සිදු කරයි.
• වාතජ උණ : මෙම උණ වැළඳුනු විට අධික සීතලක් හට ගැනීම, ඇටමිදුලුවල ඇතිවන අධික වේදනාව මෙන්ම නොනවත්වා ඇතිවන වමනය වැනි තත්ත්වයන් හඳුනාගත හැකිය.
• පිත්තජ උණ : අධික උණ තත්ත්වය, තැලි වර්ණය, කෝපය හට ගැනීමක් සිදු වේ.
• කඵජ උණ : ශරීරයේ ඇතිවන අධික ස්ථුලතාවය මෙන්ම, ඇඟපතේ ඇතිවන යම් යම් ගැට ගැසුණු ස්වභාවයන් වැනි තත්ත්වයන් හටගනී.
• සන්නිපාතජ උණය : මෙහිදී ත්‍රිදෝෂ තුනම විකෘතවී ශරීරරයේ අධික වේදනාවක් හටගනී.
උණ යනු වෛරස තත්ත්වයකි. මෙවැනි වෛරස තත්ත්වයකදී පලමුව සිදුකළ යුත්තේ ප්‍රතිශක්තිය වර්ධනය කරගැනීමයි.
ඒ සඳහා අනුගමනය කළයුතු ක්‍රියාමාර්ග පිළිබඳව අපිට මෙසේ හඳුනාගත හැකිය.
01. ආහාර හා කසාය.
• උණුසුම් ජලය පානය
• ඉඟුරු, තුල්සි(මදුරුතලා), කරාබු, ගම්මිරිස් ආශ්‍රිත කසාය
• නව පැලෑටි හෝ බෙහෙත් වට්ටෝරු වලින් සාදන ලද වාතා-කප-පිත්ත සමා සන්ධාන
02. නාසය ශුද්ධ කිරීම (Anu Taila Nasya):
නිසි ලෙස සකස් කරන ලද තෙල් වලින් නාස මාර්ගය නියමිත අයුරින් පිරිසිදු කිරීම. මෙය රෝගාණු ආක්‍රමණය වැළැක්වීමට උපකාරී වේ.
03. උණු වතුර වාශ්ප ඇල්ලීම (Steam inhalation):
• ඉඟුරු, කරපිංචා වැනි ධූම භාවිතය.
04. රසායන ඖෂධ වර්ග
• ච්‍යවනප්‍රාශ
• අමෘතාරිෂ්ටය
• ගුඩූචි සාරය
• අශ්වගන්ධ
මෙවැනි වූ ඖෂධ වර්ග භාවිතා කිරීමෙන් ඕනෑම රෝගී තත්ත්වයකදී වුවද ප්‍රතිශක්තිය වර්ධනය කිරීමට යොදාගත හැකිය. වෛරස් උණ පැතිරීමේ ආකාරයන් අනුවද වර්ග කළ හැකිය.
වෛරස් උණ, COVID-19, ඩෙංගු, චිකුන්ගුන්‍යා, ඉන්ෆ්ලුවන්සා වැනි වෛරස් වලින් ඇතිවෙයි. මේවා බොහෝවිට:
• මදුරුවන් (ඩෙංගු, චිකුන්ගුන්‍යා)
• වායු හරහා (සාමාන්‍ය උණ, කොවිඩ්)
• ජල ආසාදන (හෙපටයිටිස් වැනි)
• පුද්ගලික සම්බන්ධතා හරහා ඇතිවන බව හඳුනා ගත හැකිය.
උණ වැනි රෝගී තත්ත්වයන්ට සාපේක්ෂව මේ දිනවල කොරෝනා වෛරස තත්ත්වයන්ද පැතිරී යයි.කෝවිඩ් වැනි රෝගී තත්ත්වයක දී ඖෂධ වලට සාපේක්ෂව මානසික සන්සුන් භාවයත් සෞඛ්‍යය පිළිබඳව සැලකිලිමත් වීමත් ඉතා වැදගත් බවත්, මෙයට පිළිතුරක් ලෙස, ආයුර්වේදයේ සඳහන් යෝගා,ධ්‍යානය, ප්‍රාණායාම වැනි ක්‍රම භාවිතයත් ඉතා යහපත් බව වෛද්‍යතුමිය වැඩි දුරටත් සඳහන් කළාය.
නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන රෝගීන් කවුරුන් ද?
ආසාදිත පුද්ගලයා නිසි ලෙස පාලනය නොවූ:
• දියවැඩියාව
• අධික රුධිර පීඩනය
• හෘදයාබාධ
• වකුගඩු රෝග හා
• පෙණහලු ආශ්‍රිත රෝග ආදී කිසියම් තත්ත්වයකින් පෙලෙන රෝගීන්
ප්‍රතිශක්තිය හීන වෙන රෝග තත්ත්වයකින් පෙළෙන / ප්‍රතිශක්තිය හීන කරවන ඖෂධයක් දීර්ඝ කාලයක් තිස්සේ ලබාගන්නා අයෙකු.
ශරීර ස්කන්ධ දර්ශකය 30ට වැඩි (ස්ථූල) පුද්ගලයින්.
