IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා

(අංජුල මහික වීරරත්න)

ආණ්ඩුවට එරෙහිව තැන තැන සුන්බුන් කොටස් එකතු වෙමින් තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඉල්මහ විරු සමරුව අමතමින් අද පැවසීය.

දොන් ජුවන් ධර්මපාලලා සහ කැප්පෙටිපොළලා එකට එකතු වී සිටින බවද ජනාධිපතිවරයා කීය.

ජනතා විමුක්ති පෙරමුණේ නිර්මාතෘ රෝහණ විජේවීර මහතා ඇතුළු අරගලයේදී මිය ගිය ජවිපෙ සාමාජිකයන් සැමරීම සඳහා වන ඉල්මහ විරු සමරුව කොළඹ විහාරමහාදේවී එළිමහන් රංග පීඨයේ දී පැවැත්විණි.

ජනතා විමුක්ති පෙරමුණේ නායක ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඇතුළු දේශපාලන මණ්ඩල සභිකයන් සහ සාමාජිකයන් විසින් මල් කළඹ තබා ජවිපෙ නිර්මාතෘ රෝහණ විජේවීර ඇතුළු විරුවන්ට පුෂ්පෝපහාර පුද කිරීම සහ විරු පිළිරුව අසල පහන් දල්වා ආචාර පැවැත්වීමද මෙහිදී සිදුු කෙරිණි.

විරුවන් වෙනුවෙන් විමුක්ති ගී ගායනයක්ද පැවැත්විණි.

"පාදම දිරපු රටක් අප ශක්තිමත් අත්තිවාරමක් මත යළි ගොඩ නඟා තිබෙනවා.අප ආයෝජකයන්ට කර්මාන්තකරුවන්ට ඒ පාදමේ ආයෝජනය කරන ලෙස ආරාධනා කරනවා.

ඒ වගේම දේශප්‍රේමීන් සහ දේශද්‍රෝහීන් යැයි කියා ගත් අය එකට එකතු වී සිටිනවා.මේ දේශපාලන විපර්යාසය මොකක්ද? මේ සහවාසයට හේතුව කුමක්ද? මොවුන් එකට හොරකමේ ගිය අය. එකට අපරාධ කරපු අය. ජනතා උවමනා සහ ආණ්ඩුවේ උවමනා සමපාත වූ ආණ්ඩුවක් දැන් හැදිලා තියෙනවා.දැන් බේදකින් තොරව දොන් ජුවන්ලගේ වගේම කැප්පෙටිපොළලාගේ උදවිය හිරේ ඉන්නවා.භේදයකින් තොරව හැම නඩුවකදීම ඔක්කොටම එක වගේ ලෙඩ හැදෙනවා.

ඔවුන් මුහුණ දුන් ප්‍රශ්න සඳහා ඔවුන් එකතු වෙලා තියෙනවා. මේවා ජනතාවගේ ප්‍රශ්න නොවේ යැයි ජනාධිපතිවරයා පැවසීය.

(සුමුදු හේවාපතිරණ)

 

 



අදහස් (0)

කැප්පෙටිපොළලා- දොන් ජුවන් ධර්මපාලලා එකතු වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site