ලංකා ඉතිහාසයේ හෙළ යුගයට එරෙහිව කෙරෙන මෙහෙයුම


1945 පමණ වනතුරු ලෝක බලවතා වූ බ්‍රිතාන්‍ය ආධිරාජ්‍යය විසින් මුළු ලෝකයටම ලෝක ඉතිහාසය ලියා දී ඇත. ඒ 20 සිය වස මුලදීය. ඒ අනුව ලොව පැරණිම ශිෂ්ටාචාරය වන බැබිලෝනියාවේ ඉතිහාසය අවුරුදු 6000 ක් (ක්‍රි.පු. 4000) දක්වා පමණක් අතීතයට දිවයයි. 1950 න් පසු ලෝක බලවතා බවට පත් වූ එක්සත් ජනපදයේ ඉතිහාසඥයන්, පුරාවිද්‍යාඥයන් හා මානව විද්‍යාඥයන් ඉන් ඈතට ලෝක ඉතිහාසය සොයා ගියහ. සංස්කෘත සාහිත්‍යයට අයත් “පුරාණ” නමැති කතා ප්‍රවෘත්තිවලට ඔවුන්ගේ අවධානය යොමු විය. පුරාණ යන සංස්කෘත වචනයේ අර්ථය ඉතිහාසය යනුයි. එබැවින් කිසියම් රටක ඉතිහාසය එහි ඇතැයි අනුමානයෙන් ඒවා කියවූහ. දේව කතා හා මිනිස් කතා මිශ්‍රව ඇති අතර ඍෂිවරු ඒවායේ ඉතා වැදගත්ය. මිනිසුන් හා දෙවියන් අතර සිටින්නේ ඍෂීන්ය. ඔවුහු අධිමානසික තත්ත්වයේ අය වෙති. අසුරයන් නැමති මිනිස් කොටසක් ගැන කියවෙන නිසා පුරාණවල “ඇසිරියන්” ඉතිහාසය ඇතැයි ඔවුහු පළමුව සිතූහ. නමුත් භාරතයට දකුණු දෙසින් ඇති රටක අසුරයන් ගැන කියවේ. එබැවින් ඇමෙරිකන්කාරයාට පුරුදු ලෙස ඊට “අසුර අධිරාජ්‍යය” යයි නම තැබූහ. නමුත් හෙළය, හෙළ දෙස, හෙළයන්, හෙළ බිම යන නම් ද අසුරයන්ට සම්බන්ධය. ඒ නිසා එය හෙළ අසුර අධිරාජ්‍යය වීම වඩා උචිතය. නිවර්තනික කලාපය පුරා නැගෙහිර සිට බටහිරට මෙය පැතිරී තිබුණි. මෙය සංස්කෘතික අධිරාජ්‍යයක් මිස දේශපාලනික අධිරාජ්‍යයක් නොවේ. සමානතාව තිබුණේ ජීවන රටාවේ පමණි. එබැවින් එය අධිරාජ්‍යයකට වඩා මහා සංස්කෘතික කලාපයකි.   

 

අපගේ ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් විසින් තම ස්වාමීන් වූ ඉංග්‍රීසීන් අනුව යමින් ඓතිහාසික රාවණා විහිළුවක් ලෙස ප්‍රතික්ෂේප කර ඇත. එබැවින් ඇතැම් හින්දු (අන්තවාදී) ඉතිහාසඥයන් ඊට රාම අධිරාජ්‍යය නමැති මිත්‍යා නාමය පාවිච්චි කරති. ඒ නිසාම බටහිර අයද විකල්පයක් ලෙස එම නම භාවිතා කරති. ඉංග්‍රීසිකාරයා (බ්‍රිතාන්‍ය අධිරාජ්‍ය) විසින් මහා වංශයම ලංකා ඉතිහාසය බවට පත් කරමින් අප ඉතිහාසය අරඹන්නේ ක්‍රි.පු. 543 වසරිනි. ඇමරිකන්කාරයාගේ සොයා ගැනීම අනුව අප ඉතිහාසය වසර 12,500 දක්වා (ක්‍රි.පු. 10,500) දක්වා ඈතට දිවෙයි.   


