කොවිඩ් බවට පත්වුණේ සෙම්ප්‍රතිශ්‍යා උණද?


 

ධරණි රාජසිංහම් සේනානායක
විසිනි

කොවිඩ්-19 ලොව තවත් බොහෝ ප්‍රදේශවල දේශපාලන වම සහ දකුණ අතර වෙනස්කම් නො පැහැදිලි තත්ත්වයට පත්කර තිබේ. සාමාන්‍යයෙන් අයිතිවාසිකම් හා නිදහස ගැන උනන්දුවක් දක්වන සංවිධාන, සංගම් හා දේශපාලන පක්‍ෂ. ඒවා කම්කරු, සුළුතර ජන කොටස්, කාන්තා සංවිධාන විය හැකිය. දැන් වඩ වඩාත් සංචරණ සීමාවන්, මිලිටරීකරණය කරන ලද සෞඛ්‍ය පද්ධතීන්, බලාත්කාරී එන්නත්කරණය සමාජය හා ආර්ථිකය ඩිජිටලීකරණයට ලක් කිරීම හා දැඩි සුපරික්ෂාකාරිත්වය වඩ වඩාත් ඕනෑකමින් භාර ගනිමින් ඒවා ප්‍රවර්ධනය කිරීමට ක්‍රියා කරමින් සිටිති. යාම්ඊම් හා රැස්වීම් සඳහා පුරවැසියන්ට පවතින නිදහස හා එන්නත් ලබා නො ගෙන සිටීමට පවතින අයිතිය සීමා කිරීම, මානව හිමිකම් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් විසින් සාමුහික යහපත සැලසීමේ හා වසංගතය වැළැක්වීමේ නාමයෙන් වඩ වඩාත් උත්කර්ෂයට නංවනු ලබයි. ඒ අතර එන්නත්වල වාසි හා අවාසි සම්බන්ධයෙන් තොරතුරු දැන ගැනීම සඳහා ඇති අවශ්‍යතාව හා එන්නත් ලබාගන්නා පුද්ගලයන්ට එන්නත පිළිබඳ තොරතුරු ලබා ගැනීමට ඇති අයිතිය නො සලකා හරිනු ලබයි.   

මීට සමගාමී ව, කොවිඩ්-19 පිළිබඳ කතාන්දරය සමාජ හා ආර්ථික සාධාරණත්වය වෙනුවෙන් පෙනීසිටින සංවිධාන හා ව්‍යාපාර බේදභින්න කොට කැබලිවලට වෙන්කර, ඒ සමාන ව ම ප්‍රජාගණයන් හා පවුල් තුළ ද භේදයන් නිර්මාණය කර තිබේ. පුද්ගලයන් ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළු වීමේදී එන්නත් සහතිකය ඉදිරිපත් කිරීම අනිවාර්ය කිරීමේ පියවර ක්‍රියාත්මක කිරීමට රජය සූදානම් වීමත් සමඟ, එන්නත් ලබා නො ගත් පුද්ගලයන් දඩමීමුන් බවට පත්කරනු ලැබේ. ස්වාධීන ව සිතීමට ඇති නිදහස ක්‍රියාත්මක කරන, ඒ අනුව එන්නත ලබා නො ගැනීමට තීරණය කරන පුද්ගලයෝ සමාජ-විරෝධී කොවිඩ්-ප්‍රතික්ෂේප කරන්නන් හා ට්‍රම්ප්වාදී න්‍යාය පත්‍රය සමඟ එක් ව කුමන්ත්‍රණය කරන නව-කොන්සර්වටිව්වාදීන් බවට චෝදනා ලබති!   
ඇත්ත වශයෙන් ම කොවිඩ් බලපෑමේ කොටසක් ලෙස වම සහ දකුණ ඔවුනොවුන්ගේ ස්ථාන හුවමාරු කරගෙන තිබෙන බව පෙනෙන්නට තිබේ. වෘත්තීය සමිති හා සුළුතර ජන කොටස්වල අයිතීන් වෙනුවෙන් පෙනීසිටින කණ්ඩායම් හා සංවිධාන ‘කොවිඩ් සිව් වැනි රැල්ලක්’ ගැන කතා කරන අතර ඇඳිරි නීති, ලොක් ඩවුන් කිරීම් හා මේ වතාවේ සිරභාරයේ තැබීම් පවා නිර්දේශ කරති. ශ්‍රී ලංකාව තුළ මෝසම් සෘතුමය ඉන්ෆ්ලුඑන්සාව හා ඩෙංගු රෝගීන්ගේ වාර්ෂික ව සිදුවන ඉහළ යාම මධ්‍යයේ කොවිඩ් රෝගීන් හා ඒ පිළිබඳ කතාන්දර මඟින් ඉහත කී රෝගීන් පිළිබඳ තොරතුරු අභිරහස් අන්දමින් විස්ථාපනය කරනු ලැබ තිබෙන බව පෙනෙන්නට තිබේ.   

