යෞවන වියට පා තැබූවන්ට කායික හා මානසික අවශ්‍යතා ඉටු කර ගැනීමේ ඕනෑකම නිතැතින්ම ඇති වේ. ඒ සඳහා තමාට පරිබාහිර වූ පුද්ගලයන් සමග සබඳතා පවත්වා ගැනීමට සිදු වේ. සමීපතමයෙකු හා ළං වීමේ අවශ්‍යතාව මතු වේ. සාමාන්‍යයෙන් මෙම විරුද්ධ ලිංගිකයෙකු සමග ඇති කර ගන්නා වූ බැඳීම දෙදෙනාගේ එකඟතාව මත නීත්‍යානුකූල ගිවිසුමක් ලෙස සමාජගත කරයි. විවාහය නමින් හඳුන්වන්නා වූ මෙම සංසිද්ධිය ජන්ම කේන්ද්‍රයෙහි 7 වැනි භාවය තුළින් නිවේදනය කරයි.
ඔබ විවාහවීමට පෙර ඔබට ලැබෙන සහකාරිය හෝ සහකරු ස්ථිර අදහස් ඇති අයෙක්ද? තමාගේ තත්ත්වයට ගැළපේද? ගති ගුණ කෙසේද? සාර්ථක විවාහ ජීවිතයක් ගත කිරීමට හැකි වේද? යනාදී කරුණු පිළිබඳව හොඳින් කල්පනා කර බලා තීන්දු තීරණ ගැනීම නුවණට හුරු වේ.
හත් වැන්නෙන් නියෝජනය වන්නා වූ විවාහ සතුට සහකරු හෝ සහකාරිය ආදර සබඳතා ආදී කරුණු ගණනාවකටම කාරක ග්‍රහයා වන්නේ සිකුරුය. 7 වැනි රාශිය ජන්ම පත්‍රයක විවාහය, විවාහ සහකරු සහකාරිය සහ විවාහ ජීවිතයට අදාළ සතුට ආදිය පිළිබඳ කරුණු පෙන්නුම් කරයි.
හත්වෙනි භාවය පිළිබඳ කරුණු සලකා බැලීෙම් දී ප්‍රධාන කරුණු තුන වන්නේ,
රාශිය/ භාවය එහි අධිපතියා සහ කාරක ග්‍රහයා වන සිකුරුය. හත් වැන්නේ පිහිටි ග්‍රහයන් සහ හත්වැන්නට බලපෑම් කරන වෙනත් ග්‍රහයන් දෙවනුව සැලකිල්ලට ගත යුතු කරුණු වේ. සිකුරු බලවත් වී හත් වන භාවය හා සම්බන්ධ වීම සහ හත අධිපති සමග සිකුරු සංයෝග වීම විවාහය පිළිබඳ අපේක්ෂා මල්ඵල ගන්වයි.
සිකුරු මිත්‍ර හෝ තමාගේම රාශියක් වී හත් වැන්නේ සිටීම, 7 වැන්නට සිකුරුගේ දෘෂ්ටි ලැබීම ගුරු 11 වැන්නේ තැන්පත් වී සිකුරු දැකීම, සිකුරුගේ දායකත්වය වඩාත් පළ ගැන්වෙන අවස්ථාවයි. විශේෂයෙන් එකොලොස් වැන්නේ වූ ගුරුගේ දෘෂ්ටිය විවාහයෙන් පසු යුග දිවියේ ආර්ථික හා සමාජීය සමෘද්ධිය සඳහා යහපත් පසුබිමක් නිර්මාණය කිරීමට හේතු වේ. හත්වැන්න විවාහ සහකරු හෝ සහකාරිය නිවේදනය කරන භාවයයි. එහි සිකුරු යහපත් ලෙස තැන්පත්වීම විවාහයට අහිතකර ලෙස බලපායි. විශේෂයෙන් පුරුෂ කේන්ද්‍රයක සිකුරු ග්‍රහයා පාප ජීවිතයට 7 වැන්නේ සිටීම භාර්යාවට හානි කරන පිහිටීමක් වේ. එමෙන්ම සිකුරු ග්‍රහයා දුෂ්ඨ රාශිගතව එනම් 6, 8, 12 යන භාවයක තැන්පත්වීම වැන්දඹු යෝගයක් ලෙස සැලකේ.
7 වැන්නේ බුධ සිකුරු සංයෝගය විවාහ සතුටට බාධාවකි. 7 හි පිහිටි ශනිට ගුරුගේ දෘෂ්ටි ලැබීම අනුව විවාහයේ ස්ථාවර බව ඇති වුවද අභ්‍යන්තර අර්බුද එකිනෙකා නුරුස්සනා ස්වභාවය ඇති වේ.
විවාහය බුද්ධියට වඩා සතුට වේදනාව ආදී හැඟීම් තුළ දෝලනය වන ලෞකිකත්වය හා නැඹුරු වූ බැඳීමකි. ගුරු 7 වැන්නේ වූ විට මෙම අවස්ථා දෙකෙහි සමබරතාව රඳවා ගැනීමට අසීරු වේ. ස්ත්‍රී කේන්ද්‍රයක කුජ අයහපත් ලෙස 7 වැන්නේ යෙදීම තුළින් සහකරුට අසහනශීලී ජීවිතයක් ගත කිරීමට සිදු වේ.
