අවුරුදු සමයේ භාණ්ඩ මිල පහතට


ඉන්දික හේවාවිතාරණ


පසුගිය වසරේ අලු‍ත් අවුරුදු උත්සව සමයේදී පැවැති භාණ්ඩ මිලට සාපේක්ෂව මෙවර භාණ්ඩ මිල සියයට 20-40 අතර ප්‍රමාණයකින් ද, තොග අලෙවිය සියයට විසිපහකට ආසන්න ප්‍රමාණයකින් ද අඩු වී තිබෙන බව සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ කර්මාන්ත කරුවන්ගේ සංගමය සඳහන් කරයි.

අලු‍ත් අවුරුදු සමයට අදාළ තොග අලෙවිය මේ මාසයේ පළමු සති හතර තුළදී සිදුවන බවත්, ඩොලරය අවප්‍රමාණ වී රුපියල ශක්තිමත් වී තිබෙන නිසා නිමි ඇඳුම්, ප්ලාස්ටික්, ඇලු‍මිණියම් භාණ්ඩ, මැටි භාණ්ඩ, බිස්කට් වර්ග, පොලිතීන්, සපත්තු, පොත් බෑග්, කුළුබඩු හා විසිතුරු භාණ්ඩ විශාල වශයෙන් මෙවර නිෂ්පාදනය කර තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.
නිමි ඇඳුම් මිල පසුගිය වසරට සාපේක්ෂව විශාල ලෙස  අඩු වී තිබෙන බවත්, සමහර වර්ගයේ නිමි ඇඳුම්වල මිල අඩුවීම සියයට හතළිහක් පමණ වන බවත්, මීට අමතරව පොදුවේ අනෙකුත් භාණ්ඩ මිල සියයට විස්ස හා තිහ අතර මුදලකින් අඩු වී තිබෙන බවත් හෙතෙම පැවසීය.
බිත්තර හා  කුකුළු මස් මිල ද සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු වී තිබෙන බවත්, පසුගිය වසරේ අවුරුදු සමයේදී බිත්තරයක තොග මිල රු. 55 - රු. 58 අතර මුදලක පැවතුණත් මේ වන විට බිත්තරයක තොග මිල රු. 40 - රු. 42දක්වා පහත වැටී තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය. 
රුපියල් 1300කට ආසන්න තොග මිලකට අලෙවි වූ කුකුළු මස් කිලෝවක තොග මිල මේ වන විට රුපියල් 1000ක් දක්වා පහත වැටී තිබෙන බවත්,  පොල් තෙල්, විවිධ බයිට් වර්ග හා රසකැවිලි මිල ද පසුගිය වසරේ අවුරුදු සමයට  සාපේක්ෂව මේ වන විට සැලකිය යුතු මුදලකින්  අඩු වී තිබෙන බවත් නිරුක්ෂ කුමාර මහතා පැවසීය.
ලංකාවේ ලූනු....
එම වාර්තාවල සඳහන් වන අන්දමට 2021 වර්ෂයේ දී මෙරට සිටි බී ලූනු ගොවීන් සංඛ්‍යාව 9269 කි. 2022 වර්ෂයේදී බී ලූනු  ගොවීන් සංඛ්‍යාව 6517ක් දක්වාද,  2023 වර්ෂයේදී එම සංඛ්‍යාව 1263ක් දක්වා ද පහත බැස තිබූ බව මහාචාර්යවරයා කීවේය.
මේ අතර 2021 වර්ෂයේදී මේ රටේ බී ලූනු වගා කෙරුණු හෙක්ටයාර්  ප්‍රමාණය 3270කි. එය 2022  වර්ෂයේ දී 2220 ක් දක්වා ද  2023 වර්ෂයේ දී හෙක්ටයාර් 356 ක් දක්වාද පහත  බැස තිබූ බව අතුකෝරළ මහතා පැවසීය. මේ අනුව රටේ බී ලූනු වගා කෙරුණු භූමි ප්‍රමාණය සියයට 89කින් අඩු වී ඇත. 
ඉකුත් 2021 වර්ෂයේ දී නිෂ්පාදනය කරන ලද බී ලූනු ප්‍රමාණය මෙට්‍රික් ටොන් 68704ක් වන අතර, එම ප්‍රමාණය 2022 වර්ෂය වනවිට 15840ක් දක්වා පහළ බැස තිබිණ. ඊට පසු 2023 වර්ෂය වනවිට එම ප්‍රමාණය 6962 ක් දක්වා තවදුරටත් පහත බැස තිබූ බව වාර්තාවල සඳහන් වන්නේ යැයි ද වසන්ත අතුකෝරළ මහතා කීය.
මන්නාරම, මුලතිව්  සහ  වවුනියාව ප්‍රදේශවල ගොවීන්ගෙන් බහුතරයක් බී ලූනු  වගාවෙන් සම්පූර්ණයෙන්ම ඉවත් වී ඇති බවද ඔහු සඳහන් කළේය.
මේ අතර  විදේශයන්ගෙන් බී ලූනු ගෙන්වීම පසුගිය වසර තුනේදී  වැඩිවී ඇති අතර 2021 වර්ෂයේදී බී ලූනු මෙට්‍රික් ටොන්  257,421ක් මෙරටට ගෙන්වා ඇත. 2022 වර්ෂයේදී බී ලූනු මෙට්‍රික් ටොන් 263,781 ක්ද, 2013 වර්ෂයේ සැප්තැම්බර් මස වනවිට බී ලූනු මෙට්‍රික් ටොන් 239,305ක්ද ආනයනය කර ඇති බව ජන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තු වාර්තා පෙන්වා දෙයි.