මේෂ රවිය ආරම්භක මොහොතේ සිට මීන රවිය නිමාවන මොහොත තෙක් ව්‍යවහාර ආකාරයට දින 365 කුත් පැය 6 ක කාලයක් ගතවේ. මේ කාලය ඇතුළත දළ වශයෙන් දින 28 1/2 කට වරක් පොළොව වටා ගමන් වාරයක් නිම කරන චන්ද්‍රයා, පොළොව හිරු වටා යන ගමන අනුව රාශි වළල්ලෙහි ස්ථාන 12 කදී හෝ උපරිම 13 කදී පුර පස 14 වන කලාව නිමකර 15 වන කලාවට අවතීර්ණය වේ. අවම සිංහල පැය 53 ක් හෝ උපරිම සිංහල පැය 67 ක් වන මේ පුර 15 කලාවට චන්ද්‍රයා පිවිසි තැන් පටන් පුර 15 කලාව නිමවන තෙක් පුර පසළොස්වක තිථිය ලෙස සලකනු ලැබේ. යම් වර්ෂයක පුර පෝ දින 13 ක් යෙදුණහොත් එයින් එකක් බක්, වෙසක් ආදී මාස වලින් අධි පුර පෝය මාසයක් වන්නේය. යථෝක්ත අධි පුර පොහොය කවරේද යන්න තීරණය කරනුයේ අනුගාමීව සමාන නැකතින්ම පුර පොහොය යෙදුණහොත්ය. මෙහිදී සිත නැකත තුළින් අනුගාමී පුර පෝ දෙකක් යෙදුනහොත් දෙවැන්න අධි බක් පොහොය වන්නේය. විසා නැකත තුළින් අනුගාමීව පුර පෝ දින 2 ක් යෙදුණහොත් දෙවැන්න අධි වෙසක් වන්නේය. මේ ලෙසම පොසොන්, ඇසළ ආදී පොහොයන්ට අදාළ නැකැත්ම අනුගාමීව යෙදුණහොත් යථොක්ත පොහෝ දිනයක් අධි නමින් දක්වනු ලැබේ.
හිරු පොළොව ධූරකය අධිකව පවතින අවස්ථාවන්, පොළොව සඳු ධූරකය අධිකව පවතින අවස්ථාත් වන විට, හිරු වටා යන පොළොව කෝණීය වශයෙන් ගත කරන කාලය අඩු වීමත්, චන්ද්‍රයාගේ ද ධූරකය අනුව, රාශි වළල්ලට ඇතිවන යොමුව මන්දගාමී ලෙස ප්‍රදර්ශනය වන විටත් අනුගාමීව පුර 14 වක තිථිය නිමවීම පෙර නැකතින්ම සිදුවිය හැකිය. මේ තත්ත්වය සාමාන්‍යයෙන් වර්ෂ 13 කට වරක් සහ වර්ෂ 13 බැගින් වන ඒකක කීපයකදී නැවත නැවත සිදුවිය හැකිය.
අධික අවුරුද්දක් ගත වූ පසුව එළැඹෙන 3 වන වර්ෂයේදී, රවි සංක්‍රාන්තිය, උත්තර, දක්ෂිණ අයනය, සෘතු විපර්යාසය ආදිය කැලැන්ඩර දිනයක පෙරාතුව සිදු විය හැකිය. එනම් කිසියම් වර්ෂයක මැයි 1 හෝ අප් 30 හෝ අප් 29 දිනයට හෝ චන්ද්‍රයා විසා නැකත තුළින් පුර පසළොස්වන තිථියට පිවිසීම පවා සිදුවිය හැකිය. එවිට කැලැන්ඩර දින නාමය නොතකා එදින වෙසක් පුර පසළොස්වක ලෙස සැලකීම නිවැරදිය. එහෙත් කැලැන්ඩර දින නාමය කවරක් වුවද චන්ද්‍රයා විසා නැකත තුළ පුර පස 15 වන කලාවට පිවිසීම පමණක් සිද්ධාර්ථ කුමාරොත්පත්තිය පත් වෙසක් පුර පසළොස්වක වන්නේය.
