ඝාතනය කල තැන සොයා ගිය දරුවෙක්


 

ඇගේ ඝාතනය සිදු වූයේ අධිවේගී මාර්ගයක් අසල තිබූ උණ පඳුරක් ළඟදී බවද ඇය ප්‍රකාශ කළාය. මෙම දැරියගේ පුනර්භව පර්ෙ‌ය්ෂණයේදී අනාවරණය වූ මිනීමරුවෙකු හඳුනාගැනීමට විශේෂ සිදුවීමක් විය. මිනී මැරුම සිදුවී තිබුණේ 1971 වසරේදීය.

 

මිනීමරුවන් විසින් විවිධ අයුරින් ඝාතනය කරනු ලැබූ ජීවිත පිළිබඳව අනාවරණය කළ දරුවෝ රැසක් පුනර්භව පර්​ෙ‌ය්ෂණ අතර සිටිති. එවැනි දරුවන් බොහෝ දෙනෙකු පෙරභවයේ මිනීමැරුම සිදු කළ පරිසරය සහ මිනීමරුවන්ගේ නම්ද ඇතැම්විට පැහැදිලිව අනාවරණය කළහ. ඔවුන්ගේ සිරුරුවලට සිදුකළ කැපීම්, කැඩීම් සහ වෙඩි ප්‍රහාර තුවාල සිදුවූ ස්ථානවල පිහිටි උපන් ලප එම තුවාල සිදුවීම නිසා ඇතිවූ ඒවායයි ප්‍රකාශ කළාය.   

එම ප්‍රකාශවල සත්‍යතාව තහවුරු කිරීමට ඇතැම් විට වෛද්‍ය වාර්තා සහ මරණ පරීක්ෂණ වාර්තාද බෙහෙවින් උපකාරී විය. මිනීමැරුම් හෙළිකළ දරුවන් වැඩි දෙනෙකු උපත ලබා තිබුණේ ඉන්දියාව, බුරුමය සහ ලෙබනනයේ වීමද විශේෂත්වයක් විය. තමා ඝාතනය කිරීමේදී මිනීමරුවන් විසින් භාවිතා කළ ආයුධ නිවැරදිව හෙළි කළ දැරියක් බුරුමයේ උපත ලැබුවාය. ඇය පැවසුවේ තරුණයෙකු ලෙස ජීවත්ව සිටියදී තිදෙනෙකු විසින් දරුණු වද හිංසාදී ඇගේ මරණය සිදු කළ බවය. ඒ සඳහා පිහියක්, කඩුවක් සහ පොරවකින් ප්‍රහාරයක්ද ඔහුට එල්ල කළ බවකි.   


1973 වසරේදී උපත ලැබූ එම දරුවාට නම් ලබා දී තිබුණේ මාතී යනුවෙනි. උපතින්ම ඇගේ සිරුරේ දක්නට ලැබු​ණු විශේෂ ලක්ෂණ කිපයක් විය. වම් අතේ එක් ඇඟිල්ලක් කැපී ගිය අයුරු දක්නට ලැබිණි. ඒ සමගම පපුවේ වම් පැත්තේ දරුණු තුවාල කැළලක් ලෙස උපත් ලපයක් පිහිටා තිබූ අතර හිස පිටුපස සහ අත්වල ඉදිමීමක්ද දර්ශනය විය. මේ පිළිබඳව දෙමාපියන්ට ගැටලුවක් වූ නමුත් උපතින් සිදුවූ පිහිටීමක් ලෙස ඔවුහු විශ්වාසය පළකර සිටියහ.   


ඇය යන්තම් බහ තෝරණ වියට පත්වී සිටියාය. වයස අවුරුදු දෙකහමාරක් වී තිබිණි. දිනක් ඇගේ සීයා සමග සිටි දැරිය ඇඟිල්ල අහිමිව තිබූ අත ඔහු වෙත දිගුකර ‘බලන්න සීයේ උන් මට කරපු දේ?’ යයි කීවාය. ඇගේ කතාවෙන් මවිතයට පත්වූ ඔහු මොකද වුණේ? යැයි පුංචි දියණියගෙන් විමසුවේය. උන් මාව කඩුවකින් කපල පිහියකින් ඇනල ඔළුවට පොරවකින් ගැහුවා. යයි පැවැසුවාය.   


අනතුරුව ඇයට පෙර භවයේදී පහරදුන් මිනී මරුවන්ගේ නම් සහ ඔවුන්ගේ හැඩරුවද ඇය මතකයෙන් හෙළි කළාය.   


සොරකම් කළ බුදු පිළිමයක් පිළිබඳව ඇතිවූ ආරවුලක් නිසා තුන් දෙනෙක් එකතු වී ඇයට පහරදුන් බවත් කඩු පහර වැදී ඇඟිල්ල කැපී ගිය බවත් අනතුරුව පපුවට එල්ල කළ පිහිපහර ඇගේ පපුවේ තිබූ උපත් කැළල එම තුවාලය බවත් ඇය පැවසුවාය. කඩු පහරක් පිහිපහරක් එල්ල කර ඉන් නොනැවතුණු මිනී මරුවන් හිසට පොරවකින් ගසා සිරුර ගෝනියකට දැමූ බවත් ඇය අනාවරණය කළාය. පසුව ගෝනිය වළකට දැමූ බැව්ද ඇගේ මතකයේ තිබිණි. ගෝනිය ඇගේ පාදයක් සමග ලණුවකින් බැඳ තිබූ බවද ඇය කීවාය.   
ඇගේ ඝාතනය සිදු වූයේ අධිවේගී මාර්ගයක් අසල තිබූ උණ පඳුරක් ළඟදී බවද ඇය ප්‍රකාශ කළාය. මෙම දැරියගේ පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී අනාවරණය වූ මිනීමරුවෙකු හඳුනාගැනීමට විශේෂ සිදුවීමක් විය. මිනී මැරුම සිදුවී තිබුණේ 1971 වසරේදීය.   


