සාමාන්‍යයෙන් වසර එකහමාරකට වරක් චක්‍රයේ රාශි මාරු වන රාහු සමග හිරු වටා ගමන් කරනා කුජ ග්‍රහයා අනිවාර්යයෙන්ම සම රාශි ගත වේ. ග්‍රහයින් දෙදනකු එකම රාශි ගතවීමම ග්‍රහ සංයෝගයක් ලෙස නොසලකන අතර ඔවුන් අංශක 8ක් ඇතුළත එකම රාශි ගතව සිටින විට එය ග්‍රහ සංයෝගයක් ලෙස සැලකේ. එසේ නොවන විට දුරස්තව සිටින විට එකම රාශියේ වුවද ඔවුන් සංයෝගයක ශුභ හෝ අශුභ ඵල නොකරයි.
ඔවුන් එවිට තම තමන් ස්ථාන ගත අංශකීය ගුණ මත ස්වභාව ඵල කරන්නාහ. රාහු සහ කුජ යන දෙදෙනාම ස්වභාවයෙන්ම පාපීන්ය. ඔවුන් මෙලෙස සංයෝග වූ පමණින්ම පාපී ගුණම ප්‍රදර්ශනය නොකරයි. ඔවුන්ගේ ස්වක්ෂේත්‍ර උච් නීච භංග, මිත්‍ර ආදී ගුණ තුළ පාපීන් වුවද අශුභව නොසලකන්නේය. එහෙත් පාපීන් දෙෙදනකු වන රාහු සහ කුජ එවන් ගුණ බල තොරව අංශක 8ක් තුළ ඔවුන්ට දුබල ලෙස සැලකෙන රාශියක සංයෝග වීම ලොවට මානවයාට සුවිශේෂී විෂමතා ඇති කළ හැකිය. එවැනි ඉඩකඩ ඇති වේ.
2017.08.17 වන දින උදෑසන වසර 18 කට පසුව රාහු කටක රාශි ගත වන්නේ ඔහුට සතුරු රාශියේය. මේ වන විට කලක සිටම අස්තව දුබල බවින්ද, නීචව දුබල බවින්ද සිටින කුජ ග්‍රහයාද කටක රාශියේම 24 වන අංශකය තුළය. එනම් දෙදෙනාගේ පරතරය අංශක 6ක් අතුළතය. මෙය කුජ රාහු දෙදෙනා දුබලව සංයෝගවීමක් වන්නේය. සංයෝගී ගුණ යුතු මේ පාපීන් දෙදෙනා ස්ව සතුරු හා නීච රාශියේ එක්වීම ඔවුන්ෙග් ස්වභාව ප්‍රබලව සලසන බලයෙන් යුතු වේ. නීච හා අස්ත වූ දුබල කුජ හා සතුරු රාශි ගත රාහු එක්වූ විට ඇති විය හැකි ගුණ බල දුබල පදනමක පවතී.
තවද කුජ ග්‍රහයා 2017.08.27 වන දින උදේ කටක රාශියෙන් නික්මෙන තෙක් අගෝස්තු 25 වන දින සිට මොවුන් දෙදෙනා කටක රාශියේ 30වන අංශකය තුළම අතිප්‍රබල එකතුවක සිටී. දුබලව එකම රාශිගත මේ දෙදෙනා ඉතා ප්‍රබලව ඇති කරන පාපී සංයෝගය ලොවට උදා කළ හැකි ගුණාත්මක බව අතිශය හීන විය හැකි බව පෙනී යයි.
එසේම මෙලෙස සංයෝගීව ඇති කරන දුර්විපාකවල ඵල බල පැවැත්වීමද නොයෙක් ආකාර විය හැකිය. කල් පවතින පීඩා දායක තතු මේ සංයෝගයේ ලොව සිදුවිය හැකිය.
ජලය, වායුව, ගින්දර යන භූත බලවේගවල ක්‍රියාකාරීත්වය විෂම විය හැක කාලයක ආරම්භයක ලෙස දැක්විය හැකිය. භූමිකම්පන, ගිනි විපත්, ජල විපත්, වායු විපත් ලොව බහුල විය හැකිය. එසේම මානව චිත්ත සන්තානයන්හි නොයෙක් ආකාරයේ පරිවර්තන ඇති විය හැකිය. අසමගිය, විරසක බව, අඹු සැමි ගැටුම්. මත භේද බහුල බව මේ අවධියේ මතු විය හැකිය. ඒ පීඩාවල ඵල දිගු කලක් බල පැවැත්විය හැකිය.
විශේෂයෙන් තම උත්පත්ති පදනමේ බලවත් බවකින් තොරව කිසියම් දුබල භාවයක් මත මේ ග්‍රහයින් පිහිටා ඇත්තේ විශේෂයෙන් කුජ, රාහු යන දශා ගතකර ඇත්තේ, තවදුරටත් ස්වකීය තෙවන. පස්වන හෝ සත්වන දශාව ලෙස මේකී දශාවන් ගත කරන ඇත්තෝද තම සියලු කටයුතු මනා සැලකිල්ලෙන් පවත්වා යා යුතු සමයක් ලෙසට පැහැදිලි කරදෙනු ලැබේ.
මානව චිත්තයන්හි සහ ක්‍රියාකාරකම්වල නොසිතූ අහිතකර පෙරැළි ඇතිවිය හැකි සමයකි. එවන් පෙරළි ආරම්භ වී බෙහෝ කටයුතු වෙනස් විය හැකි කාලයකි.
රන්නේ නැගෙනහිර,
ලලිත් ශ්‍රී සිටිනාමලුව.
36, කැන්දහේනවත්ත පාර,
දෙපානම, පන්නිපිටිය.