විලියම් කුමරුගේ බීමත් කමින් කේට් කුමරිය දුකෙන්


දැඩි ආතතියට පත් විලියම් කුමරු එය මගහරවා ගැනීමට අධික ලෙස මත්පැන් පානය කරන බවත්. එය ඔහුගේ බිරිඳ වන කේට් කුමරිය සමග ගැටුම් නිර්මාණය වීමට හේතු වී ඇති බවත් මාලිගාවේ අභ්‍යන්තර ආරංචි මාර්ග අනාවරණය කරයි. 

 

මෙම 38 හැවිරිදි රාජකීයයාගේ මත්පැන් මත යැපීම ඔහුගේ වසර නවයක විවාහ ජීවිතය වියවුල් කරනු ඇති බවට සැකසංකා පවතින බව ආරංචි මාර්ග පවසයි.  


‘‘වෙහෙසමහන්සි වී රාජකාරි කිරීමෙන් පසු බීර කීපයක් පානය කිරීමට විලියම් කුමරු හුරු වී ඇත. ඒ වගේම ඔහු රාත්‍රී ආහාරය ලබා ගන්නේ වයින් වීදුරු කීපයක් සමගයි. මේ නිසා ඔහු ව්‍යායාම් කරන්නේ​ බො​හෝම අඩුවෙන් වගේම උදෑසන අවදි වන්නේද කෝපාන්විතවයි’’ අභ්‍යන්තර ආරක්ෂකයෙකු හෙළි කළේය.  


‘‘​කේට් කුමරිය මීට වඩා බොහොම විනීතයි. ඇය බොහෝ අවස්ථාවල දවසක් හැර දවසක් තම රාත්‍රී ආහාර​ වේල් සමග කිසියම් බීමක් ගන්නා මුත් බොහෝ විට පානය කරන්නේ සෝඩා පානයක් හෝ ෂැම්පේන් වීදුරුවකි.’’ 

 

‘‘නමුත් විලියම් කුමරුට ඇගේ ශික්ෂාකාමීත්වය නැහැ. ​බොහෝවිට ඔහු​ගේ වීදුරුව වීදුරු තුනක් හෝ හතරක් බවට පත්වෙනවා. එය මාලිගාව තුළ විශාල ගැටුමක් බවට පත්වෙලා වගේම දවසින් දවස නරක අතට හැරීමක් පමණයි දක්නට ලැබෙන්නේ’’.

 

National ENQUIRER වාර්තා කරන අන්දමට විලියම් කුමරුගේ සහෝදරයා වන 36 හැවිරිදි හැරී කුමරු තම ආර්යාව වන 39 හැවිරිදි මේගන් ආදිපාදවරිය සමග නව දිවියක් ඇරඹීම සඳහා රාජකීය පවුල හැර ගියදා සිට කේම්බ්‍රිජ් කාල සටහන තීව්‍ර වී ඇත.  


සසේක්ස් ප්‍රාන්තයේ රාජකාරි බොහොමයක් තම පෞද්ගලික වැඩ කටයුතු සමග සත්හැවිරිදි ජෝර්ජ් කුමරු, පස් හැවිරිදි චාලට් කුමරිය හා දෙහැවිරිදි ලුවිස් කුමරු ඇති දැඩි කරන 39 හැවිරිදි කේට් කුමරිය හා විලියම් කුමරු මත පැවරී ඇත.  


‘‘හැරී කුමාරයා පිටව යාම නිසා තමා වෙත පැවරුණු අතිරේක වගකීම් සමග මේ වසර විලියම් කුමරුට අසීරුතම වසර බවට පත් වෙමින් තිබෙනවා. මේ නිසා ඔහු තම පීඩනය මුදා හැරීමට මාර්ගයක් සෙවීම පුදුමයට කරුණක් නොවේ.’’ ඔහු තව දුරටත් පැවසීය.  


නමුත් කේට් කුමරියට අවශ්‍ය වන්නේ අහිතකර බලපෑමක් එල්ල වීමට පෙර ඔහුව මත් පැනින් මුදවා ගැනීමටයි.’’  


විලියම් කුමරුගේ නියෝජිතවරයා අසත්‍ය බව පැවසුව ද අභ්‍යන්තර ප්‍රකාශයකයන්ට අනුව මෑතකදී විලියම් කුමරු තම මිතුරන් සමග මත්පැන් පානය කිරීම සඳහා රාජකීය හමුවීමක් ද අවලංගු කර ඇත.  
ආදිපාදවරයා තම ‘‘මනස නිදහස් කර ගැනීමට’’ තම සගයන් සමග බීර පයින්ට් ගණනාවක් එක උගුරට හිස් කර පාපන්දු පිළිබඳ කතා කරන බව බ්‍රිතාන්‍ය ගුවන් විදුලි නිවේදක ක්‍රිස් ස්ටාර්ක් පැවසුවේය.  


අභ්‍යන්තර ආරංචි මාර්ග අනුව විලියම් කුමරුගේ පුරුදු, බොහෝ කලක සිට දැන සිටි පරිදි සිය සුළු මව, කැමිලා (73) ආදිපාදවරිය සමග මත් පැනට ලොල් වී සිටින ඔහුගේ පියා වන චාල්ස් කුමරුගේ (72) පුරුදුවලට බොහෝ සමානය. එක් අභ්‍යන්තර ප්‍රකාශකයකු ‘‘බොහෝ රාජකීයයන්ට කුඩා කල සිටම මත්පැන් භාවිතයට ඉඩ ප්‍රස්තාව ලැබෙනවා. නමුත් විලියම් කුමරු සිය පියා සේම එම මාර්ගයේ නොනවත්වා ගමන් කරන බව පෙනෙන්නට තිබෙනවා’’ යි පැවසුවේය.  


‘‘චාල්ස් කුමරු දිගින් දිගටම මත්පැන් ගැනීම නිසා සෞඛ්‍ය ගැටලු රැසකට මුහුණපා ඇති බව හඳුනා ගැනීමට ඔබ සිදුකළ යුත්තේ ඔහුගේ රතු වූ මුහුණ දෙස බැලීම පමණයි. ඒ වගේම නියපොත්තෙන් කැඩීමට ඇති දේ නියපොත්තෙන් කඩා නොදැමුව හොත් විලියම් කුමරුගේ අනාගතය ද මේ ආකාරයටම සැකසෙනු ඇති බවට සැක සංකා ද මේ වන විට මතුව තිබේ.’’  


නැෂනල් එක්ක්වයර් අනුග්‍රහයෙනි.

 

 

 

ඉෂානි උපේක්ෂා ධර්මපාල