හෙළ හවුල හා අරිසෙන් අහුබුදු පඬුවාට අනුව එය 28,200 ක් අතීතයට එනම් මහා සම්මත මනුදක්වා දිවෙයි. එම ගණන් බැලීම කරන ලද්දේ මහා වංශයේ හා රාජාවලියේ එන මහා සම්මත මනුගේ පටන් බුදුන්වහන්සේ දක්වා එන ප්‍රධානීන් (රජුන්) සහ ඔවුන්ගේ රාජ්‍ය කාලයන් එකට එකතු කිරීමෙනි. එහි ඇති නිරවද්‍යතාවය ගැන සහතික විය නොහැක. බටහිර ඉතිහාසඥයන්ගේ මිනුම් දඬු අනුව නම් මේ මිනිසා දඩයම් යුගයට එළැඹීමටද පළමුවය. දඩයම් හා එඬේර යුග යුරෝපයේ කිසියම් කලාපයකට මිස මුළු ලෝකයට ආදේශ නොවේ.   
මනු + නා + අරම=මන්නාරම මහා සම්මත මනුගේ මධ්‍යස්ථානය බව අහුබුදු සූරීහු පවසති. දෙමළ බසින් ඊට “මන්නාර්” යයි කියන නිසා ඉංග්‍රීසියෙන් ද එයට Mannar ලෙස ලියති. මන්නාරමට ඉර මුදුන්වෙන (වර්තමාන) අප්‍රේල් 14 එසේ වෙන්නේ මන්නාරම, කනගරායන්කුලම්, නැදුන්කර්නි හරහා වැටෙන අක්ෂාංශ රේඛාවටය. ​ෙමම සම්බන්ධය කුමක් දැයි ගවේෂණය කළ යුතුව ඇත. බුදුන්වහන්සේ මෙම මනුගේ වංශයට අයත් බව මහා වංශය පවසයි. කල්පාරම්භයේ මහා සම්මත රජුගේ පටන් පැවත ආ රජුන් 28 දෙනා භාරතයේ කුසාවතී, රජ ගහ, මියුළු යන පුරයන්හි රජ කළ බව මහා වංශය පැවසීම සාවද්‍ය හේතුව නම් ඉන්දියානු ඉතිහාසයට අනුව ගංගානම් ගං නිම්නය ජනාවාස වී ජනපද ඇති වුණේ ක්‍රි.පු. 8 වැනි සියවසේදී පමණ වූ නිසාය.  

 
සතුන් පට්ටි තැනින් තැන දක්කාගෙන යන එ​ෙඬ්ර පිරිසක් වයඹ දිග කපොළුවලින් ඇතුළු වී පංජාබයට ආ වහාම ඍග්වේදය වැනි අතිශය දාර්ශනික ග්‍රන්ථ සම්පාදනය කිරීමද ඉංග්‍රීසි ඉතිහාසඥ සිවිල් සේවකයන්ට වැරදුන තැනකි. ඒ වෙනුවට ඇමෙරිකන් මානව විද්‍යාඥයන්ට හමු වූ පුරාණ ග්‍රන්ථ අනුව ඍග් වේදය සම්පාදනය කළ යදු, පුරු, අනු, දායු, තුර්වාස (සංස්කෘත) යන පංච මානවයන් වනාහී නහුත රජුගේ දූවරුන් දෙදෙනාගේ දරුවන්ය. (මුණුපුරන්) එක සහ බිංදු 27 න් නහුතය නමැති සංඛ්‍යාව දක්වා වැඩි කිරීමේ ගණිතය සම්පාදනය කළ නහුත රජුගේ සෙල්ලිපියක් ඇත්තේ ඉන්දියාවේ නොව ඉබ්බාගමුව සිට පොල්පිතිගමට යන මාර්ගය අසල රන්ගිරිමඩය. (1 C 959 බත නහුත සහකිත) නමුත් මෙය හොඳින් වටහා ගත් මහාචාර්ය සෙනරත් පරණවිතාන ඔහුගේ Inscription Of Ceylon Volume I හි ලිපිය දක්වා ඇත්තේ බත උපතිය ලෙස විකෘත කිරීමෙනි. මෙය විජයට වඩා පැරණි නිසා එසේ සිදුවී ඇත. මහා වංශය දක්වන පරිදි කකුසඳ බුදුන් ලංකාවට වැඩි අවදියේ අබය නගරය මෙරට අගනුවර විය. සෙල්ලිපිය දක්වන පරිදි ‘නහුත සහකිත රජු අබය නගරයේ’ විය. කකුසඳ බුදුන් මින් වසර 20,000 කට පෙර වැඩ සිටි බව බෞද්ධ ගණන් බැලීමයි.   