 

ශ්‍රී ලංකාව දැනට බහුල සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුඑන්සාව හා ඩෙංගු යන රෝග වැළඳුණු රෝගීන්ගේ තියුණු ඉහළ යාමක් පෙන්නුම් කරයි. නිවර්තනීය කලාපයට අයත් රටවල් මෝසම් සෘතුව තුළ වාර්ෂික ව මෙම රෝගවලින් දැඩි ව පීඩා විඳියි. කෙසේ වෙතත්, ඉන්ෆ්ලුඑන්සා රෝගීන් හා මරණ කොවිඩ්-19 රෝගීන්ගෙන් හා මරණවලින් විස්ථාපනය වීම හේතු කොටගෙන අතුරුදන් වී තිබෙන බව පෙනෙන්නට තිබේ. පීසීආර් පරීක්ෂණවලට ෆ්ලුඑන්සාව හා කොවිඩ්-19 වෙන් කර හඳුනා ගත නො හැකි වීම හේතු කොටගෙන සංඛ්‍යා ලේඛන හා දත්ත තුළ කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව විශාල පරිමාණයෙන් ඉහළ ගොස් තිබේ. දැනට භාවිතයේ පවතින පීසීආර් පරීක්ෂණවලින් ඉවත් වන බවට එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය (CDC) ගෙන තිබෙන තීරණය ඉතා වැදගත් වෙයි. මක් නිසා ද යත්, ශ්‍රී ලංකාව තුළ ඊනියා කොවිඩ්-19 රෝගීන්ගෙන් බොහොමයක් මේ කාලය තුළ සෘතුමය ෆ්ලුඑන්සාවට ගොදුරු වූවන් බව පෙනෙන්නට තිබෙන හෙයිනි


අප්‍රමාණවත් කොවිඩ්-19 ජාතික දත්ත මත පදනම් ව දැඩි සුපරික්ෂාකාරිත්වයක් ක්‍රියාත්මක කරමින් ද කොවිඩ්-19 ඇඳිරිනීති ‘උල්ලංඝනය’ කරන්නන් අත්අඩංගුවට ගනිමින් ද මිලිටරීකරණය කරන ලද ඇඳිරිනීතී පනවමින් රට ලොක්ඩවුන් කිරීමේ අනීතික පියවර ගත් රජය මේ වසරේ සීමා ලිහිල් කර තිබීම ගැන විරුද්ධ පක්ෂය රජය හෙළා දකියි. ඔවුන් ප්‍රකාශ කර සිටින්නේ රට තුළ දැවැන්ත කොවිඩ්-19 අර්බුදයක් පවතින බවය. රුදුරු ආර්ථික විපාක නො තකා මේ අවස්ථාවේ ජනතාවගේ විරෝධතා ව්‍යාපාර හා අයිතීන් සීමා කිරීමට වඩා දැඩි පියවර නො ගැනීම හා ලොක්ඩවුන් ක්‍රියාත්මක නො කිරීම සම්බන්ධයෙන් රාජපක්ෂ පාලන තන්ත්‍රයට චෝදනා එල්ල කෙරේ. ඔක්ස්ෆැම් (දිළිඳුකම හා අසාධාරණය අවසන් කිරීම සඳහා අසමානතාවට එරෙහි ව සටන් කරන ජනතාවගේ ගෝලීය ව්‍යාපාරය) සංවිධානය පවසන අන්දමට පැතිර යමින් පවතින්නේ ‘සාගිනි වයිරසය’, දිළිඳුකම හා පුළුල් වන අසමානතාව යි. බාධාවකින් තොර ව රුපියලේ අගය පහත වැටීම සමඟ මේ සියල්ල බැඳී පවතී.   


