පොසොන් පොහොය අදයි


අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේ සිරිලකට සැපත් වූ ඒ අසිරිමත් පොසොන් පුර පසළොස්පොහොය දිනය අදයි. මෙම පොහොයේ සුවිශේෂී වැදගත් සිදුවීම් මෙසේය මහින්දාගමනය දු මාහිමියන්ගේ ප්‍රථම ධර්ම දේශනාව පැවැත්වීම කට රජ කළ දෙවන පෑතිස් රජතුමා ප්‍රධාන පිරිස ක් තෙරුවන් සරණ යාම මෙරටදී සිදුකළ ප්‍රථම මහණ උපසම්පදාව සහ ප්‍රථම වරට රහත්භවයට පත්වීම. ඉන්දියාවේ පැවැත්වූ තෙවන ධර්ම සංගායනාවෙන් පසුව මොග්ගලීපුත්තතිස්ස මහරහතන් වහන්සේ ධර්මාශෝක මහා අධිරාජයාගේ න්න සහාය ලබාගෙන පූජනීය රටවල් නමයකට ධර්මදූතයන් වහන්සේලා පිටත්කොට යැවූහ ඒ අතරින් මිහිඳු මහ රහතන් වහන්සේ ‍ ගේ ප්‍රධානත්වයෙන් ඉට්ඨිය ,උත්තිය,සම්බල, භද්දසාල යන මහ , රහතන් වහන්සේලා පස් නමක් එම ගමනට ඇතුළත් විය ඊට අමතරව සුමන සාමණේරයන් වහන්සේත් බණ්ඩුක උපාසකතුමාත් ඇතුළත් විය. සම්බුද්ධ පරිනිර්වාණයෙන් දෙසීය සතිස් වැන්නෙහි පොසොන් පුර පසළොස්වක පොහෝ දින මෙම පිරිස ශ්‍රී ලංකාවේ මිහින්තලයට වැඩම වූහ. ශාසන ඉතිහාසය ඇසුරෙන් මෙම තොරතුරු ලබා දුන් සද්ධර්ම කීර්ති ශ්‍රී ත්‍රිපිටකාචාර්ය පූජ්‍ය දිව්‍යා ගහ යසස්සී නාහිමියන් වහන්සේට අපගේ නමස්කාර පූර්වක බැතිබර ස්තුතිය පුද කරමු (ආරියරත්න රණබාහු) .