නර්තන කලාවට අද ඇත්තේ විශාල පිළිගැනීමකි. තරුණ තරුණියන් අතර නර්තනයට අද ලොකු කැමැත්තක් තිබෙන බව අපට පෙනී යන කරුණකි. අද ප්‍රසංග වේදිකාවල නර්තනයට ද විශාල ඉඩ කොටසක් වෙන්කර ඇත්තේ ද, මේ පිළිගැනීම නිසාය. ඒත් සමහරු ඒ දේශීය නර්තන කලාව විනාශ කරමින් අඬ නිරුවතින් නටන අවස්ථා ප්‍රසංගවලදී අප දැක තිබේ. තවත් සමහරු විදෙස් නර්තන සම්ප්‍රදා, දේශීය නර්තන කලාව සමඟ මිශ්‍රකර අලුත් තාලේ නැටුම් නටති. මේ සියල්ලටම මුහුණ දෙමින් ඔහු මෙරට නර්තන කලාව පූජනීය තැනක් බවට පත් කිරීමට නිතරම උත්සාහ කරන බව අපට දැකගත හැකිවිය. ඒ නිසාම ඔහු මෙරට මෙන්ම ජාත්‍යන්තරයේ ද ශ්‍රී ලාංකේය නර්තන කලාවේ තම අනන්‍යතාව සලකුණු කරගෙන හමාරය.
ඔහු නමින් චන්දන වික්‍රමසිංහය. නර්තන ශිල්පියකු, නර්තනාචාර්යවරයකු මෙන්ම චිත්‍රපට නර්තන අධ්‍යක්ෂවරයකු ලෙසින්ද ඔහු සම්මානයට පාත්‍ර වී තිබේ. දේශීය සුභාවිත නර්තනය රැකගැනීමට උරදෙන මේ නර්තනාචාර්යවරයා, නර්තන කලාවෙන් බැහැරව තම ප්‍රේම සබඳතා, ආදරය, විවාහය ගැන කතා කිරීමට කැමැති වූයේ මගේ පෙරැත්තය නිසාය. මේ ඔහු තම අදහස් ප්‍රථම වරට පුවත්පතකට හෙළිකරන අවස්ථාවක් ලෙස සැලකේ. ඉදින් මේ නර්තන ශිල්පියාගේ ආදරය, විවාහය ගැන අපේ කතාබහ තුළින් ගෙන එන්නේ, ඔහු තුළ තිබෙන උතුම් මානුෂීය ගුණාංගවලට තුති පුදමිනි.
• ආදරය, ප්‍රේමය ඔබ හඳුනාගෙන තිබෙන්නේ. ඔබට දැනෙන්නේ කොයි ආකාරයටද? කියලා මුලින්ම කතා කරමු නේද?
ඔව්, ඒක හොඳයි, ආදරය අපට මුලින්ම දැනෙන්නේ හදවතට. තමන්ට දැනෙන හැඟීම තමයි ආදරය, අම්මාගේ ආදරය වෙන්න පුළුවන්. ප්‍රේමවන්තියගේ ආදරය වෙන්න පුළුවන්. සහෘදයකුගේ වෙන්න පුළුවන්. තමන්ට තිබෙන හිතවත්කමට මම කියන්නේ ආදරය කියලා. හිතෛෂිවන්තකම තමයි මම ආදරය ලෙස දකින්නේ. ඒ ආදරය පවිත්‍රයි. මගේ ආදරයේ පළමුවෙන්ම ගන්නේ හිතෛෂිවන්ත බවයි. අම්මා කෙනෙක්, බිරිඳත්, ප්‍රේමවන්තියක්, මිතුරෙක්, දරුවෙක් අතර තිබෙන හිතෛෂීවන්තබව තමයි මට ආදරය ලෙස දැනෙන්නේ. හිත කියන්නේ හදවත ඉතිං අාදරයක් ඇතිවන්නේ හිත තුළ නොවෙයිද?
• මුලින්ම ඔබට එවැනි හිතෛෂීවන්තකමක් ඇතිවුණේ පාසල් යන කාලයේදීද?