ගෝලීය හා දේශීය වශයෙන් යළි වතාවක් අනන්‍යතා දේශපාලනය සමාජීය හා ආර්ථික සාධාරණත්වය පිළිබඳ ප්‍රශ්නවල දී වාසි ලබාගන්නා බව පෙනෙන්නට තිබේ. දැනටමත් ණය උගුලට හසු වී ඇති ආර්ථිකය, ලොක් ඩවුන් කිරීම් හේතු කොටගෙන බිමට ම සමතලා වී යනු ඇතැයි ද වඩ වඩාත් දිළිඳුභාවය, අසමානත්වය, සමාජ නො සන්සුන්තාව, දේශපාලන අස්ථායිතාව හා රෝග පැතිරීමේ අනාරක්ෂිත භාවය නිර්මාණය කරනු ඇතැයි ද රජය කනස්සල්ලට පත් ව සිටියි. උත්ප්‍රාසාත්මක ව, ඥාති සංග්‍රහයට හා සියල්ල මිලිටරීකරණය කිරීමට ලේ නෑකමක් තිබෙන රාජපක්ෂ සහෝදරයන්ගේ පාලන තන්ත්‍රය හිටිවන ම අතිශයින් ලිබරල් හා නිදහසට ඇල්ම දක්වන්නවුන් සේ පෙනෙන්නට තිබේ! රජය ඇඳිරිනීතිය පැනවීමට අසමත් වූ තැන් පටන්, ආදියෙහි සිට වාමාංශිකයෙකු වන ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක තමන්ගේ ම යහපත සඳහා තමන් ම ‘ලොක්ඩවුන්’ තත්ත්වයකට යටත් වන ලෙස පුරවැසියන්ට උපදෙස් දෙන තරම් දුර ගොස් තිබේ. ඒ අසාමාන්‍ය ලෙස, ලෝක සෞඛ්‍ය සංවිධානයේ වෙස්මුහුණු ලා ගත් විශේෂඥයන්ට හා එයට සම්බන්ධිත කොවිඩ් එන්නත ලබාගන්නා ලෙස ඇරයුම් කරන විශාල ඖෂධ සමාගම්වලට සිය වහල් භාවය ප්‍රදර්ශනය කරමිනි!   
කැපී පෙනෙන අයුරින් රජය හා විරුද්ධ පක්ෂය සමාන ව ම සියලු පැහැ ගත් දේශපාලඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ ගෝලීය එන්නත් කැරොල් කරත්තයට පැන ගැනීමට එක්සත් වී තිබේ. පළමුව එන්නත් කෙතරම් කාර්ය සාධක ද එසේ නැත හොත් ආරක්ෂිත ද ඇත්තෙන් ම එන්නත් අවශ්‍ය ද යන්න සම්බන්ධයෙන් පර්යේෂණයක් පැවැත්වීමෙන් තොරව, මොවුහු තමන් ඡන්දදායකයන් රැක බලා ගන්නා බව පෙන්නුම් කිරීමට මෙසේ කටයුතු කරන අතර, එන්නත ලබාගන්නා ලෙස ඡන්දදායකයන්ගෙන් බල කර ඉල්ලා සිටිති. මෙය සුපුරුදු පරිදි ඡන්ද රැස්කර ගැනීමේ දේශපාලනය ද? කොවිඩ්-19 සංඛ්‍යා හා දත්තවල නිරවද්‍ය භාවය පිළිබඳ ප්‍රශ්නය ද රටට අදාළ නිශ්චිත දත්ත හා සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්ති සම්පාදනයක අවශ්‍යතාව ද අවාසනාවකට මෙන් දේශපාලනීකරණය වී ඇති අතර එනිසා අවිශද ව පවතී. 

