පුත්තලමේ එළවලු -පළතුරු අක්කර 15000ක් විනාශයි


(හිරාන් ප්‍රියංකර ජයසිංහ)

මහ වැසිත් සමඟ ගලා ආ දැවැන්ත ජල කදට කල්පිටිය අර්ධද්විපයෙ එළවළු හා පළතුරු අක්කර 15000 කට වැඩි ප්‍රමාණයක් විනාශ වි ඇති බවත් එහි පාඩුව රුපියල් කෝටි සිය ගණනක  තරමක අලාභයක් සිදුව ඇති බව කල්පිටිය වගාකරුවෝ පවසති.

 වගාකරුවන් පවසන්නේ තමන් මේ වසරේ අවස්ථා කිපයක් ගංවතුරට හසුවු නමුත් මෙතරම් විනාශයක් සිදුනොවු බවයි. නමුත්  මෙවර ඒ සියල්ලම මකා දමමින් ගලා ආ දැවැන්ත ජල කදට තම වගාබිම් සියල්ලම වැනසි ගිය බවද  ඔවුහු කියති.

කල්පිටිය අර්ධද්විපයෙ කරඹ, සේතපොල, දළුව, නිර්මලපුර, නාවක්කාඩුව, මාම්පුරිය, නාරක්කල්ලිය ,පනිඅඩිය, නොරෝච්චෝල ,පුලච්චේන ,කොයිවාඩිය, එත්තාල, ඉලන්තඩිය, පාලකුඩා, තලවිල, ආලංකුඩා, කන්දකුලිය, කුරක්කන්හේන, එරඹුගොඩැල්ල, මුසල්පිටිය,පල්ලිවාසල්තුරේ,තේලිය,කල්පිටිය.ඇතුළු ගම්මාන වල වගාබිම් මෙලෙස දරුණු ලෙස ජලයෙන් යටවි විනාශ වී ඇති බව කියයි.

වගාකරුවන් පවසන්නේ පැවති මහ වැසි සමග ගලා ආ ජලයෙන් වගා බිම් මේ වන විටත් පිරි ඇති බවයි.එම ජලය තම වගා බිම් වලින් ඉවත් කිරීමට මේ වනවිට බැකෝ යන්ත්‍ර යොදා ගනිමින් අගල් කපමින් ඉවත් කරමින් ඇති බව වගාකරුවෝ කියති.