අනුරාධපුර මහාවිහාරය බෞද්ධ සාහිත්‍ය කෘතිවල දැක්වෙන විස්තර අනුව ලංකාවෙහි ස්ථාන, සිදුවීම් හා පුද්ගලයන් ආදිය ඉන්දියාවෙහි ස්ථාපිත කර තිබේ. දඹදිව යනු ලංකාවයි. අරාබි ලේඛකයන් පවසන පරිදි ලංකාවට දකුණින් මුහුදේ යාත්‍රෘ කරන විට විශාල දඹයක් (Cliff) නොහොත් හෙලක් (ප්‍රපාතයක්) මගින් උස් කඳුකරය දකුණු දිග තැනිතලාවට මායිම් වේ. මේ හරහා ගලන ගංගා එවිට දිය ඇළි ඇති කිරීම තුළින් මේ බව පැහැදිලිය. මහා සම්මත මනුගෙන් පැවතෙන රජුන් මනුතා අරමෙහි මිස ඉන්දියාවේ කුසාවති, රජගහ සහ මියුළු නුවරවල රජකම් කිරීමක් සිදු නොවේ. මෙම පැරණි යුගවලදී උතුරු ඉන්දියාවේ ගංගානම් ගං නිම්නය ජනාවාස වී නැත. මහා සම්මත වංශයේ රජුන් ලෙස මහා වංශයේ සඳහන් වන කල්‍යාණ, මන්දාතු, මුචලින්ද, සාගර, ප්‍රතාප, මහා ප්‍රතාප ආදීන් සිටියේ අසුර රාජ්‍යයේ (ලංකාවේ) බව පුරාණ ග්‍රන්ථවල සඳහන්ය.   


එමෙන්ම රාමායණයේ සඳහන් වන පරිදි රාම රාවණ යුද්ධයක් ඇතිවීම අසත්‍ය වේ. රාවණයන් මීට අවුරුදු 10,000 ට ඉහත සිටි බව 2002 දී මුහුදු පත්ලෙන් සොයා ගත් ජනස්ථාන් අගනුවර අත්තිවාරම් සහිත නටබුන්වලින් ඔප්පු වේ. රාමා විසුවේ යයි කියන අයෝධ්‍යා නුවර ජනාවාස වූයේ ක්‍රි.පු. 7 සියවසේ බව ඉන්දියානු ඉතිහාසය පවසයි. රාමායණය ලියවුණේ ක්‍රි.පු. 4 සියවසේ වන අතර ඉන් සියවස් 2 ට පසුව ලියවුණ ජාතක අටුවාවේ එන “දශ රථ ජාතකයේ” කියැවෙන්නේ දශරථ රජු විසින් රාම කුමරුන් 12 වසරක් වනයේ වා       සය සඳහා යැවූ බවය. ඔහු යන විට බාල සොයුරි සීතා හා සොයුරු ලක්ෂමනද රාමා සමග වනයට ගියහ.  