 
ඉන්ෆ්ලුඑන්සා රෝගීන් පිළිබඳ සිද්ධීන් අභිරහස් අන්දමින් අතුරුදන් වී තිබෙන නමුදු, ඒ අතරතුර කොවිඩ්-19 රෝගීන්ගේ සංඛ්‍යා විශාල පරිමාණයෙන් ඉහළ ගොස් තිබේ. කිසිවෙකුත් කවර හෝ ක්‍රමානුකූල ආකාරයකට කොවිඩ්-19 දත්තවල හා සංඛ්‍යාවල නිරවද්‍ය භාවය ගැන ප්‍රශ්න නො කරයි. කෙසේ වෙතත් කොවිඩ්-19 මේ වසරේ ඉන්ෆ්ලුඑන්සාව සමඟ ස්ථාන මාරු කරගෙන තිබේද, කොවිඩ්-19 මඟින් ඉන්ෆ්ලුඑන්සාව විස්ථාපනය කර තිබේ ද යන ප්‍රශ්න පවතී? පීසීආර් පරීක්ෂණ ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල විශාල වශයෙන් නිකුත් කරන අතර, ඉන්ෆ්ලුඑන්සා හා කොවිඩ්-19 රෝගීන් හා මරණ වෙන්කර හඳුනාගැනීමට නො හැකි වී තිබේ. මේ සන්දර්භය තුළ කොවිඩ්-19 සංඛ්‍යා නිරවද්‍ය ද යන්න නිශ්චිත ව දැන ගැනීම වැදගත් වේ. සියල්ලට පසු එක්සත් ජනපදයේ රෝග පාලනය සඳහා වන මධ්‍යස්ථානය (Center for Disease Control) දැනට පවතින පීසීආර් පරීක්ෂණ යන්ත්‍රවලින් ඉවත් වනු ඇත. ඒ නිශ්චිත ව ම ඒවා ඉන්ෆ්ලුඑන්සාව හා කොවිඩ්-19 පටලැවීමේ විභවතාවකින් යුක්ත වීම නිසා ය.   

 


ගිය වසරේ මාර්තු මාසයේ ඊනියා වසංගතය ආරම්භ වූ තැන් පටන් ලෝක සෞඛ්‍ය සංවිධානය නිරන්තරයෙන් සෞඛ්‍ය පද්ධතිය මිලිටරීකරණය කිරීම හා පුරවැසියන් දැඩි සුපරික්ෂාකාරිත්වයට ලක් කිරීම ප්‍රවර්ධනය කළේ ය. එය සිදුකරන ලද්දේ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය, ශ්‍රී ලංකා වෛද්‍ය සංගමය, ජාතික වෛද්‍යවරුන්ගේ සංගමය බඳු මනා අරමුදල් සැපයුමකින් යුතු ජාතික වෛද්‍යවරුන්ගේ සංවිධාන කීපයක් සමඟ ඇති කරගනු ලැබූ රහසිගත එකඟතාවක් තුළිනි. කොවිඩ්-19 තොරතුරු වසංගතය හා පරස්පර විරෝධී පණිවුඩ එන්නත් ලබාගැනීමේ ප්‍රශ්නය මත බොහෝ පවුල් තුළ භේදකාරී තත්ත්වයක් නිර්මාණය කර තිබේ.   


පුරවැසියන් කොවිඩ්-19 යටත්වැසියන් බවට පත් කෙරේ?   


සෑම කෙනෙක් ම, එනම්, ඊනියා නායකයන් ද රජය හා ඒකාබද්ධ විපක්ෂය ද පුරවැසියන් හා ඔවුන් දුෂ්කර අරගල තුළින් දිනාගෙන තිබෙන අයිතීන් තමන්ට ම දැන් තර්ජනයක් වී ඇතැයි යන්න ගැන එකඟත්වයකට පැමිණ ඇති බව පෙනෙන්නට තිබේ. ජනතාව නැතහොත් ශ්‍රමික ජනයා තමන් ව ම ආරක්ෂා වීම අවශ්‍ය අතර තමන්ම ‘ලොක් අප්’ හෝ ‘ලොක් ඩවුන්’ කර ගත යුතුව තිබේ. මින් අදහස් වන්නේ මාක්ස් වරෙක පැවසූ පරිදි, “ඔවුන්ට තමන් ව ම නියෝජනය කළ නො හැකි ය, ඔවුන් නියෝජනය කරවා ගත යුතු ව තිබේ” යන්න ද?

