සකලවිධ සුබදායක සියලු වස්තුන්ට හා කාර්යට සෞම්‍ය ගුණය බලය කීර්ති ප්‍රශංසා තනතුරු ලාභ ගෙන දෙන ගුරු හෙවත් බ්‍රහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ රශ්මි ධාරා විහිදීමේ ෙදවන ස්ථානය ගුරුට හිමිවන අතර ප්‍රමුඛ ස්ථානය හිමිවන්නේ රවි ග්‍රහයාටයි. යමකුගේ ඡන්ම කේන්ද්‍රය තුළ සඳු සිටින රාශියට ගෝචර ගමනින් ගුරු පැමිණිවිට එය කර්ම ගුරු වශයෙන් හැඳින් වේ. මෙය වසර 12 කට වතාවක් ජන්ම හිමියකුට උදාවන්නකි.
ගුරු - සඳු යෝගය ඉතා බලවත්ව ජන්ම කේන්ද්‍රයක පිහිටීම යහපත් උසස් ප්‍රතිඵල ලබා දෙන මුත් ගෝචර ගමනේදී කර්ම ගුරු සඳු ග්‍රහයා සමග සංයෝගවීම එයට හාත්පසින්ම අහිතකර ස්වභාවයක් පෙන්නුම් කරයි. විශේෂයෙන් ජන්ම කේන්ද්‍රයක 03-06-07-08-12 යන රාශියක සඳු ග්‍රහයා තැන්පත්ව සිටීමෙන්ද එම ස්ථානයට ගෝචරයෙන් ගුරු පැමිණිමෙන් හෝ එහිදී ගුරු සඳු දුර්වලභාවයට පත්වීමෙන් කර්ම ගුරුගේ අසුබ පලවිපාක නිතැතින්ම ජන්ම හිමියාට ගෙන දේ. විශේෂයෙන්ම මෙම වසරේ සැප්තැම්බර් 12 වැනිදා දක්වා කන්‍යා රාශියේ සිට තුලා රාශියට ගුරු ග්‍රහයා සතුරුව පිවිසීමෙන් මීන ලග්න හිමියන්ගේ අටවැන්න හෙවත් මාරක ස්ථානය තුළ ගුරු ග්‍රහයා ගෝචර ගමනේ ඉදිරියට වසරක කාලයක් ගමන් කරන බැවින් මෙහිදී විශේෂයෙන් ‘සිත’ නැකතේ 03 04 යන පාදවලින් හෝ ‘සා’ නැකත සහ ‘විසා’ නැකතේ 01 02 03 පාදවලින් ඡන්ම ලාභය ලැබූ මීන ලග්න හිමියන්ගේ සඳු ග්‍රහයා අටවැන්නේ පිහිටා ඇති බැවින්ද ඊට අමතරව ඔබගේ ලග්නය කුමක් වුවත් ඉහත නැකත් සහ පාද තුළින් ඔබ ජන්ම ලාභය ලබා ඇති නම් ඔබේ තරාතිරම කුමක් වුවත් එම තත්ත්වයෙන් පහත දැමීමටද සමාජයෙන් නින්දා අපහාස ලැබීමට හා නීතිමය ගැටලු ද ඉස්මතු වී විවිධ කායික හා මානසික වශයෙන් පීඩාකාරීතාවන් ගෙන දීමට ඉඩ ඇත. තවද අඹු සැමියන්, දූ දරුවන් අතර භේද භින්න වීම් හා පෙම්වතුන්ගේ අනාගත බලාපොරොත්තු බිඳවැටීමද විවාහය ප්‍රමාදවීම් වැනි බොහෝ කරුණු කර්ම ගුරුගේ කාල වකවානුව තුළ ගෙන දීමට හේතු සාධක ගොඩ නැගෙනු ඇත. විශේෂයෙන් මීන ලග්න හිමියන්ට හා ඉහත දැක් වූ නැකත්වලින් ඡන් ලාභය ලැබූ අයට 2017 සැප්තැම්බර් 12 සිට ඉදිරියට වර්ෂයක් එනම් 2018 ඔක්තෝබර් 10 දක්වා කර්ම ගුරුගේ අහිතකර බලපෑම් ගෙනදීමේ ප්‍රවනතාවය වැඩි බවක් පෙන්නුම් කෙරේ. මෙම කාල සීමාව ඉතා තීක්ෂණ බුද්ධයකින් යුතුව කටයුතු කිරීම ඉතා වැදගත් වේ. දේශපාලනික වශයෙන්ද යම්යම් අහිතකර මතවාද බලපෙරළිය සහ රටටද අපකීර්ති නාම ගෙනදීමේ ප්‍රවණතාව වැඩිය.
සෙත් ශාන්ති වශයෙන්
අභිසම්භිධාන යන්ත්‍රය හෝ නාරසිංහ යන්ත්‍රය ජීවම් කර පැළඳ ගැනීම, පුෂ්පරාග මැණික් සහිත මුදුවක් පැළඳ ගැනීම, බෝධි පූජා පැවැත්වීම, සෙත් කවි කියවීම හා සිවුරු අටපිරිකර පූජා කිරීම, වැඩිහිටි මව්පියන්ට සිල්වතුන්ට ඇප උපස්ථාන කිරීම හා ධර්මානුකූල කටයුතුවල යෙදීමෙන් ඔබට සැනසුම යහපත සලසා ගැනීමට හැකිවනු ඇත.
ජ්‍යොතිෂ විද්‍යා විශාරද
ගුප්ත විද්‍යාවේදී
ජේ.එම්. ජයන්ත ඒකනායක
සියපත කාර්යාලය.
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල.