විවාහ දිවිය නීරස කරන ග්‍රහ පිහිටීම්


සමහර ග්‍රහ පිහිටීම් නිසා විවාහ ජීවිතය ගෙන යාමට අපහසු අවස්ථා උදාවේ. මේ එවැනි ග්‍රහ පිහිටීම් කීපයකි.  
‘‘සඳු’’ හෝ රවි දෙදෙනාම හෝ පාපී ග්‍රහයින්ගෙන් විශේෂයෙන් සෙනසුරු (ශනි) හෝ අඟහරුගෙන් (කුජ) පීඩාවන්ට පත්වේ නම්, දෙදෙනාගේ කේන්දරවල එසේම එකම අන්දමකට පිහිටා ඇත්නම් විවාහය කිසි කලෙක වාසනාවන්ත එකක් නොවන්නේය. ‘සඳු’ ග්‍රහයා පීඩාවට පත්ව සිටින අය වඩා අවාසනාවන්ත තත්ත්වයට පත් වේ. 
 
2. ‘සඳු’, ‘රවි’ දෙදෙනා හෝ සිකුරු, ගුරු බුධ යන ශූභ ග්‍රහයින් අනෙකාගේ කේන්දරයේ ‘සඳු’ රවි දෙදෙනාට හෝ ශුභ ග්‍රහයින්ට චතුරශ්‍රව හෝ සප්තමව පිහිටා ඇත්නම්, ඒ දෙදෙනාගේ විවාහයද නොගැළපෙන එකක් වේ.  


3. එක කේන්දරයක හෝ ‘සඳු’ ග්‍රහයා කුජ අශුභ ස්ථානයක සිට දෘෂ්ටි ලබයි නම් එම විවාහයද කඩාකප්පල් වේ.  


4. ඒ අන්දමට රවි ග්‍රහයා ස්ථානයක සිටින ශනිගේ දෘෂ්ටියට ලක්වේද එම විවාහයද අවුල් වියවුල් සහිත එකකි.   


5. එක කේන්දරයක සිකුරු හෝ හත්වැන්නේ සිටින ග්‍රහයින් පාපී ග්‍රහයින්ගේ පීඩාවට පත්වී ඇත්නම් එම විවාහයද සාර්ථක එකක් නොවේ.  


ඉහත 3, 4, 5 කරුණු තුන දෙදෙනාගේම කේන්දරවල එකම අන්දමකට ඇත්නම් ගැළපෙන බව කිව යුතුය.  


6. 5 වැන්නේ පාපි ග්‍රහයින් සිටින විට ඉක්මන් ප්‍රේම සම්බන්ධතා පවත්වන, අපිරිසිදු, දූෂිත ගති ගුණ ඇති අයකුවීමට ඉඩ ඇත. ස්ත්‍රී කේන්දරය එ් අන්දමට ග්‍රහයින් සිටි විට දරුවන් අඩු ළදරු කල මිය යන දරුවන් ලබන්නියක් වන්නේය.  


7. එම කේන්දරයක දශාව පාපී ග්‍රහයෙකුට අයත්ව තිබියදී එම පාපී ග්‍රහයා අනෙකාගේ කේන්දරයේ ලග්නයේ හැසිරෙන කාලයේදී විවාහවීම ශූභ නොවේ. ශුභ ග්‍රහයෙකුගේ මහ දශාව ගත කරන කෙනකු, අනෙකාගේ කේන්දරයේ එම ශුභ ග්‍රහයා හැසිරෙන කාලය තුළ විවාහය ඉතා වාසනාවන්ත එකක් වේ.  


8. කේන්දර දෙකක සම්බන්ධය සෙවීම ඉතා දුෂ්කර එකකි. පොරොන්දම් ශුභ වූ පමණින් විවාහයක් නොකළ යුතුය. පොරොන්දම් බැලීමේදී කරනු ලබන්නේ බාහිර කරුණු සෙවීමක් පමණි.  


ජ්‍යොතිෂවේදී 
හංවැල්ලේ ඇස්. සිරිවර්ධන.
133 සී ජයන්ති පාර, දොම්පේ.