අවශ්‍ය තොරතුරු සපයන ලද කල්හි පවා සාමාන්‍ය   


ජනතාවට තතු දැන තීරණ ගත නො හැකි ය, එසේ නැත්නම් ඔවුන්ගේ ම ඉහළ ම අභිලාෂය විය යුත්තේ කුමක් ද යන්න තීරණය කළ නො හැකි ය? ඒ සමඟ ම දත්ත හෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ වසංගත කතාන්දරය ප්‍රශ්න කරන හා ඒවා ගැන නැවත විමසා බලන්නන්ට දක්ෂිණාංශිකයන්, ප්‍රතිගාමීන්, නව-කොන්සර්වටිව්වාදීන් නැත හොත් ධනේශ්වරයේ කුඩුකේඩු ගැහැණුන් ලෙස චෝදනා කරනු ලබයි. මොවුන් වයිරසය පළමුවෙන් ම ඉලක්ක කරගන්නා වැඩකරන ජනතාවගේ ඉරණම ගැන සැලකිල්ලක් නො දක්වන්නේ යැයි ද චෝදනා කෙරේ. අප අතරින් විද්‍යාව, ව්‍යවහාර ඥානය හා නිදහසේ හා ගැඹුරින් හුස්ම ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධ පුරාණ යෝගී ඥානය අගය කරන්නන්ට ද දත්ත පරීක්ෂා කරන්නන් හා සමහර විට දත්ත මඟින් මෙහෙයවනු ලබන සාක්ෂි මත පදනම් වූ ප්‍රතිපත්තියක් සඳහා අපේක්ෂා රහිත ව නො නවත්වා පරිශ්‍රම දරන්නන්ට ද ලිබරල්වාදීන්, සුළුතර ජන කොටස්වල අයිතීන් සඳහා පෙනී සිටින්නන්, කම්කරු සමිති ක්‍රියාකාරීන් හා වාමාංශිකයන් විසින් ප්‍රජාව තුළ වයිරසය පැතිරවීමට දිරි ගන්වන එසේ නැති නම් අපගේ ම ආර්ථික ස්ව-අභිලාෂයන් ගැන පමණක් උනන්දු වන පුද්ගලයන් ලෙස චෝදනා කරනු ලබයි. කෙසේ වෙතත්, OXFAM (ගෝලීය දිළිඳුකම පිටුදැකීමට යොමු වූ සංවිධාන) වාර්තාව සඳහන් කරන පරිදි, “සාගිනි වයිරසය” හා අනෙකුත් සමාජ විද්‍යාඥයන් ලෝක සෞඛ්‍ය සංවිධානයේ කොවිඩ්-19 සම්බන්ධිත නිර්දේශිත ලොක් ඩවුන් ප්‍රතිපත්තිය සාමාන්‍ය ජනයා හා දෛනික වැටුප් උපයන්නන් අතර දිළිඳුකම, සාගතය, සාගින්න හා මන්දපෝෂණය ජනිත කරනවා පමණක් නො ව, මේ කාලය තුළ හා දීර්ඝ කාලීන ව ගෝලීය දකුණෙහි කොවිඩ්-19 වසංගතයෙන් මිය යනවාට වැඩි සංඛ්‍යාවක් එම තත්ත්වය හේතු කොටගෙන මිය යනු ඇත. සමස්ත කොවිඩ්-19 සංසිද්ධිය ම ගෝලීය ඛේදවාචකයක් හා මානව වර්ගයාට එරෙහි දැවැන්ත පරිමාණ අපරාධයක් නො වූයේ නම්, එය දෝෂයන්ගෙන් පිරි හාස්‍යය දනවන නාට්‍යයක් වන්නට තිබිණි.   
මේ ලිපිය මේ මොහොතේ ශ්‍රී ලංකාව තුළ කොවිඩ්-19 වසංගත කතාන්දරය හා ලොක් ඩවුන් කිරීම්වලට පදනම් වී ඇති දත්ත හා වසංගත රෝග ආකෘතීන් විශ්ලේෂණය කිරීමට උත්සාහ දරන්නේ මේ සන්දර්භය තුළ ය. මේ විශ්ලේෂණය පසුගිය වසර සඳහා (2020) ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවෙන් දැනට ලබාගත හැකි ව තිබෙන දත්ත විභාග කිරීමක් මත පදනම් වෙයි. රෝගයේ බරපතළකම හා යෝග්‍ය ප්‍රතිපත්තිමය ප්‍රතිචාර දැක්වීමට දැනට භාවිතා කරනු ලබන රෝගී මරණ අනුපාතිකයට වඩා මේ තාක් දුරට නිවැරදි මිනුම වන ආසාදිත මරණ අනුපාතිකය නිර්ණය කිරීමේ දී ද රෝගයක් පිළිබඳ ඓතිහාසික හා සන්දර්භමය විශ්ලේෂණයක් අවශ්‍ය වෙයි.   