ඔයා කියන්නේ ප්‍රේමය ගැන නේද? පාසල් කාලයේදී තමයි ඒ ප්‍රේමය මුලින්ම මට ඇතිවුණේ. මෙහිදී දෙයක් කිව යුතුමයි. මම දැන් නර්තන ගුරුවරයෙක්. මම ලෝක අමාරුවක වැටිලා තිබෙන්නේ. ගුරුවරයකු ලෙස මෙවැනි ප්‍රශ්නවලට උත්තරදීම සහ ජනප්‍රිය කලාකරුවෙක් ලෙස මම උත්තරදීමෙන් ඒ සාධාරණයක් ඉටුකරන්න ඕන නේද? මිනිස්සු ආසයි මගේ පෞද්ගලික දේ දැනගන්න. පොඩි ෙගාසිප් පැත්තක් යනවානම් මිනිස්සු කැමතියි. මම ගුරුවරයෙක් වුණත් හැඟීම් පහළ වෙනවානේ. ඉතිං ඒ නිසා ඇත්ත මම කියන්නම්. එය මගේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මව්පියන් තේරුම් ගනියි කියා මා හිතනවා.
පාසල් යන කාලයේදී, ඒ කියන්නේ උසස් පෙළ කරන අවධියේ අපේ ගෙවල් ළඟ කිට්ටු ගැහැනු ළමයෙක් ගැන මට කැමැත්තක් අැතිවුණා. අපි දෙන්නම 106 බස් එකේ පාසල් යනවා. මම බහිනවා මහානාම විදුහල ළඟින්. එයා දිගටම පුරහලටම යනවා. එයා මාව පාස්කරලා ගිහින් ඉවරයි මේ වන විටත්. ඒ කියන්නේ මට අද වගේ මතකයි. බස් එකේ දී දෙන්නත් එක්ක බල බලා යන හැටි. එයා එතරම් උස නෑ. ඒ ප්‍රේමය සෑහෙන කාලයක් තිබුණා.
• ඒ ප්‍රේමයට විරුද්ධකම් ඇතිවුණා කියලා ආරංචියි. ඇත්තද ඒ කතාව?
ඔව්, එයාගේ අයියාට අාරංචි වී ඇවිත් මට හොඳටම ගැහුවා. මොකද එයාගේ අයියා අපේ පාසලේ, මගේ සම වයසේ පන්තිවල හිටියේ. දුන්නා මට පාරක්. ඔහු මට කිව්වා, මේ වැඩේ නවත්වන්න කියලා. එහෙම කියලා තමයි පාරක් ගැහුවේ. ඒක දැකලා අම්මා මට කිව්වේ ගැහැනියෙක් ගන්න ඉස්සෙල්ලා මිනිහෙක් වෙයන් කියලයි. එතකොට මම උසස් පෙළ කරලත් නැහැනේ. එදා ඉඳලා අත් ඇරපු ප්‍රේමය මම යළි පටන් ගත්තතේ අවුරුදු ගණනක් ගිහිල්ලයි.
• එතකොට ඇයි ඔබ ප්‍රථම ප්‍රේමය ඔයාවත් පසු කරලා ගිහින් ඉවරයි කිව්වේ. මොකක්ද ඒ කතාවේ තේරුම?
මම හිතුවා ඔබ ඒ ප්‍රශ්නය අහයි කියලා. එකක් ඇය පාසල් යන අවධියේ මාත් එක්ක එක බසයෙන් ගියත්, මම බැස්සට පසු මාව පසු කර ඉදිරියට ගියා. ඒ වගේම අද මේ වන විට ඇය ජීවිතයෙන් ද මාව පසුකර ගිහින් ඉවරයි. ඇය මරණයට පත්වෙලා දැනට මාස 5 ක් විතර වෙනවා. මම ළඟ දී දැනගත්තේ.
• ඔබ විවාහ වී දරුමල්ලන්ද හදාගත් පසුවයි ඒ ආරංචිය දැනගන්නේ. එතකොට මොකද ඔබට හිතුණේ?
අපේ ගෙවල් ළඟ කුමාර අයියා කියලා කෙනෙක් ඉන්නවා. ඔහු හරිම හොඳ අයියා කෙනෙක්. මට චන්ද්‍ර කියලා තමයි කියන්නේ. දවසක් ඒ අයියා ‘චන්ද්‍ර දන්නවාද වැඩක්’ කියලා මේ මරණය ගැන මට කිව්වා. අපේ පාරේ කඩයක් තිබුණා. එයා දරුවන් එක්ක කඩේට එනවිට. මම අපේ දරුවන්ට පෙන්නලා තිබෙනවා. මේ මම ඉස්සර ආදරය කළ කෙනෙක් කියලා. අපේ දරුවන් ‘ආන්ටි’ කියලා මතක් කරනවා.
