ඒ.අයි තාක්ෂණයෙන් දැරියන් නිරුවත් කළ සිසුන් දෙකක් රිමාන්ඩ්


(චමිලා අල්විස්)

මෙවර සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන  පාසල් සිසුවියන් සිව් දෙනකුගේ මුහුණුවලට  ඒ අයි තාක්ෂණයෙන්  නිරුවත් ශරීර බද්ධ කර පාසලේ වට්සැප් සමූහයන්වල සංසරණය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකාර පාසල් සිසුන් දෙදෙනකු මෙම මස 13 වෙනි දක්වා රිමාන්ඞ් භාරයේ තබන ලෙස හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා අද නියෝග කළේය.

එම සිසුන් දෙදෙනා බන්ධනාගාරයෙන් පාලනය වන ළමා රැඳවූම් මධ්‍යස්ථානයට යොමු කරන ලෙස බන්ධනාගාර අධිකාරීවරයාට මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් නියෝග කළේය.

එක් දියණියකගේ පියකු මෙම ඡායාරූප දැක ඒ සම්බන්ධයෙන් පොලිසිය පැමිණිලි කිරීමෙන් පසු සැකකාර සිසුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව අධිකරණයේදි කියැවිණි.