සුජිත් හේවාජුලිගේ
විශ්වවිද්යාලවලට ආචාර්යවරුන් 2000 ක් බඳවාගැනීමට අනුමැතිය ලබාගෙන ඇතැයි අධ්යාපන උසස් අධ්යාපන සහ වෘත්තීය අධ්යාපන ඇමැතිනී අග්රාමාත්ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
පේරාදෙණිය ඇතුළු සමහර විශ්වවිද්යාලවල පසුගිය වසර දෙකේදී සියයට පනහක හෝ බඳවා ගැනීම් කර නැතැයි පැවසූ අගමැතිවරිය මේ සම්බන්ධයෙන් තමා උපකුලපතිවරුන් සමග සාකච්ඡා කළ බවද සඳහන් කළාය.
සියයට 75 කට වැඩියෙන් බඳවාගත් විශ්වවිද්යාලවලට නව බඳවා ගැනීම් සඳහා අනුමැතිය දෙන බව ඇය කීවාය. මේ අතර විශ්වවිද්යාල සඳහා නේවාසිකාගාර පනස් පහක් ඉදිකිරීමට අනුමැතිය ලබාගෙන ඇතැයි ඇය වැඩිදුරටත් කීවාය.
ඒවා වැඩි ප්රමාණයක් ඈත දුෂ්කර ප්රදේශවල ඉදිකෙරෙන බව අධ්යාපන අමාත්යාංශය පවසයි.

