ගිය වසරේ වැඩවර්ජනවල පාඩුව මෙන්න


සුජිත් හේවාජුලිගේ

රට පුරා පසුගිය වසරේ (2024) සිදුවූ වැඩ වර්ජන දහතුනකින් මිනිස් දින 46,769ක් අහිමිවී ඇතැයි කම්කරු දෙපාර්තමේන්තුව පවසයි.

මෙම වැඩ වර්ජනවලට සහභාගිවී ඇති සේවක සංඛ්‍යාව 8,134කි. වතු අංශයේ වැඩවර්ජන හතරක් ක්‍රියාත්මක වී ඇති අතර ඒවාට සහභාගි වී ඇති සේවක සංඛ්‍යාව 1,199කි. එම වතු වැඩවර්ජනවලින් අහිමි වී ඇති මිනිස් දින ගණන 5879කි.

නිෂ්පාදන අංශවලින් වැඩ වර්ජන අටක් වාර්තා වී ඇති අතර  එම වැඩ වර්ජනවලට සහභාගි වූ සේවක සංඛ්‍යාව 6675කි. ඉන් අහිමි වී ඇති මිනිස් දින සංඛ්‍යාව 35170 කි.

අර්ධ රාජ්‍ය අංශයේ වැඩවර්ජන එකක් සිදුවී ඇති අතර ඊට සහභාගි වී ඇති සේවක සංඛ්‍යාව දෙසිය හැටකි. එම වැඩවර්ජනවලින් අහිමි වී ඇති මිනිස් දින සංඛ්‍යාව 5,720කි. මේ තොරතුරු සඳහන් වෙන්නේ කම්කරු දෙපාර්තමේන්තුවේ 2024 වාර්ෂික වාර්තාවේ ය.