 
රාවණ කෙනෙකු හෝ සීතා පැහැරගෙන යාමක් හෝ රාම රාවණ යුද්ධයක් දස රථ ජාතකයේ නැත. මේ අනුව රාමායණය මහා කාව්‍යයකට අඩංගු ලක්ෂණ නිර්මාණය කර ඇත්තේ රාවණ කෙනෙකු කතාවට පටලවා ගනිමිනි. මින් පෙර ලිපියක දැක් වූ වසර 6000 ට පෙර හෙළයන් බැබිලෝනියාවට ගුවනින් යාමද පුරා විද්‍යාත්මකව සනාථ විය. ග්‍රීක් ජාතික ප්ලේටෝගේ අත්ලාන්තික් පුරවරය නමැති පරමාදර්ශී රාජ්‍යය රාමායණයේ එන හනුමා දුටු ලංකාපුරයම බව ඔප්පු වූයේ 1999 දීය. 1905 දී රයිට් සහෝදරයින් සෑදු ගුවන් යානය අවුරුදු දහස් ගණනකට උඩ දී ලංකාවේ තිබීම මිත්‍යාවක් ලෙස සැලකුවද 1986 පිරමීඩ් දේවාලයේ ඇඹීම් නිසා එයද ඔප්පු විය.
මීට පෙර ලිපියක දැක් වූ පරිදි දඬුමොණරයෙහි වූ “මර්කරි වෝටෙක්ස් ඇන්ජිම”අදත් ලොව ඇති වැඩිම වේගයෙන් යුතු අභ්‍යවකාශ එන්ජිමයි. ඊශ්‍රාලයේ ඇති ජනප්‍රවාදයක් වන්නේ හබරගමුවෙන් ආ (සබරගමුව) යුදා සහ පිරිස නිසා පලස්තැන්න (පලස්තීනය) ජනාවාස වූ බවය. හබර බස හීබෲ ලෙස හැඳින්වේ. යුද ඇදහීම යුදෙව් ආගමයි. ​තෝරා ගත් කරණු ඇති ආගමික ග්‍රන්ථය තෝරා (ටෝරා) නම් වේ. හිරන් කසුබ් රාජ්‍යය වූ කොකේසස් කඳුකරය අසල ඇති ඇතුළු මුහුද කාශ්‍යප මුහුද (කැස්පියන් සී) ලෙස අදත් හැඳින්වේ.   


කුඹුක්කන් කුමරු සමග කුඹුක්කන් ඔයේ ගල් අමුණ (මෝයෙන් කි.මී. 34 ක් ඉහළ) සාදා ජලසම්පාදනයට හවුල් වූ දනුබ් කුමරු දකුණු යුරෝපයට ගොස් විශාල ගඟක් ආශ්‍රිතව ගංගා නිම්න ශිෂ්ටාචාරයක් ඇති කළේ “රමණීය දෙස” නමිනි. ගංගාව දනුබ් ගඟ විය. සිතියම් පොතේ එය ඩැනියුබ් ලෙස දැක්වේ. රමණීය නමැති රට සිතියම් පොතේ “රොමනියා” ලෙස සඳහන්ය. ප්‍රලද රජුගේ පුත් වීර චන්න (වීරචන) දකුණු ඇමෙරිකාවේ අන්දිස් කඳු මුදුනට ගොස් “පාතල” ශිෂ්ටාචාරය ඇති කළේය. ලංකාවේ අපගේ පාද තලය යට ඍජු ලෙස ලෝක ගෝලයේ අනිත් පය පිහිටි නිසා ඊට පාද + තලය + යට (පාතාල) යයි කියති. පසුව එය ඉන්කා ශිෂ්ටාචාරය ලෙස හැඳින්වුණි. අක්කර 6 ක් පුරා විසිරුණු වීරචන දේවාලයේ නටබුන් හා වීරචන කුමරුගේ සෙල් පිළිමය අදත් යමෙකුට දැකිය හැකිය.   
මෙබඳු වූ දුසිම් ගණනක් ඇති සාක්ෂිවලින් පැහැදිලි වන්නේ විජයාගමනයට ඉතා පූර්වයෙහි සිට දියුණු ශිෂ්ටාචාරයක් හා ඉතිහාසයක් අපට තිබූ බවය. හෙළ නමැති මෙම ශිෂ්ටාචාරයේ නමට සුදු හුණු ගා ඒ මත එහි සංස්කෘත පරිවර්තනය වන “සිංහල” නාමය ලියුවේ අනුරාධපුර මහා විහාරය විසිනි.   


