රිපෝට් බලන්නත් ඇතැම් දොස්තරලා මුදල් ගන්නවලු!


කොළඹ හා තදාසන්න ප්‍රදේශවල පිහිටි ඇතැම් ජනප්‍රිය පෞද්ගලික රෝහල්වල රෝගීන් පරීක්ෂා කරන සමහර විශේෂඥ වෛද්‍යවරුන් ඔවුන් නිර්දේශ කරන පරීක්ෂණවල වාර්තා බැලීමට ද මුදල් අය කරන බවට රෝගීහු චෝදනා කරති.

රෝගීන් පරීක්ෂා කරන දිනයේ සිට දින හතක් ඇතුළත පරීක්ෂණ වාර්තා නොමිලේ බැලීම බොහෝ ව්‍යෛවරුන් විසින් සිදු කරනු ලැබුව ද ඇතැම් වෛද්‍යවරුන් එයින් බැහැරව පරීක්ෂණ වාර්තා බැලීමට නැවත දිනයක් වෙන් කර ගත යුතු යැයි පවසන බව ද රෝගීහු කියති.

පෞද්ගලික රෝහල්වල නියාමනය සිදු කරන ආකාරය පිළිබඳ දැනගැනීමට සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය හංසක විජේමුනි දුරකථනය ඔස්සේ සම්බන්ධ කර ගැනීමට උත්සාහ කළ ද එය ව්‍යර්ථ විය.