සුජිත් හේවාජුලිගේ
නීතිපති දෙපාර්තමේන්තුවේ දක්ෂ නිලධාරීන් පිරිසක් රට අතහැර ගොස් ඇතැයි රජයේ ඉහළ පෙළේ ආරංචි මාර්ග සඳහන් කළේය.
එම දෙපාර්තමේන්තුවේ විශේෂ දක්ෂතා ඇති නිලධාරීන් සීමා වී ඇති බවත් ඒ සීමිත කණ්ඩායමට වැඩි ලිපි ගොනු ප්‍රමාණයක වගකීම පැවරී ඇති බවත් දැනගන්නට ඇත. එක් නිලධාරියකුගේ අත ෆයිල් 200 - 300ක් හිරවීමෙන් පරීක්ෂණවල පමාවක් ඇතිවී තිබෙන බව එම දෙපාර්තමේන්තුව පවසයි. එම අඩුපාඩු දැන් නිවැරදි කරගෙන යන බවත් ඒ සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සැලසීමට රජය පියවර ගෙන ඇති බවත් එහි ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
නීතිපති දෙපාර්තමේන්තුවේ අඩුපාඩු සම්බන්ධයෙන් ජනාධිපතිවරයා සහ නීතිපතිවරයා අතර විශේෂ සාකච්ඡාවක්ද පසුගියදා පැවැත්විණ.