මම ඉතිං කාර්ය බහුලයි එයා දන්නවා. මම දැන් ජනප්‍රිය, ප්‍රසිද්ධ කෙනෙක් කියලා. මගේ චරිතය ගැනත් දන්නවා. ඇය මට නිතරම හොඳ කියනවා. මාත් පාරේදී දැක්කාම ‘හලෝ කොහොමද?’ කියලා අහනවා. නමුත් මම ඇයගේ මරණය ගැන දැන ගත්තේ පහුවෙලා. හොඳටම මට දුක හිතුණා. මගේ මතකයේ තිබෙන්නේ ඇය අවුරුදු 40 සිටි කාලයේ නොවෙයි. පාසල් කාලයේ ඇය නිල් පාට ටයි එක දාගෙන ගිය අයුරු තමයි තවමත් මගේ මතකයේ තිබෙන්නේ.
• ඊට පස්සේ ඔබ ප්‍රේම සබඳතා කීපයක් පැවැත්වූවා නේද? ඇයි ඒවා බිඳී ගියේ? ඔබේම වරදක් හින්දද? නැත්නම් ඒ අයගේ වරදක් හින්දද? ඔයා ඔක්කොම දන්නවා නේද?
මට සුදුසු කෙනා හම්බවනතුරු, හිතෛෂිවත්තකම ඇතිවනතුරු සබඳතා ඇතිවුණා. ඕනෑ කෙනෙක්ට එහෙම වෙන්න පුළුවන් ඔක්කොට ඉස්සෙල්ලා හිතෛෂිවන්තකම තිබෙන්න ඕනෑ. ඒ කැඩිලා ගිය ප්‍රේම සබඳතා සියල්ල මට හිතෛෂිවන්තකම නැති හින්දා වෙච්ච දේවල්, හිතවත්කම තිබුණා නම්, ඒ ප්‍රේමය දිගටම යනවානේ.
ඔබ ඇසුවා වගේ මගේ වරදක් හින්දා නම් නොවෙයි ඒ සියල්ල නැතිවෙලා ගියේ. ප්‍රේම සබඳතා 6 ක් පමණ බිඳී ගියා. නැට්ටුවෙක් වීම අනාගත විවාහයට බාධාවක් කියන එක ගැහැනු ළමයි තීරණය කළා. ඒක විශේෂයෙන් කිව යුතුයි. පිරිමියෙක් නැට්ටුවෙක් වීම, තමන්ගේ අනාගත ස්වාමිපුරුෂයා විදිහට ඔහු භාරගැනීම, අනියත බියක් මගේ ප්‍රථම ප්‍රේමයේ සිටම තිබුණා. ඉන් පස්සේ යාළු වූ සියලු ගැහැනු ළමයින් මව්පියන් හරහා සියලු සම්බන්ධකම් මාත් එක්ක තිබුණු ඒවා නතර කරලා දැම්මේ, මම නැට්ටුවෙක් වීම නිසයි. මව්පියන් බයවුණා. මම ආදරයෙන් බැඳුණු එක ගැහැනු ළමයින්ගේ අම්මා කෙනෙක් කිව්වේ. ‘‘අපෝ නැටුම් කරන කෙනෙක් එක්ක ජීවත්වෙන්නේ කොහොමද කියලයි. ඒ වගේම තවත් ගැහැනු ළමයෙක් කිව්වේ, මාව බැන්දානම් මගේ කාර්යබහුලත්වය හින්දා ඇයට දුක් විඳින්න වෙයි කියලා. හැමෝම මට අකැමැතිවුණේ. වෘත්තීය නැට්ටුවෙක් වීම තමන්ගේ පෞද්ගලික දිවියට බාධාවක් වෙයි කියලයි. ඒ වගේම නැට්ටුවෙක් කිව්වාම ඒ දවස්වල ආර්ථික තත්ත්වයෙන් පහළ මට්ටමක සිටි අය ලෙසයි මව්පියන් සැලකුවේ.
• කොහොම වුණත් නර්තන ශිල්පියකු වීම හින්දා ඔබට කාන්තාවන්ගේ ඇල්ම බැල්ම වැඩිවුණා නේද?
ඔව්, දැන් ඇල්ම බැල්ම වැඩිවෙලා තිබෙනවා. කොයි ඇල්මක් දිහාවත් දැන්නම් මේ බැල්ම වැටෙන්නේ නෑ. ඉස්සර ඒවා ප්‍රසිද්ධියේ කියන්න බැහැනේ. එවා ඕනෑනම් රහසේ කියන්නම්.
• ඔබ ඔය විදිහට ආදරයෙන් පැරදුණාම දුකක් දැනෙන්න ඇති නේද? මේ විරහව නැති කරගන්නේ කොයි විදිහටද?