මාහාචාර්ය සෙනරත් පරණවිතාන විසින් සංස්කරණය කරන ලද ලංකා ශිලා ලිපි සංග්‍රහය I වෙළුම පොතේ බ්‍රාහ්මී අක්ෂර ලිපි 1234 ක් ඇත. ඉන් 16 ක් විජයාගමනයට පෙර ස්ථාන නාම හා පුද්ගල නාම දක්වයි. එම 16 ඉදිරියට ගොස් බැලූ විට සමහර ලිපිවල අකුරු අඩු වී ඡායාස්ථිත දක්නට පුළුවන. තවත් සමහරක කියවීම වැරදිය. තවත් සමහරක් නිවැරදිව කියවා ඒවායේ අර්ථදැක්වීම වැරදියි. තවත් ඡායාරූපයක වචනයක් අඩුවෙන් ඡායාරූප ගත කර ඇත. මේ වුවමනාවෙන් සිදු කළ පුරාවිද්‍යා විකෘති කිරීමකි. එමෙන්ම ප්‍ර​ෙද්ශයේ දඩයක්කාරයින් මොනරාගල පොලිසියේ පොලිස් නිලධාරීන්, යාල වනෝද්‍යානයේ මඟ පෙන්වන්නන් හොඳින් දන්නා කුඹුක්කන් ඔය ගල් අමුණ (1818 දී බවුන්රිග් විසින් වෙඩි දමා පුපුරවන ලද) පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් තවමත් සොයා ගෙන නැත. මීට කි​ෙලා් මීටර් 6 ක් දුරින් ආරක්ෂක ​පොලිස් මුර පොළක් ද ඇත. එමෙන්ම ගුවන් යානා සංකේතය සහිත “දුතක” යන වචනය ද ඇති සෙල්ලිපි දෙකක් මහ ඔය අසල හා කොත්මලේ අසල ඇත. මේවාද පුරාවිද්‍යාව මගින් වුවමනාවෙන් සොයා නොගෙන සිටී.   