පසුගිය වසර එක හමාර තිස්සේ දේශීය වශයෙන් මෙන් ම ගෝලීය සන්දර්භයක් තුළ, රෝගීන් හා මරණ සංඛ්‍යාව පිළිබඳ ආකූලකාරී, පරස්පර විරෝධී පණිවුඩ රැගත් තොරතුරු වසංගතයක් ද එන්නත් හා වයිරස බලපත්‍ර යුද්ධය හා භූ දේශපාලනය ද අඛණ්ඩ ව ජාන ව්‍යුහ විපර්යාසයන්ට ලක්වන වයිරස ප්‍රභේද - ඇල්ෆා, බීටා, ගැමා, ඩෙල්ටා, ධන, සෘණ, වර්ගායිත ප්‍රභේදවල සිට එප්සිලෝන්, ශිටා, තීටා, මෙගා දක්වා පිළිබඳ කතාන්දර සමඟ කොවිඩ් වසංගතය විකසනය වෙමින් තිබෙන අතර, මේ ලිපිය වමේ, දකුණේ දේශපාලනය හා අනන්‍යතා දේශපාලනය පසෙකට ලා කොවිඩ්-19 දත්ත ඒවා නිපදවන හා ආකෘති ගන්වනු ලබන විධික්‍රම ශ්‍රී ලංකාවේ සන්දර්භය හා රටට සුවිශේෂි දත්ත පදනම් කර ගනිමින් විභාග කරයි.   


පීසීආර් පරීක්ෂණ, ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල පෙන්වන සංඛ්‍යා ක්‍රීඩාව හා දත්ත වංචාව   


කොරෝනා වයිරස් පරීක්ෂණ සඳහා ඒවා “රන් මිනුම” ලෙස ප්‍රචාරණය කරනු ලැබුවේ නමුදු, එක්සත් ජනපදයේ සීඩීසී (රෝග පාලන මධ්‍යස්ථානය) ආයතනය ගෝලීය වශයෙන් පෘථුල ලෙස යොදා ගනු ලබන වර්තමාන කොවිඩ්-19 පීසීආර් පරීක්ෂණ සම්බන්ධයෙන් ලබා දී තිබූ හදිසි අවස්ථාවන් සඳහා භාවිතා කිරීමට දී තිබූ අවසරය අහෝසි කර තිබේ. සීඩීසී ආයතනය මේ වසර අවසන් වන විට වර්තමාන පීසීආර් පරීක්ෂණ නතර කර දැමීමට නියමිත ය. එකී පරීක්ෂණ ඉන්ෆ්ලුඑන්සා හා කොවිඩ්-19 රෝගීන් අතර වෙනස හඳුනා ගැනීමට ප්‍රමාණවත් මට්ටමක නො පැවතීම ඊට හේතුව යි. වැඩිදුර තොරතුරු සඳහා පහත සඳහන් වෙබ් අඩවියට පිවිසෙන්න.   


https://www.cde.gov/csels/dls/locs/2021/07-21-2021-lab-alert-changes CDC RT-PCR SARS-COV-2 Testing.html   
ශ්‍රී ලංකාව දැනට බහුල සෙම්ප්‍රතිශ්‍යාව, ඉන්ෆ්ලුඑන්සාව හා ඩෙංගු යන රෝග වැළඳුණු රෝගීන්ගේ තියුණු ඉහළ යාමක් පෙන්නුම් කරයි. නිවර්තනීය කලාපයට අයත් රටවල් මෝසම් සෘතුව තුළ වාර්ෂික ව මෙම රෝගවලින් දැඩි ව පීඩා විඳියි. කෙසේ වෙතත්, ඉන්ෆ්ලුඑන්සා රෝගීන් හා මරණ කොවිඩ්-19 රෝගීන්ගෙන් හා මරණවලින් විස්ථාපනය වීම හේතු කොටගෙන අතුරුදන් වී තිබෙන බව පෙනෙන්නට තිබේ. පීසීආර් පරීක්ෂණවලට ෆ්ලුඑන්සාව හා කොවිඩ්-19 වෙන් කර හඳුනා ගත නො හැකි වීම හේතු කොටගෙන සංඛ්‍යා ලේඛන හා දත්ත තුළ කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාව විශාල පරිමාණයෙන් ඉහළ ගොස් තිබේ. දැනට භාවිතයේ පවතින පීසීආර් පරීක්ෂණවලින් ඉවත් වන බවට එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය (CDC) ගෙන තිබෙන තීරණය ඉතා වැදගත් වෙයි. මක් නිසා ද යත්, ශ්‍රී ලංකාව තුළ ඊනියා කොවිඩ්-19 රෝගීන්ගෙන් බොහොමයක් මේ කාලය තුළ සෘතුමය ෆ්ලුඑන්සාවට ගොදුරු වූවන් බව පෙනෙන්නට තිබෙන හෙයිනි.   