විරහව, දුක ඇතිවුණේ ඒක් අවස්ථාවක පමණයි. ඉන් පස්සේ ඒවා මට ගණනක් නෑ. මම වෙන්නැති දේවල්වලට එච්චර දුක්වෙන මිනිහෙක් නොවෙයි. පාසල් වියේ ප්‍රේමය සුන්දරම ප්‍රේමයයි. ඒක නැතිවුණා කියලා දුක්වුණේ ඇය මැරුණා කියලා දැනගත්ත දවසේදී. එතකම් මට ඒ විරහව, දුක දැනුණේ නැති තරම්. ඒත් එක දෙයක් කියන්න ඕනෑ මම ඉන්දියාවේ ශාන්ති නිකේතනයේදී ඉගෙන ගන්න අවධියේදී එවකට අවුරුදු 5 ක් තිස්සේ මම ප්‍රේමකළ ප්‍රේමවන්තිය මට ලියුමක් එවනවා. හරියටම මම විශ්ව විද්‍යාලයේ අවසන් විභාගයට යන දවසේදී ‘‘මේ සම්බන්ධය අදින් පස්සේ නෑ’’ කියලා. ඒක කුමන්ත්‍රණයක්. කොළඹ ඉන්න සමහර නර්තන ශිල්පීන් තමයි මේ කුමන්ත්‍රණය කළේ. ඒ වන විට ඒ ගැහැනු ළමයාට බෙර වාදන ශිල්පියෙක් මට හොරෙන් යාළු කරලා දීලා. මගේ අධ්‍යපනය කඩන්න ලියුමක් එවනවා. විභාගයට යන දවසේ. එදා මම අතිශයින් කම්පනයට පත් වූ දවසක්. විභාගය දවල් 10.00 ට තිබෙනවා. උදේ 8.00 ට තැපැල් කන්තෝරුවට ගියාම ලියුම් දෙනවා. අපි ගිහින් ගන්නේ එනකොට පරක්කු හින්දා.
ඉතිං මේ ලියුම් කියෙව්වාම ලොකු කම්පනයක් ඇතිවුණා. මම ලංකාවේ ඉන්න ගුරුවරයකුට, ඒ කියන්නේ මහාචාර්යවරයකුට කතා කළා. එතුමා මට කිව්වේ ‘අම්මා තමුසේ ඉන්දියාවට එව්වේ ඉගෙන ගන්න නේද? ඉගෙන ගෙන එනවා. ඕවා පැත්තකට දානවා’’ මහාචාර්ය මුදියන්සේ දිසානායක මහත්මයා මට එදා උපදෙස් දුන්නේ එහෙමයි. ඔච්චරයි කිව්වේ. එහෙම කියලා දුරකතනය තිබ්බා. විභාගය දවසේ තමයි ඒ ප්‍රශ්නය මම ගුරුවරයා එක්ක කතාකළේ.
• ඉතිං දුක නැති කරගත්තේ කොහොමද?
මෙහි කනගාටුම කරුණ තමයි අදටත් ඇය විවාහකයි. විවාහ වුණාට ඇය මවක් නොවෙයි. ඒ ගැන මම කනගාටුයි. විවාහ වුණාම බිරිඳ මවක් විය යුතුයි නේද? අදටත් ඇය විවාහක, නමුත් දරු සුරතල් බලන්න බැරි විදිහට ඉන්න අසරණ වූ කාන්තාවක්. මට ඇතිවෙන්න දරුවන් ඉන්නවා. එ් ගැන සතුටක් තිබෙනවා. මම එදා එ් සර් දුන්න උපදෙස් මත විභාගය හොඳින් කළා. නර්තනයෙන් මගේ දුක නැති කරගත්තා.
• එතකොට ඔබට විවාහයක් කරගන්න අදහස් ආවේ කොයි කාලයේද? නැටුව හින්දා විවාහයක් ගැන සිතුවේ නෑ නේද?
නැටුම දිගටම කරගෙන යද්දී විවාහයක් ගැන මට ඕනෑ වුණේ නෑ, මට ටාගට් එකක් තිබුණා. ඒ ටාගට් එකට දුවන විට විවාහ ප්‍රශ්න ඔළුවට ආවේ නෑ. ඒ කාලයේදී අම්මා ප්‍රොපෝසල් දෙකක් ගෙනාවා. පළමු ප්‍රොපෝසල් එක ආවේ මතුගමින්. මම ගියා බලන්න රැවුල තිබෙන ගැහැනියක් විදිහටයි. ඇය ආවේ මාව බලන්න. අපේ ලොකු නැන්දා රැව්වා රැවිල්ලක් මොකද ඇය උසස් පෙළපතක හොඳ කාන්තාවක්. නැන්දා බැන්නා, මේ කොහෙද අපි එක්කන් ආවේ කියලා. පව් ඉතිං ඒ ළමයා මොනවා කරන්නද? ඒක එතනින් ඉවරයි.