ලංකාවේ පුරාවිද්‍යාව, ඉතිහාසය, සංස්කෘතිය හා අධ්‍යාපනය හසුරුවන යුනෙස්කෝවේ අනුග්‍රහය ලබන නිසා ඉතිහාසඥයන් හා පුරාවිද්‍යාඥයන් අපගේ අතීතය ගැන නො​ෙසවීම ගැන යුනෙස්​ෙකා්වේ ප්‍රශංසාවට ලක් වේ. නැතිවී ගිය මෙසපොතේමියානු, ඊජිප්තු, පර්සියන් වැනි ශිෂ්ටාචාරවල නටබුන් හැඳින්වෙන්නේ ස්මාරක (Monuments) නොහොත් සිහිවටන නමිනි. මෙසේ නැතිවී ගිය ශිෂ්ටාචාරයන්හි (Lost Civilizations) ඇති නටබුන් ස්ථානයන් අද යුනෙක්කෝව විසින් ආරක්ෂා කර නඩත්තු කරන්නේ ලෝක උරුම බිම් කඩවල් නමිනි. නමුත් සිංහල බෞද්ධයා විසින් ගොඩනංවා ගත් රුවන් මැලි, ජේතවනාරාම, අභයගිරි වැනි චෛත්‍යයන්ද දඹුල්ල වැනි ලෙන් විහාරයන් ද සීගිරිය වැනි පර්වත මාලිගාවන්ද කිසිවෙකු විසින් ඇති ​නොකළ ස්වාභාව සිඹි සිංහරාජ වනාන්තරයද, ගාල්ල කොටුව, දළදා මාළිගාව, ශ්‍රී මහා බෝධිය යනාදිය දැන් මෙරට සිංහල බෞද්ධයන්ට අයත් නැත. එහි තීරණ ගැනී​ෙම් අයිතිය යුනෙස්කෝව සතුය. යුනෙස්කෝවේ ලෝක උරුම බිම් කඩවල් නමැති ව්‍යාපෘතිය සතුය. උරුමක්කාරයින් පසෙකට වී සිටිය යුතුය. දැන් උරුමක්කාරයා 1955 උපන් යුනෙස්කෝවයි. නොහොත් ඇමෙරිකා එක්සත් ජනපදයේ හැසිරවීමට යටත් එක්සත් ජාතීන්ගේ සංවිධානයයි. තමන්ගේ උරුමයන් පාවා දුන් ඡන්දයෙන් බලයට පත් වු මෙබඳු ආණ්ඩු ඇත්තේ සිරි ලංකාවේ පමණි. මේ අතරතුර ඇමෙරිකන් මානව විද්‍යාඥයන් හා පුරා විද්‍යාඥයින් විසින් අප ඉතිහාසය (හෙළ) අවුරුදු 12,800 අතීතයට ගෙන ගිය ද්විත්ව රංගනය තේරුම් ගැනීම අපහසුය.  

 

ආචාර්ය සූරිය ගුණසේකර

 

ලංකා ඉතිහාසයට එරෙහි ලංකා ලෝක මහා මෙහෙයුමෙහි සම්බන්ධීකාරක වන්නේ ඉංග්‍රීසිකාරයාය. රටක උත්තරීතර නීතිය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බව උගත් මධ්‍යම පන්තියට උගැන්වීම පළමුව කෙරිණ. අනතුරුව 1948 සෝල්බරි ව්‍යවස්ථාවේ 29 වගන්තියෙන් කියැවුණේ දෙමළ හා මුස්ලිම් අයට නැති අයිතියක් සිංහලයාට නැති බවයි. යටත් විජිත වැසියන් පුරවැසියන් බවට පත් කරමින් එම පුරවැසියා මෙරට මහා පොදු සාධකය බවට පත් කළේය. 1972 ව්‍යවස්ථාවෙන් දින 3ට පසුව දේශපාලඥයාත් ජනමාධ්‍යයත් ශ්‍රී ලාංකික නමැති නාමයත් භාවිත කරමින් එය මෙරට ජාතිය බව කියන්නට විය. ඒ සඳහා යෙදුණේ ඉතා සරල උපක්‍රමයකි. එනම් රටේ නම ශ්‍රීලංකාව කිරීමය. එවිට එම රටේ ජාතිය ශ්‍රීලාංකික බවට තර්ක කරමින් තර්කානුකූල ජාතියක් මෙරටට බිහි කළේය.   

