IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


ඇමේරිකාවට ශතය එපා වේ

(විමුක්ති එස් රුද්‍රිගු)

වසර 230 ක කාලයක් ඇමෙරිකාව තුළ සංසරණය වූ ශතයේ කාසිය මුද්‍රණය කිරීම නැවත්වීමට ඇමෙරිකාව තීරණය කර ඇත.

අවසන් ශතයේ කාසි තොගය පෙරේදා(12) මුද්‍රණය කිරීමට ඇමෙරිකාව කටයුතු කළේය.

මුද්‍රණය කර ඇති ශතයේ කාසි අඛන්ඩව වෙළෙඳපොළ තුළ සංසරණය වනු ඇති නමුත් නැවතත් ශතයේ කාසිය මුද්‍රණය නොකරන බව ඇමෙරිකානු රජය ප්‍රකාශ කර ඇත.

ඇමෙරිකානු ඩොලර් බිලියන 300 ක පමණ ශතයේ කාසි ප්‍රමාණයක් ඇමෙරිකාව තුළ තිබුනත් ඉන් සියයට 60 ක පමණ ප්‍රතිශතයක් තිබෙන්නේ සල්ලි කැට තුල බව එරට රජය පැවැසුවේය.

ඒ හේතුවෙන් සංසරණය වන්නේ සියයට 40 ක පමණ ප්‍රමාණයක් බවද ඇමෙරිකානු රජය ප්‍රකාශ කළේය.

ඇමෙරිකාව ප්‍රථම වතාවට ශතයේ කාසිය මුද්‍රණය කර ඇත්තේ 1793 වසරේ බවත් ශතයේ කාසිය මුද්‍රණය කිරීම නැවැත්වීමෙන් වසරකට ඇමෙරිකානු ඩොලර් මිලියන 56 ක මුදලක් ඉතිරි කර ගැනීමට බලාපොරොත්තු වන බවත් ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.

 



අදහස් (0)

ඇමේරිකාවට ශතය එපා වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 703 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2372 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1738 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site