අතීතයේ 1912.04.30 වන අඟහරුවාදා දිනය ඒ වර්ෂයේ වෙසක් පුර පසළොස්වක පොහොය දිනය ලෙසට නිගමනය කර තිබේ. එයට හේතුව වූයේ 1912.04.01 වන දින බක් පුර පසළොස්වක යෙදීම සහ අනතුරුව 1912.04.30 වන දින මධ්‍යම උදයාදී පැ. 31.56 තෙක්ම සිත නැකත පැවැතෙද්දී, අනතුරුව සා නැකත උදාවෙද්දී, ඊළඟ පුර 15 වන තිථිය මෙදින මධ්‍යම උදයාදී පැය 26.00 ට උදාවීමත් සිදුවීම සහ ඊළඟ පුර පසළොස්වක තිථිය උදාවීම විසා නැකත ඉක්මවා, අනුර නැකතින් 1912.05.30 අලුයම උදාවීමය. එනම් ඉදිරියට හෝ විසා නැකත ඇතුළත පුරා 15 වන තිථියක් උදා නොවීමය. එනම් විසා නැකත ඉක්මවා තිබියදී වෙසක් පෝය ලෙස තීරණය කිරීම සාවද්‍ය වන නිසාය. 192 වර්ෂයේ බක් මස පුර පසළොස්වක තිථියෙන් පසුව උදා වූ පොහොය වෙසක් පුර පසළොස්වක ලෙස නිගමනය කරන ලද්දේ ඉදිරියට විසා නැකතින් පුර පසළොස්වක තිථියක් උදා නොවන නිසාය.
එහෙත් 2018 වර්ෂයේදී බක් පුර පොහොය සිත නැකත උදාවට පෙරාතුව හත නැකතින් 2018.03.30 දින සිදුවේ. ඊළඟ පුර පොහොය 2018.04.29 වන දින සිත නැකතින් ආරම්භ වේ. පුර 15 වන තිථියේ පැවැත්ම කිසිසේත්ම විසා නැකතට සමීප නොවන අතර එම 15 වන තිථිය නිම වන්නේ සා නැකැත පවතිද්දීය. එහෙයින් සිත නැකැතේ පුර 15 වන තිථිය කිසිසේත්ම වෙසක් පුර පසළොස්වක නොවන්නේය.
වෙසක් පුර පසළොස්වක තිථියට අදාළ වන සිද්ධාන්ත ඇතුළත්ව 2018.05.28 වන සඳුදා මධ්‍යම උදයාදී 31.15 ට ඊළඟ පුරපස 15 වන කලාව ආරම්භ වන අතර විසා නක්ෂත්‍රය මධ්‍යම උදයාදී 42.10 තෙක්ම පවතී. එනම් මේ දිනයේ විසා නක්ෂත්‍රය යෙදී චන්ද්‍රයා පුර පසළොස්වක තිථියට සැපැත්වීම සිදුවේ. මේ සිද්ධාන්තය නිවරදවම සිද්ධාර්ථ කුමාරොත්පත්තිය සිදුවූ නක්ෂත්‍ර සිද්ධාන්තයයි. එහෙයින් 2018 වර්ෂයේ මැයි 28 වන දින උදා වන පොහොය 2018 වර්ෂයේ වෙසක් පෝය ලෙස සැලැකීම නිවැරදි වන්නේය. යම් හෙයකින් 1912 වර්ෂයේ මෙන් ඊළඟ පුර පසළොස්වක තිථිය විසා නක්ෂත්‍රය ඉක්මවා ගොස් යෙදෙන්නේ නම් පමණක් බක් පළමු පුර පොහොයෙන් පසුව උදාවන ඊළඟ පුර පසළොස්වක තිථිය විසා නැකතට සමීපතාව සලකා වෙසක් පෝය ලෙස සැලකීම නිවැරදි වේ. 2018 වර්ෂයේ විසා නක්ෂත්‍රය තුළම චන්ද්‍රයා පුර පසළොස්වක තිථිය පත්වීමක් සිදුවන නිසා අධි බක් පුර පසළොස්වක ලෙස භාවිත කළ යුතුව ඇති පොහොය වරදවා වෙසක් පුර පසළොස්වක ලෙස නම නියම කර ඇත.
රූසටහන
අප විසින් සරල රූප සටහනක් ලෙස මෙහි දක්වන හිරු හිරු වටා පොළොවේ ගමන් මග, පොළොව වටා සඳුගේ ගමන් මග හා දළ වශයෙන් රාශි වළල්ලේ පිහිටීමද 2018.04.29 හා 2018.05.28 දිනයන්හි හිරු සඳු පොළොව රාශි වළල්ලට යොමුව දක්වා ඇත. මේ අනුව විසා නක්ෂස්ත්‍රය තුළ සඳු පුර 14 වන තිථිය නිමවා පුර 15 වන තිථියට පිවිසීම පැහැදිලි කර ඇත.
මේ සාවද්‍ය පෝදා තීරණය කවරෙකුගේ කවර උවමනාවකට කවුරුන් විසින් සිදු කරන ලදද යන්න නොදනිමු. කරුණ වරදවා සිදු කර ඇත. ඒ අනුව රාජ්‍ය නිවාඩු දිනයන්, වෙසක් චාරිත්‍ර සිරිපා වන්දනාව ආදිය සියල්ලම විපරීතව සිදුවනවා ඇත.
බුදු සසුන ලොව බැබැලේවා!
රන්නේ නැගෙනහිර
ලලිත් ශ්‍රී සිටිනාමලුව