                                                                                                                                                            

නමුත් මෙම තර්කය ඉතා දුර්වලය. එම ශ්‍රී ලාංකික ජාතිය වහරන ශ්‍රී ලාංකික භාෂාව කුමක්ද? ඔහුගේ පොදු ආහාරය මස්ද? මාළුද? එළවළුද? ඔහුගේ ආගම කුමක්ද? ඔහුගේ සංස්කෘතිය කුමක්ද ඇසූ විට දීමට පිළිතුරක් නැත. සිංහ කොඩියට විරුද්ධව රජය (පොලිසිය) විසින් පවරන ලද නඩු දෙකක් ​ෙකාළඹ හා මහනුවර අධිකරණවල ඇත. එම නඩු අසන්නේද නැත. සිංහල යන වචනය සංහිඳියාවට විරුද්ධ නිසා එය පාව්චිචි නොකළ යුතුය. හෙළ යනු සිංහලයා බව බලධාරීන් තවමත් නොදන්නා නිසා එම නොදැනුවත්බව මත හෙළයාට ආරක්ෂාව ඇත. හෙළ යනු මිත්‍යාවක් බව මහාචාර්ය පරණවිතාන පැවසීය. අද දින සිටින ඔහුගේ අනුගාමික ආචාර්ය මහාචාර්ය ගෝල බාලයන් ද එයම ගිරාවාදිව උච්චාරණය කරති.

  
විජයාගමණයෙන් සිංහලයා ඇතිවුණේ මහා වංශයට අනුව ක්‍රි.පු. 543 වැනි මෑත කාලයකදීය. දැන් මෙම අදහස් ප්‍රතික්ෂේප වී ඇති බව ස්වීඩන්, ඩෙන්මාර්ක් හා නෙදර්ලන්ත විශ්වවිද්‍යාලයන් දනී. එ් නිසා ඊට වඩා පැරණි හෙළයා බිම දැමිය යුතුය. එහිදී යොදා ගෙන ඇති රංගන ශිල්පියකු ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කරන බවද සැලකිය යුතුය.   


පැරණි ජාතීන් හා පැරණී ශිෂ්ඨාචාර ඇති විට එම ජාතියේ නම රටට භාවිතා විය. නමුත් 19 හා 20 සියවස්වලදී යුරෝපයෙන් ගොස් මිනිසුන් ශිෂ්ඨ සම්පන්න කළ අප්‍රිකාවේ හා ලතින් අමෙරිකාවේ රටේ නම ජාතියට යෙදේ. අප්‍රිකාවේදී නයිජීරියාවේ නයිජීරියන් උගන්ඩාවේ අගන්ඩියන් කෙන්යාවේ කෙන්යන් සුඩාන්හි සුඩානියන් සෝමාලියාවේ සෝමාලියන් නිදසුන්ය. ලතින් අමෙරිකාවේ ගෝතමාලා ​ෙගා්තමාලියන්, පැනමා පැනමියන් නිකරගුවා නිකරගුවන් කෂුබා කෂුබන් ආදී ලෙසිනි. නමුත් ජාතීන් හා ශිෂ්ඨාචාරවලදී චීනුන්ගේ රට චීනයයි. ජපනුන්ගේ රට ජපානයයි. තායිවරුන්ගේ රට තායිලන්තයයි. ප්‍රංශයින්ගේ රට ප්‍රංශයයි. ජර්මන්වරුන්ගේ රට 1920 දී ජර්මානිය විය. දැන් ලංකාව දමාඇත්තේ (රජය විසින්) 19 හා 20 වැනි සියවස්වලදී ඉංග්‍රීසින් අතින් ශිෂ්ඨාචාර සම්පන්න වු රටවල් ​ගොඩටය. මහාචාර්ය ලෙස්ලි ගුණවර්ධන (ඉතිහාස) ප්‍රකාශ කළේ සිංහල ජාතිකත්වය ඇතිවුණේ 1884 න් පසු අනගාරික ධර්මපාල ක්‍රියාවලිය නිසා බවය.   


ලංකා ඉතිහාසයේ හෙළ යුගයට විරුද්ධව කෙරෙන සටන් මෙහෙයුම් තත්ත්වය මේ අනුව තේරුම් ගත යුතුය. ඊට හේතුව නම් අවුරුදු 6000 ට වඩා පැරණි ශිෂ්ඨාචාර සෙවීමේදී පළමු තැන ඉන්නේ හෙළයා නිසාය.