සුජිත් හේවාජුලිගේ
විදුලි බිල වැඩි කිරීමට අදහසක් නැතැයි වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය ආචාර්ය අනුර කරුණාතිලක “ඉරිදා ලංකාදීප”යට පැවසීය.
විදුලි බිල වැඩි කිරීමට ඉල්ලීමක් හෝ නොකරන බව ඔහු සඳහන් කළේය. යම් පාඩුවක් තිබේ නම් එය සමාගම් අතරේ පියවා ගැනීමට බලාපොරොත්තු වන බව අමාත්‍යවරයා කීය.
කෙසේ වෙතත් විදුලි බිල වැඩි කිරීම පිළිබඳ අවසාන තීරණය මහජන උපයෝගීතා කොමිෂන් සභාව සතු බව අනුර කරුණාතිලක වැඩිදුරටත් කීය.
ශ්‍රී ලංකාවේ අවසන් වරට විදුලි බිල වැඩි කරනු ලැබුවේ 2026 මැයි මස 11 වැනිදාය. විදුලි බිල වැඩි කිරීමට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල නිර්දේශ කර ඇති බව ආරංචි මාර්ග සඳහන් කරයි.

