IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


ලොකු ලූනු වලට ස්ථාවර මිලක්

(අංජුල මහික වීරරත්න)

ගොවියාට අසාධාරණයක් නොවන අන්දමින් ලොකු ලූනු සඳහා ස්ථාවර මිලක් නියම කිරීමට රජය තීරණය කර තිබෙන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැවසීය.

දේශීය ලොකු ලූනු ගොවීන් මුහුණ දී සිටින ගැටලු විසඳීමට ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කිරීම පිළිබඳ එම ගොවීන් සමඟ කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත, වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී අද (17) පැවැති සාකච්ඡාවකදී මේ බව අවධාරණය කෙරිණි.

ගබඩාකරණය ඇතුළු ගොවින්ගේ පහසුකම් පුළුල් කිරිමට ගත හැකි පියවර පිළිබඳවද මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා විය.

වී වගාව කෙරෙහි දීර්ඝ කාලයක් පුරා අවධානය යොමු කරමින් වී ගොවියා ආරක්ෂා කර ගැනීමට නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කර තිබුණද අනෙකුත් බෝග පිළිබඳ නිශ්චිත වැඩපිළිවෙළක් රටේ මෙතෙක් සකස් කර නොමැති බව මෙහිදී පෙන්වා දුන් අමාත්‍ය ලාල්කාන්ත මහතා දේශීය ලොකු ලූනු ගොවීන්ගේ ගැටලු විසඳීමට රජයක් ලෙස නිශ්චිත වැඩපිළිවෙළක් සකස් කෙරෙන පළමු අවස්ථාව මෙය බව කීය.

සියලු ගොවීන් ආරක්ෂා කර ගනිමින් ඔවුන්ගේ ජීවන තත්ත්වය උසස් කිරීම වත්මන් රජයේ අරමුණ බවද අමාත්‍යවරයා සඳහන් කළේය.

ලොකු ලූනු ගොවීන්ගේ ගැටලුවට විසැදුම් සෙවීමේදී එම ගැටලුවලට ප්‍රමුඛතාව ලබා දෙන අතරම පාරිභෝගිකයාට දැරිය හැකි මිලකට ලූනු ලබා ගැනීමට අවස්ථාව සලසා දෙමින් ඊට විසදුම් සෙවීමේ අවශ්‍යතාව මෙහිදී අවධාරණය කෙරිණි.

එම තීන්දු තීරණ ගැනීමේදී නිවැරදි දත්ත මත පදනම්ව කටයුතු කිරීමේ අවශ්‍යතාවද අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පැහැදිලි කළේය.



අදහස් (4)

ලොකු ලූනු වලට ස්ථාවර මිලක්

වීරසේකර Monday, 17 November 2025 04:33 PM

21 වැනිදට බයවෙලා නන්දොඩවනවා. ලොකු ලූණු ගොවියාට වෙන්න ඕන නස්පැත්තිය වෙලා ඉවරයි.

:       14       9

pradeepMonday, 17 November 2025 05:45 PM

බයවෙන්න ඕනෙ රට විනාශ කරපු නුඹලාගේ නඩේ...

:       0       0

swene Monday, 17 November 2025 06:48 PM

21 වෙනිදාට රඟපෑමට ඉන්න නළුවන්ගේ රූප පුච්චලා...

:       0       0

දිමුත් Monday, 17 November 2025 06:57 PM

එතකොට පාරිභෝගිකයා? ඕවා වවන එක පාඩුයි නම් රටින් ගෙන්නන්න නිකං බොරු වැඩ නොකර!

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 21 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 867 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2500 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site