මෙවැනි රෝගීන් තුළ ඇතිවිය හැකි සංකූලතා සලකා බලා නිවසේදීම ප්‍රතිකාර ලැබීමට සුදුසු නොවන බවට තීරණය කෙරෙනු ඇත.
එමෙන්ම එවැනි රෝගීන් නිවසේ දී ප්‍රතිකාර ලබාගන්නේ නම් කළ යුතු දේ මොනවාද?
එම රෝගීන් පහත සඳහන් සෞඛ්‍ය උපදෙස් අනුගමනය කිරීම ඉතා වැදගත් වේ.
හැකි පමණ විවේක ගැනීම.
හොඳින් ජලය හා වෙනත් දියර වර්ග පානය කිරීම.
සමබර ආහාර වේලක් ලබා ගැනීම
හොඳින් පාලනය වී පවතින, අධි රුධිර පීඩනය හෝ දියවැඩියාව වැනි බෝ නොවන රෝගයක් සඳහා ලබාදී ඇති ඖෂධ නිසි කලට නිසි ලෙස ලබා ගෙන එම රෝග පාලනය තවදුරටත් හොඳ මට්ටමක පවත්වා ගැනීම ද අත්‍යවශ්‍ය වේ.
මේ දිනවල පවතින සාමාන්‍ය උණ, සෙම්ප්‍රතික්ෂාව, ඩෙංගු, කොවිඩ් චිකුන්ගුන්යා වැනි රෝග තත්ත්වයන්ට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ පහසුවෙන්ම නිවසේදීම සොයාගත හැකි ඖෂධ වර්ග රැසකි . එනම්
1. කොත්තමල්ලි කෂාය
• කොත්තමල්ලි කුඩු 1 තේ හැදි
• කහ, ඉඟුරු කැබැල්ලක්
• වතුර 2 කෝප්පක්
සියල්ල තම්බා 1 කෝප්පයක් ලෙස පානය කරන්න.
2. රසකිඳ තේ
• රසකිඳ කොළ 10-12
• වතුර 2 කෝප්පක්
උයලා අඩක් වනතුරු තැබීමෙන් පසුව පෙරා පානය කරන්න.
3. කොහොඹ තේ (Neem tea)
• කොහොඹ කොළ කිහිපයක් තම්බා බොන්න
• තේජෝ ගුණ තිබේ. සතියකට 2–3 වතාවක් භාවිත කරන්න.
4. සීත පිරිමැදීම Cool compress)
• උණ වැඩියෙන් ඇති විට, හිස, පාද හා අත්වලට සීතල ජලයෙන් තැවීමක් යෙදිය හැක.
5. වාෂ්ප ශ්වේද Steam)
• තුලසි, කොහොඹ, රසකිද, ඉගුරු පොට්ටනි
කැස්ස ඇති විට
ඇඹුල් දොඩම්, ඉඟුරු ඉස්ම, සීනි, මීපැණි 4:3:2:2 අනුපාතයට මිශ්‍ර කොට සාදාගත් ද්‍රාවණය බෝතලයක දමා තබා ගෙන දිනකට තුන්වරක් තේ හැඳි එකක් බැගින්.
ආඩතෝඩා (පාවට්ටා) මල් වියළා තේ මෙන් පානය කිරීම
වියළි කැස්ස ඇති විට
ඇඹුල් දොඩම්, කප්පර වල්ලිය ඉස්ම හා මීපැණි 3;2;1; අනුපාතයට දමා තේ හැඳි 2 බැගින් දිනකට තුන් වරක්
උගුරේ සෙම පැටලීමට
අමුඉඟුරු කපා මී පැණි දමා සපා ගිලීම
ඒ වගේම ගම්මිරිස් හා ලුණු කුඩු උණු වතුරට දිය කර දෙහි ඇඹුල් දමා උගුර සෝදන්න
හිසේ කැක්කුමට
නිර්ගුණ්ඩ්‍යාදී තෛලය හිසට දමන්න.
සාමාන්‍ය උණට
ඉඟුරු, කොත්තමල්ලි, පත්පාඩගම්, වෙනිවැල්ගැට, සුදුළූණු තැම්බූ වතුර පානය කිරීම
උණ සමග අරුචිය හෝ ඔක්කාරය ඇති විට
ඉඟුරු,කොත්තමල්ලි, තිප්පිලි පේයාව (විළඳ පොරි දමා) දිනකට දෙවරක්, වමනය හෝ පාචනය ඇති විට සූදුරු කබලේ බැද තේ මෙන් පානය කරන්න.
බැදි හාල් සමග සුදුළූණු බිකක් ගම්මිරිස් ඇට දෙක තුනක් අමු ඉඟුරු කැබැල්ලක් එකතු කොට කැඳ සාදා බොන්න.
වියළි ඉඟුරු එක ගුණයක් බැදගත් කොත්තමල්ලි දෙගුණයක් සමග මිශ්‍ර කොට තේ වෙනුවට පාවිච්චි කරන්න.
මදූශා දිල්ශානි