සියලු‍ම ක්ෂේත්‍රවල ගුරුවරුන්ට බලපත්‍රයක්


සුජිත් හේවාජුලිගේ

සියලු‍ම ක්ෂේත්‍රවල ගුරුවරුන් සඳහා බලපත්‍ර ක්‍රමයක් හඳුන්වාදීමට යෝජනාවී ඇති බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මෙම ක්‍රමවේදය නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට යොමු කර පවතින නෛතික තත්ත්වයන්ට ගැලපෙන අයුරින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව එය සකස් කරන බව අධ්‍යාපන සහ උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න පැවසීය.  

සියලු‍ම ගුරුවරුන්ට ඉදිරියේදී මේ ක්‍රමවේදයට අනුගතවීමට සිදුවෙන බවද ඔහු කීය.

යෝජනා වී ඇති ආකාරයට ගුරුවරුන් හැටියට ක්‍රියාත්මකවීමට  ලියාපදිංචියක් සහ බලපත්‍රයක් ගත යුතු බවත් මෙය රජයේ යෝජිත ප්‍රතිපත්තිය බවත් නියෝජ්‍ය අමාත්‍යවරයා පැවැසීය.

අධ්‍යාපන සභාවෙන් කෙරෙන්නේ ගුරු වෘත්තියේ වෘත්තීයභාවය රැක ගැනීම බවත් ගුරුවරුන්ට තිබිය යුතු සුදුසුකම් සහ නිර්ණායක එතැනින්  තීරණය කෙරෙන බවත් ඔහු වැඩිදුරටත් කීය.