දිනක් ඇය ගිය තේ කඩයකදී එක් පුද්ගලයෙක් දුටු විගස අපි ඉක්මනට යමු. අපි යමු’ යයි මව සමග ප්‍රකාශ කළාය. නිවසට පැමිණි මව තේ කඩයේදී ඉක්මනට යමු යයි පැවසුවේ ඇයිදැයි ඇගෙන් විමසීමක් කළාය. ‘එතන ඩොක් සිටියා’ යයි දියණියගේ පිළිතුර විය.  


මෙම දැරියගේ පුනර්භව පර්​ෙ‌ය්ෂණයේදී හඳුනාගැනීමේ ප්‍රබල සාක්කිය වූයේ එම වදනවිය. එනම් පෙරභවයේ පුද්ගලයාගේ මරණයට සැක කරුවෙකුවූ එක් මිනීමරුවෙකු ඔහු ලෙස සැකකර තිබූ බවය. ඇය හෙළි කළ නම තිබූ පුද්ගලයා පෙර භවයේ මිතුරෙකුව සිටි බවක්ද අනාවරණ විය. මිනීමරුම සිදුවනවිට ඔහුට කෙටි ආහාර අලෙවිකළ වෙළෙඳ සලක් තිබූ බැව්ද දැරිය විසින් අනාවරණය කරනු ලැබීය. ඩොක් නමැති පුද්ගලයා නිතර එම වෙළෙඳසලට පැමිණි අයෙකු බැව්ද ඇය විසින් හෙළි කළාය.  


ඇගේ පුනර්භව පර්යේෂණය සිදු කළ මහාචාර්ය ස්ටිවන්සන් ඔහු විසින් ලියන ලද පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ පළකර ඇති මෙම දැරියගේ මව දුටු සිහිනයක්ද ඇතුළත්වේ. පුනර්භව පර්​ෙ‌ය්ෂණවලදී මව්වරුන් දක්නට ලැබෙන සිහින (AN ANNOUNCING DREAM)  නවුන් සිත් ඩ්‍රීම් ලෙස හඳුන්වනු ලැබේ.  


පෙර බවය හෙළිකළ මෙම දැරියගේ මව දියණිය මව් කුස පිළිසිඳගැනීමෙන් පසු දුටු බැව් හෙළිකළ සිහිනයද අතිශය වැදගත් කරුණක් විය. ඇය දුටුසිහිනය වූයේ පාදයක් ආබාධිත පුද්ගලයෙක් ඇගේ නිවසට ඇතුල්වන අයුරුය. එම සිහිනය දුටු ඇය බියටපත්වී අවදිවූවාය. නැවතත් නින්දේදී එම සිහිනයම තවත් වරක් ඇය දුටුවාය.  


පෙර භවය හෙළිකළ දැරියගේ පාදයක දක්නට ලැබූ ආබාධිත තත්ත්වයට සමාන පෙරභවයේ පුද්ගලයාගේ පාදයට සිදුවී තිබූ තුවාලය පිළිබඳ සංඥාවක් ලෙස මෙම සිහිනයද සාක්කියක් විය. පෙර භවයේදී ඝාතනය සිදු කළ අන්දම දැරිය ඉතා පැහැදිලිව අනාවරණය කර තිබිණි. ඒ බැව් මහාචාර්ය ස්ටීවන්සන් විසින් ලියන ලද පර්​ෙ‌ය්ෂණ වාර්තාවට ඇතුළත් කර ඇත්තේ මෙසේය.  


ON THE DAY OF HIS DEATH SHE SAID THE THREE OTHER MEN ATTACKED HIM WITH WEAPONS THEY STABBED HIM IN THE LEFT BREAST, CUT OFF HIS HAND WITH A SWORD AND THEN STRUCK HIM ON THE HEAD WITH AN AXE තිදෙනෙකු එකතුවී පිහියකින් පපුවට ඇණ අත කපා පොරවකින් හිසට පහර එල්ලකළ බවය.  


ඒ සමගම ඇය ඝාතනය කළ ස්ථානය පිළිබඳවද ඇයට ඉතා හොඳින් මතක ඇති බැව්ද ඇය ප්‍රකාශ කළාය. එය සිදුවූයේ උණපඳුරක් අසලදීය. ඒ බැව් පර්​ෙ‌ය්ෂණ වාර්තාවේ සඳහන් වන්නේ THE MISDER TOOK PLACE NERR THE BIG BAMBOO TREE AT NEAR HIGHWAY  
අධිවේගී මාර්ගය අසලදී මිනී මැරුම සිදුවී තිබිණි.  


සිරුරට සිදුවූ හානි නිසා ඇය උපතින් පාදයක ආබාධිත තත්ත්වයක් ඇතිවීමත් උපතින්ම අතක ඇඟිල්ලක් අහිමිවීමත් පිහිපහර එල්ල කළ ස්ථානයේ පපුවේ උපන් ලපයක් දක්නට ලැබීමත් ප්‍රබල සාක්කි ලෙස හැඳින්වේ.  


මෙම දැරිය සඳහන් කළ පෙරභවයේ තැනැත්තාගේ මරණය සිදු කළ උණපඳුර සහ අධිවේගී මාර්ගය හඳුනා ගැනීමද ප්‍රබල සාක්කි බවට පත්විය.  

 

 

සටහන :
තිස්ස ජයවර්ධන