IMG-LOGO

2025 නොවැම්බර් මස 17 වන සඳුදා


වතු කම්කරු පඩි වැඩිකිරීමට රජයේ මුදල් වෙන්කිරීමට විරෝධය

(යොහාන් භාසුර)

වතු කම්කරුවන්ගේ වැටුප් ඉහළ දැමීමට මෙවර අයවැයෙන් රජයේ මුදල් රුපියල් කෝටි 500 ක් වෙන්කිරීම සම්බන්ධයෙන් සාකච්ඡා කරමින් සිටින බවත් ඒ සම්බන්ධයෙන් ගන්නා ක්‍රියාමාර්ගය පිළිබඳ අවසන් තීරණයට ලබන 19 වැනිදා එළඹෙන බවත් නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමයේ සම කැඳවුම්කරු ඇන්ටන් මාකස් මහතා අද (17) පැවසීය.

එම මුදල් වෙන්කිරීම සම්බන්ධයෙන් මේ වන විට අධ්‍යනය කරමින් සිටින බව කී ඇන්ටන් මාකස් මහතා එම අධ්‍යනයෙන් පසුව අවසන් තීරණයකට එන බව ද සඳහන් කළේය.

නිදහස් වෙළඳ කලාප සහ පොදු සේවා සේවක සංගමය සමඟ තවත් විශාල සේවක සංඛ්‍යාවක් නියෝජනය කරන වෘත්තිය සමිති රැසක් සන්ධානගතව සිටියි.

වතු කම්කරුවන්ගේ දැනට පවතින රුපියල් 1,350 ක් වන දෛනික වැටුප රුපියල් 1,750 ක් දක්වා වැඩි කරන්න මෙවර අයවැයෙන් යෝජනා කර ඇති අතර එම වැඩි වන රුපියල් 400 න් රුපියල් 200 වතු හිමියාත්, ඉතිරි රුපියල් 200 ක මුදල රජය රජයත් ගෙවීමට අයවැයෙන් යෝජනා කළේය.

 



අදහස් (0)

වතු කම්කරු පඩි වැඩිකිරීමට රජයේ මුදල් වෙන්කිරීමට විරෝධය

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 22 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 868 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2501 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

Our Group Site