දණහිස් ඇටයක් ලක්ෂ තුනහමාරයි


නිරෝෂාන් ප්‍රේමරත්න

අස්ථි ශල්‍ය කර්ම සඳහා අවශ්‍ය කරන දණ හිස් ඇට (Artificial knee Transplant) උපකරණ රජයේ රෝහල් රැසකම හිඟව පවතින නිසා දණහිස් ඇට පුද්ගලික අංශයෙන් මිලට ගෙන ශල්‍යාගාරවලට රැගෙන එන ලෙස රෝගීන්ට පැවසීම දැන් සාමාන්‍ය කරුණක් බවට පත්ව ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සංගම් සභාපති විශේෂඥ චමල් සංජීව පෙන්වා දෙයි.

දණ හිස් ඇට මිලදී ගැනීම සඳහා රෝගියා විසින් අදාළ ඖෂධ සමාගමට රුපියල් ලක්ෂ තුනහමාරකට අධික මුදලක් ගෙවීම සිදු කළ යුතු වන අතර ඉන් පසුව සමාගමේ නියෝජිතයන් විසින් අවශ්‍ය කරන උපකරණය ශල්‍යාගාරයට ගෙනැවිත් භාර දීම සිදුකරන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. 

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරිය මගින් ස්නායු ශල්‍ය වෛද්‍ය උපකරණ අලෙවි කිරීම හා මෙම ක්‍රියාව අතර වැඩි වෙනසක් නොමැති බව ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි.