ග්‍රහ ලොව පිය රජු ලෙස සැලකෙන රවි ග්‍රහයා 2017 දෙසැම්බර් මස 16 වන දින මෙතෙක් ගමන් කළ වෘශ්චික රාශියෙන් ගුරු හිමි ධනු රාශියට පැමිණෙයි. 2018 ජනවාරි 14 දක්වා රවි ග්‍රහයා ධනු රාශියේ සිය අණසක පතුරුවමින් සිටී.
රවි ප්‍රවිෂ්ට වන්නේ ධනු රාශියටය. ධනු රාශිය ගුරුට අයත්ය. ගුරු ග්‍රහලොව පුරෝහිත තුමා වශයෙන් හඳුන්වනු ලැබේ. එසේ නම් මෙම ග්‍රහ මාරුව ‘‘රජතුමා පුරෝහිත තුමාගේ භවනට’’ යෑමට සමානය.
කේන්ද්‍ර හිමියාගේ පාලන ශක්තිය, මහත්මා ගති, අණදිමේ ශක්තිය, අවංකකම, සෘජු කථාව, උසස් වීමේ ඇති ආශාව යන ලක්ෂණ රවිගේ බලයෙන් ක්‍රියාත්මක වෙයි. රජය, පාලන පක්ෂය, වෛද්‍යවරුන්, විනිසුරුවරුන්, තම පියා රවිගෙන් නියෝජනය වේ. සිංහ රාශියේ හිමිකාරිත්වය දරණ රවි එහිදී ස්වක්ෙෂ්ත්ර බලය ලබයි. මේෂ රාශියේදී උච්ච බලය ලබන අතර තුලා රාශියේ නීච බලය ලබයි. රවි දශා කාලය වසර හයකි. කැති, උත්‍රපල්, උත්‍රසල යන නැකැත් රවිගෙන් පාලනය වේ.
රවි ධනු රාශිගත වීම උපන් ලග්න වලට බලපාන හැටි
මේෂ - මේෂ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ නව වැන්නට රවි පැමිණෙයි. රවි භාග්‍යස්ථානයට පිවිසිමත් සමඟ ධන ලාභයක් බලාපොරොත්තු විය හැකිය. තනතුරු ලැබෙයි. විදේශ ගමන් බලාපොරොත්තු වූ අයගේ පැතුම් ඉටු වේ. වැඩිදුර ඉගෙනීමකට යොමු වේ. පින්වත් දූ පුතුන් ලබයි.
වෘෂභ - වෘෂභ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ අට වැන්නට පැමිණෙන රවි තරමක් අසුබ පල උදාකරන බව පෙනේ. පවුලේ කෙනෙකුට අසනීපයක්. පීඩාවක් ඇතිවිය හැක. උසස් අය සමඟ කටයුතු කරන විට කල්පනාකාරී වන්න. නීතියේ පිහිට බලාපොරොත්තු නොවිය හැකි නිසා නීති විරෝධී කටයුතුවලට මැදිහත් නොවීමට වග බලා ගන්න. රුධිර පීඩනය පිළිබඳ දෝෂ, උෂ්ණාධික රෝග හට ගැනීමට පුළුවන.
මිථුන - මිථුන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හත්වැන්නේ ගමන් කරන රවි විවාහ ජීවිතය පිළිබඳව බාධා ඇති වීමට ඉඩ තිබේ. මංගල යෝජනාවලට බාධා ඇතිවීමට හැකියි. සතුරන් සමඟ අවුල් වියවුල් ඇති වීමට ඉඩ ඇත. මුදල් අතින් අගහිඟ කම් ඇති වේ. උසස් අයගෙන් කරදර ඇතිවීමට ඉඩ ඇති නිසා ඉවසීමෙන් කටයුතු කරන්න.
කටක - කටක ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හය වැන්නට රවි පැමිණෙයි. දෙවැන්න අධිපති රවි හයවැන්නට පැමිණීමෙන් සතුරු බලවේග මර්දනය වේ. ඔබට තරඟ විභාග හා සම්මුඛ පරීක්ෂණවලින් ජයග්‍රහණ හිමිවේ. රැකී රක්ෂා තනතුරු වලට පත්වීමට බලාපොරොත්තුවෙන් සිටින අයට අදහස් ඉෂ්ට වෙන කාලයක් වේ. ජනප්‍රියතාව වැඩි වේ. නඩු වලින් ජය ගත හැක.
සිංහ - සිංහ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ පස් වැන්නට ලග්නාධිපති රවි පැමිණෙයි. අධ්‍යාපන කටයුතු වලට බාධා ඇතිවේ. විවාහ අපේක්ෂිත පෙම් සබඳතාවලට අසතුටුදායක තත්ත්වයක් ඇති වීමට ඉඩ ඇත. උසස් අයගෙන් තමාට අගෞරව ලැබීමට ඉඩ ඇති වේ. තත්ත්වය රැක ගැනීම සඳහා අනවශ්‍ය ලෙස වියදම් කිරීමෙන් වැළකීමට සිතට ගන්න.
කන්‍යා - කන්‍යා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ හතර වැන්නට රවි පැමිණෙයි. මෙම මාසය ඇතුළත සිත් තැවුල් ඇති වීමට ඉඩ ඇත. තරමක් කරදර සහිත වේ. මව්පියන්ටද කරදර සහිත බව පෙනේ. ස්ථාන, ගෙවල්, ඉඩකඩම් පිළිබඳ කරදර ඇති වීමට ඉඩ ඇත. දේපළ වලින් හෝ ගොවිතැනින් පාඩු සිදු වීමට හැකිය. පපුවේ ආබාධ ඇති අය විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය.
තුලා - තුලා ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ තුන් වැන්නට රවි පැමිණිමෙන් සුබපලදායක වේ. ධෛර්යය හා උත්සාහය වැඩි වේ. තනතුරු වල උසස් වීම් ලැබේ. උසස් අයගේ උදව් උපකාර ලැබේ. රජයේ තනතුරු ලැබේ. ආදායම් වැඩිවේ. සහෝදර හා අසල්වාසීන් සමඟ සබඳතා අලුත් වේ.
වෘශ්චික - වෘශ්චික ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දෙවැන්නට රවි පැමිණෙයි. ගෘහ ජීවිතය පිළිබඳව තරමක බාධා කරදර ඇතිවීමට ඉඩ ඇත. තැන්පත් ධනය වැය වීමට කරුණු යෙදිය හැකිය. කථා කරන විට දුරදර්ශී නොවුණ හොත් කතාව නිසා පාඩුවක් සිදුවීමට ඉඩ ඇත. සෞඛ්‍ය්‍ය ගැන සැලකිලිමත් වන්න.
ධනු - ධනු ලග්න හිමියන්ගේ ලග්නයට රවි පැමිණීම නිසා මෙම මාසය සුබාඅසුබ මිශ්‍රපල ගෙන දෙනු ඇත. භාග්‍යස්ථානාධිපති ලග්නයට පැමිනීම නිසා දෙවි පිහිට පෙර පින උදා වේ. වැඩිදුර ඉගෙනීමට දොරටු විවර වෙයි. හිසේ රෝග, උෂ්ණාධික රෝග තත්ත්වයන් ඇතිවීමට ඉඩ ඇති නිසා ශරීර සෞඛ්‍යය රැක ගැනීමට උනන්දු වන්න. දැඩි ලෙස අවිවේකී කාලයක් වනු ඇත. උසස් අයගේ ආධාර උපකාර ලැබේ.
මකර - මකර ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දොළොස්වැන්නට රවි පැමිණීම නිසා වාසනාවට භාග්‍යයට නොව උත්සාහයට හා ධෛර්යටම තැන දී කටයුතු කළයුතු මාසයකි. තරමක් අපලදායකයි. උසස් කෙනකු හෝ රැකියා ප්‍රධානියකු අමනාප වීමට ඉඩ තිබේ. අනවශ්‍ය වියදම් ඇති වේ. රජයේ රැකියා කරන අයට විශේෂයෙන් ප්‍රවේසම් විය යුතුය.
කුම්භ - කුම්බ ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ සියලුම ලැබීම් පෙන්වන එකොළොස්වැන්නට රවිගේ පැමිනීම සුබදායක වේ. උසස් අයගේ ඇසුර ලැබේ. ආදායම් මාර්ගයහපත් වේ. රජයේ රැකියාවල නිරත වන අයට වැඩිපුර ගරු සැලකිලි. නම්බුනාම හා තනතුරුවලින් උසස් වීම් ලැබේ. රැකියා අපේක්ෂාවන් සාර්ථක වේ. විවාහ සහකරුගේ රැකියා ප්‍රශ්නයට විසඳුමක් ලැබේ. තෑගි බෝග ලැබෙන කාලයකි.
මීන - මීන ලග්න හිමියන්ගේ කේන්ද්‍රයේ දහ වැන්නට රවි පැමිනීම සුබපලදායක වනු ඇත. ඔබේ නායකත්ව ගතිගුණ ප්‍රදර්ශනය කරමින් අන් අය අතර ප්‍රධානත්වයක් ඇතිව කටයුතු කිරීමට හැකිවේ. රැකියා ලාභ හිමිවේ. උසස් අයගේ ආධාර උපකාර ලැබේ. පියාගේ ධනය හිමිවේ. රැකියා කටයුතුවල තත්ත්වය උසස් වේ. නම පැතිරෙන කාලයකි.
මේ අනුව රවි මාරුව සමහර ලග්න වලට සුබපල මෙන්ම ලග්න කිහිපයකට අසුබ පලත් උදා කරන බව පෙනේ. රවි අපලය ඇති අය බුද්ධ පූජා, බෝධිපූජා තබා කතරගම දෙවි පිහිට පැතීමත්, සූර්ය පිරිත භාවිත කිරීමත් මගින් අපල සමනය කරගත හැක. තවද ඇස් අන්ධ අයට උපකාර කිරීම, පිපාසයෙන් පෙළෙන අයට සිසිල් බීම, තැඹිලි ආදිය දීම, මව්පියන්ට උපස්ථාන කිරීම සුබය.
ජ්‍යොතිෂවේදිනී
අජන්තා ඒකනායක
අංක 121, මාංගොඩ
මැදමහනුවර
0774275328