මිනිසාට නොදන්වා මරණය ගෙන දෙන ගුරු


මරණය යනු සියලු සත්වයාට පොදු ධර්මතාවක් වුවත් එය අල්ප හෝ දීර්ඝායුෂ ලැබීම එකිනෙකාට විවිධ ක්‍රමවේදයන් මගින් තම ජීවිතයෙන් සමුගැනීමට සිදුවනු ඇත.   


මිනිසාට වඩාත් සුභදායක යහපත සලසන සුරගුරු හෙවත් බ්‍රහස්පති සෞරග්‍රහ මණ්ඩලයේ බලමහිමය පතුරුවනු ලබන ප්‍රධාන ග්‍රහයෙකි. මෙම සුරගුරු මිනිසාට දුකක් නොදී සුව නින්දේදීම තමා නොසිතන මොහොතක තමාට මරණය ගෙන දෙන බවත් ඔහුගේ හෝ ඇයගේ මරණයෙන් පසු යම් ප්‍රසිද්ධියක් උදාකර දීමට ඉවහල් වන ජන සමාජයේ පවා කතාබහට ලක්වන මරණයක් වශයෙන් ප්‍රසිද්ධියක් ඇතිවනු ඇත. විශේෂයෙන් හදිසි අනතුරකින් හෝ දීර්ඝ කාලයක් එක්තැන් කර ජරාවට පත්කර දුක්වේදනා නොදී සතුටින් සිටින මොහොතක හදිසි හෘදයාබාධයකින් හෝ සුළු සෙම් රෝගයකින් වුවද? මරණය කරා ගෙන යා හැකිය.   


මෙයට ප්‍රධාන හේතු සාධක වශයෙන් යමෙකුගේ ජන්ම කේන්ද්‍රයේ අටවැන්න හෙවත් මාරක ස්ථානයේ ගුරු පිහිටීමද? ගෝචර ගමනින් ගුරු අටවැන්නට පැමිණීමද ජන්මයෙන් සඳු ග්‍රහයා අටේ සිටින විට එම ස්ථානයට ගෝචරයෙන් ගුරු පැමිණි විටද සඳුගෙන් හෝ සිකුරුගෙන් අටවැන්නේ ගුරු ගමන් කරන විට හදිසි මරණයකට ගොදුරු විය හැකිය. එයට අමතරව කේන්ද්‍රයේ හයවැන්න හෙවත් රෝගස්ථානයේ හෝ දොළොස්වැන්නේ ඉහත සඳහන් ග්‍රහයෝග පිහිටා ඇති නම් එම ග්‍රහයින්ගේ මහ දශා අතුරු දශාවන්හි හදිසි මරණයකට ගොදුරුවීමේ ප්‍රවණතාව වැඩිය.   


2018 ඔක්තෝබර් 11 සිට ඉදිරියට වර්ෂයක් පමණ කාලය තුළ මේෂ ලග්න හිමියන්ගේ අටවැන්නේ ගුරු ග්‍රහයා ගෝචරයෙන් ගමන් කරනු ඇත. මිථුන ලග්න හිමියන්ගේ රෝගස්ථානය හෙවත් හය වැන්නේද? ධනු ලග්න හිමියන්ගේ දෙ‌ාළොස්වැන්නේද ගුරු ග්‍රහයා ගමන් කරන කාලයක් හා විසා නැකතේ හතර වැනි පාදයේ සිට අනුර සහ දෙට යන නැකැත්වලින් ජන්මලාභීන්ට කර්ම ගුරුගේ සහ සඳුගේ අසුභ බලයද? පිහිටා ඇති බව සිහිපත් කරමි. කෙසේ නමුදු හදිසි වාසනාවන්ත මරණයක් වුවද ජීවත්වන අයට දුකකි. ප්‍රියයන්ගෙන් වෙන්වීමද දුකකි. බුදු දහම අනුව සත්‍යතාව ද එයයි.   


ගුරුගේ අපලයෙන් මිදීම සඳහා සෙත් ශාන්ති වශයෙන්,   


අභිසම්භිධාන යන්ත්‍රය හෝ නරසිංහ යන්ත්‍රය නිසි වත්පිළිවෙත් ඇතිව ජීවම් කර පැලඳ ගැනීම, පුෂ්පරාග මැණික් සහිත මුදුවක් පැලඳ ගැනීම, බෝධි පූජා පැවැත්වීම, සෙත් කවි කියවීම හා සිවුරු අටපිරිකර පූජා කිරීම, වැඩිහිටි මව්පියන්ට සිල්වතුන්ට ඇප උපස්ථාන කිරීම හා මරණයට කැපවුණ සත්වයින් නිදහස් කිරීම හා ධර්මානුකූල කටයුතුවල යෙදීමෙන් ඔබට සැනසුම යහපත සලසා ගැනීමට හැකි වනු ඇත.   


දිනකට නව වතාවක් මෙම වේද මන්ත්‍රය උදේ සවස භාවිත කරන්න.   


ඕම් වෘෂත්වචාය විද්මහේ   
රුණි හස්තාය ධී මහී   
තංනෝ ගුරු ප්‍රචෝදයාත්  

 


ගුප්ත විද්‍යාවේදී,   
ජේ.එම්. ජයන්ත ඒකනායක   
සියපත කාර්යාලය   
දංගස්පිටිය, වීරඹුගෙදර, කුරුණෑගල