- තියෙන ආරක්ෂාව හොඳටම ඇති - රජය කියයි
- ජීවිතයට තර්ජනයක් - මහින්ද පාර්ශ්වය
සුජිත් හේවාජුලිගේ
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් රජය සහ හිටපු ජනාධිපතිවරයාගේ පාර්ශ්වය අතර ඇති වුණු මතභේදය තවදුරටත් උත්සන්නවී ගැටුමකට මුල පුරන තත්ත්වයක් නිර්මාණය වෙමින් පවතින බව වාර්තා වේ.
හිටපු ජනාධිපතිවරයාට ලබාදී ඇති ආරක්ෂාව ප්‍රමාණවත් නොවන බවට මහින්ද රාජපක්ෂ මහතාගේ පාර්ශ්වය දිගින් දිගටම චෝදනා කරද්දී රටේ පවතින තත්ත්වය අනුව එම ආරක්ෂාව ප්‍රමාණවත් බවට රජයේ පාර්ශ්වය දිගින් දිගටම ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙම මතභේදාත්මක තත්ත්වය මතුවී ඇත.
මේ අතර හිටපු ජනාධිපතිවරයාගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් අධිකරණ ක්‍රියාමාර්ග ගැනීමට ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ දැනටමත් තීරණය කර ඇත. මේ සම්බන්ධයෙන් අදහස් දක්වන මහජන ආරක්ෂක නියෝජ්‍ය අමාත්‍ය නීතිඥ සුනිල් වටගල පවසන්නේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කිරීමට තීරණය ගත්තේ නිසි ආරක්ෂක තක්සේරුවකින් අනතුරුව බවයි.
එය එසේ නොවේ යැයි පවසන්නේ නම් ඒ ගැන යළි සලකා බැලීමේ හැකියාව ඇති බවද ඔහු ප්‍රකාශ කළේය.මේ අතර හිටපු ජනාධිපතිවරයාට ඩ්‍රෝන ප්‍රහාරයක් එල්ල වීමේ අවදානමක් ගැන ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ නීතිඥ මනෝජ් ගමගේ පසුගියදා ඉඟියක් කළේය. හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව අඩු කිරීම සම්බන්ධයෙන් ඉදිරි දිනවල පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කිරීමට ශ්‍රී ලංකා පොදු ජනපෙරමුණේ මන්ත්‍රීවරු බලාපොරොත්තු වෙති.
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාවට දෙන්නේ පොලිසියේ හැට දෙනකු පමණි. මහින්ද රාජපක්ෂගේ ආරක්ෂාව වෙනුවෙන් යොදවා සිටි හමුදාවේ 227ක් පසුගියදා ඉවත් කෙරිණ.