කොරෝනා වයිරස අංශූන් හා ඒවායේ ප්‍රමාණය විශාලිත කිරීමට හා හඳුනා ගැනීමට භාවිත කරනු ලබන විවිධ පීසීආර් හෝ චක්‍රීය ප්‍රමාණිකරණ අනුපාතිකයන්ගේ (Cycle Threshold rates) ප්‍රයෝජනය සම්බන්ධිත ව පැනනැඟී ඇති රෝග විනිශ්චයාත්මක සාවද්‍යතාව පිළිබඳ ව දැඩි අවධානයක් යොමු වීම හේතු කොටගෙන එක්සත් ජනපදයේ රෝග පාලන මධ්‍යස්ථානය දැනට භාවිතයේ පවතින පීසීආර් පරීක්ෂණ ක්‍රමය මේ වසරේ අත්හරිනු ඇත. මේ පරීක්ෂණවල ප්‍රතිඵලයක් ලෙස විශාල දෝෂ සහිත ප්‍රතිඵල නිකුත් කෙරෙන අතර විශේෂයෙන් ම දැනට ප්‍රචලිත ව පවත්නා ඉන්ෆ්ලුඑන්සා සමය තුළ ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල විශාල කොට දක්වනු ලබයි. කොවිඩ්-19 වයිරසීය අනුක්‍රමය හඳුනා ගැනීමට යොදාගනු ලබන විශාලිත කිරීමේ චක්‍රීය ප්‍රමාණීකරණ අනුපාතිකය යෝග්‍ය පරිදි හා විනිවිද භාවයෙන් යුතුව (එනම් පුද්ගලයාගේ පීසීආර් පරීක්ෂණ වාර්තාව තුළ පෙන්නුම් කරනු ලබන පරිදි) භාවිත නො කළ හොත් කොවිඩ්-19 ප්‍රතිඵල සාවද්‍ය විය හැකිය. ශ්‍රී ලංකාවේ රසායනාගාර තුළ චක්‍රීය ප්‍රමාණීකරණ චක්‍ර 30ට වැඩි වාර ගණනක් යොදාගනු ලබන බවට වාර්තා පවතී. නිර්දේශිත චක්‍රීය ප්‍රමාණීකරණ පීසීආර් පරීක්ෂණ වාර ගණන 26 ඉක්මවා ගියහොත් ව්‍යාජ ධනාත්මක ප්‍රතිඵල ලබාදීමට නැඹුරු වන අතර, එහි ප්‍රතිඵලයක් ලෙස සෘතුමය ඉන්ෆ්ලුඑන්සාවට ලක් වී සිටින පුද්ගලයන් කොවිඩ්-19 රෝගීන් ලෙස රෝග විනිශ්චය කෙරෙනු ඇත! මේ කාලය තුළ ඉන්ෆ්ලුඑන්සාව හා ඒ සමාන රෝග ලක්ෂණ පෙන්නුම් කරන ඩෙංගු රෝගය හේතු කොටගෙන රෝගීවන පුද්ගලයන් හා මරණ සංඛ්‍යාව කොවිඩ්-19 රෝගීන් හා මරණ සංඛ්‍යාවලට ඇතුළත් කරන බව පෙනෙන්නට තිබේ.   


2014 දී ලෝක සෞඛ්‍ය සංවිධානය ප්‍රකාශයට පත් කළ සංඛ්‍යා ලේඛනවලට අනුව ශ්‍රී ලංකාව තුළ සිදු වී ඇති මුළු මරණ සංඛ්‍යාවෙන් ඉන්ෆ්ලුඑන්සාව හා නියුමෝනියාව නිසා සිදු වී ඇති මරණ සංඛ්‍යාව 7,292ක් (5.7%) විය. වයස් අනුව සකසන ලද මරණ අනුපාතිකය ජනගහනයෙන් 100,000කට 35.8කි. සංසන්දනාත්මක අරමුණු සඳහා එය සැලකිල්ලට ගැනීම වැදගත් ය.   

 

 

 

මතු සම්බන්ධයි

සකස් කළේ 
සේපාල විජේසේකර