තරුණ වයසට පැමිණෙන සෑම අයෙකුගේම ඇති වන වඩාත්ම වැදගත් අවශ්‍යතාව වන්නේ විවාහයයි. අද අප රටේ විවාහ සිදු වන ප්‍රධාන ක්‍රම දෙකකි. කලින් හඳුනාගැනීමක් තුළින් ඇති වන ප්‍රේම සම්බන්ධයක් මගින් හෝ ඥාතීන් නැතිනම් වෙනත් අයෙකුගේ මැදිහත්වීමක් තුළින් හෝ මාධ්‍ය තුළින් විමසා සොයා බැලීමෙන් සිදුවන විවාහයක් වේ. කලින් හඳුනාගත් අයට දෙදෙනා ගැන සෑහෙන අවබෝධයක් ඇත. නමුත් යෝජනා මගින් හඳුනාගන්නා අයගේ ජීවන රටාව හා ගතිගුණ හඳුනා ගැනීමට සෑහෙන කාලයක් ගත වේ.
එබැවින් මේ සඳහා ලෙහෙසි ක්‍රමයක් ලෙස පොරොන්දම් ගැලපීම සිදු කිරීම තුළින් දෙදෙනාගේ යෝග්‍යතාව පරීක්ෂා කරයි. මේ සඳහා පොරොන්දම් 20 ක් සලකා බලයි. එයින් 75% ක් 80% ක් පමණ ගැළපෙයි. සලකන කේන්ද්‍ර හිමි අය බොහෝ විට විවාහය සඳහා සූදානම් වේ. මෙම අය එම දෙදෙනාගේ කේන්ද්‍රවල ග්‍රහ ගැලපීම් අනුව සිදු වන කරුණු ගැන සොයා බැලීමට උනන්දු නොවේ. මෙය හොඳ ක්‍රමයක් ලෙස හැඳින්විය නොහැක.
මෙම පොරොන්දම් ගැළපීමට මුල්ම සාධකය ලෙස යොදා ගත්තේ ජන්මියා උපත ලද නැකතයි. පොරොන්දම් වැඩි ගණනක ගැළපීම සකසා ඇත්තේ නැකත අනුවයි. එසේ වුවත් උපන් නැකත පමණක් තුළින් පුද්ගලයකුගේ මානසික මෙන්ම කායික තත්ත්වය පිළිබඳව කරුණු සොයා ගැනීමට අපහසුවේ. උපන් නැකත තුළින් වඩාත් තීරණ ගත හැක්කේ චන්ද්‍රයාගේ බලය ගැන පමණකි. දෙදෙනෙකු අතර ඇතිවන කායික මෙන්ම මානසික බැඳීම පිළිබඳව චන්ද්‍රයාගේ බලය පිළිබඳව පමණක් බලා තීරණය කළ නොහැකි කරුණකි.
විසි පොරොන්දම ඉන්දියානු නක්ෂත්‍ර සිද්ධාන්තයක් මත ගොඩනැගී ඇති නියමයකි. ඒ තුළින් විවාහ ජීවිතයකදී ඇති වන හොඳ මෙන්ම නරක සිදුවීම් තුළින් ඇති වන සාර්ථක හා අසාර්ථකභාවයන් ගැන සෙවීමට තරම් අවශ්‍ය වන කරුණු ගොඩනැගී නැත. සාර්ථක විවාහ ජීවිතයකට අවශ්‍ය කරුණු වලින් 10% ක් වත් සොයා ගැනීමට හැකියාවක් ඇතිද යන්න බලවත් සැකයකි.
විවාහයක් සාර්ථක වීමට කරුණු රාශියක් බලපායි. වැදගත්ම සාධකය ඔවුන් අතර පවතින අන්‍යෝන්‍ය කායික සම්බන්ධතාවන්ය. විවාහයේ පැවැත්මට කායික වශයෙන් ඇතිවන චර්යා තුළ සමානතාවක් තිබිය යුතුය. එම කායික චර්යා බිඳ වැටුණොත් විවාහ ජීවිතය සම්පූර්ණයෙන්ම අසාර්ථක වේ. පොරොන්දම් බැලීමේදී මේ ගැන සැලකිල්ල දැක්වීම ඉතා අල්ප වේ. කායික ගැළපීම් නැතිනම් විවාහය බිඳ වැටේ. විවාහය බිඳ වැටුණ පසු මේ ගැන සෙවීමෙන් පලක් නොමැත.
සමහරුන් මේ සඳහා යොදා ගත්තේ ලිංග පොරොන්දමයි. මේ පොරොන්දම තුළින් ලිංගික ජීවිතය ගැන සොයා ගැනීමට තරම් කරුණු නැත. මෙහිදී සඳහන් වන්නේ පුරුෂ ලිංග නැකත් පුරුෂයාටද ස්ත්‍රී ලිංග නැකත් ස්ත්‍රියටද තිබිය යුතු යන්නයි. දෙදෙනාම ස්ත්‍රි ලිංග නැකතක නම් එයත් හොඳ බව සඳහන් වේ. මේ අනුව යම්කිසි ස්ත්‍රියක් පුරුෂ ලිංග නැකතකින් ඉපදී සිටී නම් ඇයගේ විවාහයට ලිංග පොරොන්දම ගළපා ගැනීමට හැකියාවක් නොමැත. පොරොන්දමටම විවාහ ජීවිතය සීමා වෙයි නම් ඇයට විවාහ ජීවිතයක් නොමැත. මෙවැනි තීරණ ගැනීමට අදාළ කේන්ද්‍ර දෙක තුළම පිහිටා ඇති සමස්ත ග්‍රහ ගැළපීම් සියල්ල පරීක්ෂා කළ යුතුය. ඉන් අනතුරුව විවාහය පිළිබඳව තීරණය කළ හැකිය. මේ දක්වා ඇත්තේ පොරොන්දම් සමඟ ගමනේදී ඇති වන එක් ගැටලුවක් පමණකි. පොරොන්දම පමණක් ගැළපීමෙන් සිදු වූ විවාහ වලින් සෑහෙන සංඛ්‍යාවක් අසාර්ථක ජීවිත බවට පත් වී ඇත. එයට හේතුව එම කේන්ද්‍රවල පිහිටා තිබූ විවාහයට ඉතා තදින් නොගැළපෙන ග්‍රහ පිහිටීම් නිසාය.
එබැවින් විවාහයට පත්වීමට සිටින සෑම දෙනෙකුම පොරොන්දම් පසුපසම නොගොස් තමාගේ කේන්ද්‍ර තුළ පිහිටි ග්‍රහයෝගවලට ගැළපෙන අයෙකු විවාහයට සොයා ගත යුතු වේ. කරුණු පැහැදිලි කිරීම් සඳහා 0718070143 ට අමතන්න.
ජ්‍යෝතිෂ්‍යවේදී, වාස්තුවේදී
සේනාකන්ද කරුණාරත්න,
31/10 හපුගහතැන්න පාර, කළගෙඩිහේන.