ඔබ රාත්රියේදී සුබ සිහිනයක් දුටුවේ නම් එය කිසි කෙනෙකුට නොකිය රහසක් ලෙස සිත තබා ගන්න. එවිට ඔබට සුබ ප්රතිඵල ලැබේ.
ඔබ දුටුවේ අශුභ සිහිනයක් නම් උදෑසන අවදි වු පසු කිසිවෙකුගේ මුහුණ නොබලා වතුර වීදුරුවක් ගෙන නිවසින් පිටතට ගොස් කාරා කෙල ගසා වතුර වීදුරුවෙන් කට සෝදා වතුර බොන්න.
ඉන්පසු පළමුවෙන්ම කිරි ගසක් ලගට ගොස් එම සිහිනය කියන්න. පසුව අනික් අයටද කීමෙන් අශුභ ඵල නැතිවේ.
යම් පිරිමියකු තම ආදරවන්තිය සමග පෙම්කරනවා දැකීම සහ අවසාන ඇය සමග ලිංගිකව හැසිරෙන බව දුටුවේ නම් ශාරීරික නිරෝගී තත්ත්වයක් ඇති බව පෙන්වයි.
ඔබ දුටුවේ දෙව් ලියක් නම් ඉතාම ශුභ වන බවත් සියළු බලාපොරොත්තු ඉටුවන බවත් සියල්ල සාර්ථක බවත් පෙන්වයි.
දාසියක් සිහිනෙන් දැකීමෙන් හැගවෙන්නේ පහත් කෙනෙකුගේ මංගල අවස්ථාවකට සහභාගී වීමට සිදුවන බවයි.
ස්ත්රියක් තම ජීවිතය නැති කරගන්නා බව පෙනීමෙන් ඔබට සතුරකු පහර දෙන බව කියවෙන අතර අනතුරකට පත්වෙන ස්ත්රියක දැක්හොත් නෑදැයකුට අනතුරක් සිදුවන බව පෙන්වයි.
ඔබගේ පවුලේම ස්ත්රියක් මරනවා දැක්කේ නම් එයින් හැගවෙන්නේ පවුලේ කෙනෙකුට හදිසි අනතුරක් සිදුවන බවයි.
ස්ත්රියක දිය නානවා දැකීමෙන් ඔබගේ වාසනාව අත ලඟ බවට දැනගත යුතු අතර නිරුවත් ස්ත්රියක දැකීම සතුටුදායක ආරංචියක් දැන ගැනීමට ලැබෙන බව පෙන්වයි.
දරුවකු ප්රසුත කරන ස්ත්රියක් පෙනීමෙන් කියවෙන්නේ දින කීපයක් ඇතුලත විශාල ලාභයක් හිමිවන බවයි.
විලි රුදා ඇති ස්ත්රියක් දුටුවේ නම් එයින් කියවෙන්නේ ඉක්මනින් අසනීපයක් ඇති වන බවයි.
අව ලක්ෂණ ස්ත්රින් දකින්නේ නම් නිවසේ භූත දෝෂ ඇති බව කියයි.
ස්ත්රියක් සමග කෝලහල කරනු දැක්කේ නම් තමා තනිවීමට ඉතා ආසන්න බව හැගවේ.
ජ්යොතිෂවේදි වාස්තු උපදේශක
නිශාන්ත විජේසේන
174/22, තුත්තිරිහේනවත්ත,
මීරිගම පාර, වේවැල්දෙනිය.