එමෙන්ම ශනි 7 වැනි භාවයක් පාපී ග්‍රහයන් සමග සංයෝගවීම හා දෘෂ්ටිමය වශයෙන් සම්බන්ධ වූ විට විවාහයේ පැතුම හා සැනසීම නැතිව යයි.
සඳු හත් වැන්නේ වී රාහු කේතු කුජ වැනි පාපී ග්‍රහයන්ගෙන් පීඩාවට පත්වීම හෝ සංයෝග වීම විවාහ ජීවිතයට අහිතකර වන අතර සඳු 7 වන භාවයේ නීච වීම සහ සතුරු රාශිගතවීම ද විවාහයට හානි දායක වේ. රාහු 7 වැන්නේ වීමද අහිතකර වේ. විශේෂයෙන් ස්ත්‍රී කේන්ද්‍රයක රාහු 7 වැන්නේ අහිතකරය. රාහු විසින් ඇති කරන්නා වූ අවිනිශ්චිත මානසිකත්වය තුළ යුග දිවියේ සම්බන්ධතාව බිඳී ගොස් යුග දිවිය කෙරෙහි ප්‍රබල කලකිරීමක් සහ එපාවීමක් දෙදෙනා තුළ ඇති කළ හැකිය. හත අධිපති බුධ වී පාප ග්රහයෙකු සමග 6 8 යන භාවයක සිටී නම් අඹු සැමියන් අතර නිතර ගැටුම් ඇති කරයි.
විවාහයේ ශුභ අශුභ තීරණය කිරීමෙහි ලා හත් වැන්නාධිපති ද වැදගත් කාර්යභාරයක් ඉටු කරයි. හත අධිපතිය යහපත් භාවයක යහපත් ආකාරයට තැන්පත් වූ විට ජන්මියාට විවාහ ජීවිතයේ සැපත හා සතුට හිමි වේ.
හත අධිපතියා පීඩා වී අශුභ තත්ත්වයක් ඇති වීම දෙදෙනා වෙන්වීම, අයහපත් දුෂ්කර ජීවිතය සහ වෙනත් සබඳතා ඇතිවීම වැනි තත්ත්වයන් ඇති විය හැක. කේන්ද්‍රයක 7 වැන්නාධිපති ග්‍රහයා පාප පීඩා නොවී යහපත්ව ශුභ දෘෂ්ටි ලැබීමද ශුභ ග්‍රහයින්ට මැදිව සිටීම ද යහපත් සහකරුවෙකු හෝ සහකාරියක ලැබීමට ද හේතු වේ.
යම් ජන්මියෙකුගේ හත් වැන්නාධිපතියා බලවත්ව සිටියදී ගුරු ග්‍රහයාගේ දෘෂ්ටියක ලක්වීම සංයෝගවීම හේතු කොට ගෙන එය ජන්මියාට යහපත් සහකාරියක හෝ සහකරුවකු ලැබෙනු ඇත. හත අධිපති ගුරු විසින් දකිනු ලැබීම සහකරු හෝ සහකාරිය අධ්‍යාත්මික ගුණාංගයන්ගෙන් පිරුණු කෙනෙක් බව කියා පායි.
විවාහයේදී වැදගත් සාධකයක් වශයෙන් සලකන්නා වූ හත අධිපති ශුභදායක අන්දමින් සිටීම ශුභදායක වනවා මෙන්ම දුර්වල නිවේදකත්වය එම භාවයේ කාරකත්වයට අනිටු බලපෑම් ගෙන එනු ඇත. ඒ අනුව හත අධිපති 6 8 සහ 12 යන දුෂ්ඨ ස්ථානයක තැන්පත් වීම එම භාවාධිපතියෙකුගේ දෘෂ්ටියකට ලක්වීම සංයෝග වීම සතුරු රාශි ගත වීම නීචවීම දුෂ්ටභාවයට පත් වීම යන කරුණු වලින් කුමන හෝ තත්ත්වයකට යටත්වීම හත් වැන්නෙන් නිවේදනය වන විවාහයට මොනයම් හෝ අනිටු බලපෑමක් ඇති කරයි.
මිනිසාගේ අඛණ්ඩ පැවැත්ම උදෙසාත් කායික හා මානසික සතුට උදෙසාත් විවාහය නමැති බැඳීම ඉතා වැදගත් වේ. එය ඉවසිෙමන් හා ඉතා සංයමයෙන් භූක්ති විඳිය යුතු අතර නිවැරදි තීරණ ගැනීමට ද අත්‍යාවශ්‍ය වේ. මෙහිදී සෘෂිවරුන් විසින් ලොවට කියා දුන් ජ්‍යෙතිෂ්‍ය නම් වූ මාහැඟි ශාස්ත්‍රය ඒ සඳහා මහඟු පිටිවහලක් වනු ඇත.
ජ්යොතිෂ්වේදිනී
තුෂාරා වික්‍රමසිංහ
317 දාගොන්න (වැව පාර) මීගමුව.