ඊට පස්ෙස් දෙවැනි ප්‍රොපෝසල් එක ආවේ ගෙවල් ළඟින්මයි. ඒකෙත් ලස්සන කතාවක් තිබෙනවා. දිල්හානිගේ ගෙදර තමයි එදා ගියේ. එතකොට මම දන්නවා. ඇයගේ තාත්තාව, ලේක්හවුස් එකේ ප්‍රබල චරිතයක් විදිහට තමයි ඔහු හිටියේ. ඒ ගෙදරට ගියාම බුලත් හෙප්පුව වෙනුවට ආවේ කේක් ට්‍රේ එකක් අරගෙන නට නටා කෙල්ලෙක්. කේක් කෑල්ල අරගෙන හෙමිහිට බලනකොට. දොර ළඟ ඉඳන් කිව්වේ. ‘මේ මේ ඔය නංගි කියලයි’’මට ලජ්ජාවේ බෑ. මම සිතුවේ නංගි තමයි මනමාලි කියලා. අයියා ප්‍රසාත් කිව්වේ. ඔය නංගි කියලා. අක්කා ඇතුළේ කියලයි. ඊට පස්සේ තමයි දිල්හානි ආවේ. දැක්ක ගමන් සිතුවා. ඇය තමයි මට හරියන කාන්තාව කියලා. දිල්හානි ලස්සන කාන්තාවක්. ඇයත් එවකට පුවත්පත් කලාවේදිනියක්. මගේ දියුණුවේ දෙවැනි පියවර පටන් ගත්තේ ඇයත් සමඟ විවාහ වුණාට පස්සෙයි. හිතෛෂීවන්තකම කියන එක ඇය දැක්ක ගමන් ඇතිවුණා.
• ඔබ නර්තන ශිල්පියකු විදිහට පුවත්පත් කලාවේදිනියක් සමඟ තමයි විවාහ වෙන්නේ. මෙය යෝජිත විවාහයක්නේ. ප්‍රේම සබඳතාවක් නැතිව එහෙම විවාහයක් කරගන්න ගියාම ඔබට මොකද සිතුණේ?
එතනදී ගෞරවයක් ඇතිවුණා. මොකද නැට්ටුවෙක් කර කාර බඳින්න තරම් පුවත්පත් කලාවේදිනියක් කැමතිවීම. මම විශ්වාස කරනවා පුවත්පත් කලාවේදීන්ට, මාධ්‍යවේදීන්ට කොන්දක් තිබෙනවා කියා. කොන්දක් නැතිවුණාම තමයි පිළිගැනීමක් නැත්තේ. ඇය එහිදී දැඩි තීරණයක් ගත්තා නැට්ටුවෙක් කසාද බඳිනවා කියා. නැත්නම් අච්චර ලස්සන ගැහැනියක්. මම වගේ නැට්ටුවෙක් බඳියිද? ඇය විවාහ වෙන දවස්වල හරිම රූමත්. සමහරු වෙඩින් ෙෆාටෝ දැකලා දිල්හානිගෙන් අහලා තිබෙනවා. ඔයාට ඇස් දෙකක් නැද්ද කියලා. එතකොට දිල්හානි ඇයි ඒ? කියලා ඇහුවාම ඔවුන් කියා තිබෙන්නේ මෙච්චර ලස්සන කෙනෙක් අර වගේ කැත කෙනෙක් එක්ක විවාහ වුණේ ඇයි කියලයි.
ඇය දැක්ක දවසේම ඇති වූ හිතෛෂීවන්තකම තමයි අපේ විවාහයේ අඩිතාලම වුණේ. මා හැරගිය හැම පෙම්වතියක්ම, මම නැට්ටුවෙක් වීම නිසා අනියත බියක් ඇති කරගත් අයයි. මාත් එක්ක හිඟාකන්න. හරි නැට්ටුවෙක් කසාද බැඳලා දිල්හානි කැමතිවුණා. ඇය මම බඳින විටදී මගේ අතේ රුපියලයක්වත් තිබුණේ නෑ.
• ඔබ බලාපොරොත්තු වූ ආදරය ඇය තුළ තිබුණාද?
අනිවාර්යන්ම, මාව හොඳට තේරුම් ගත්තේ ඇයයි. මගේ වපසරිය, මගේ වටපිටාව, මගේ කලායතනය, මගේ නර්තන කණ්ඩායම, මගේ ආයතන ගොඩනඟන්න ඇය මට හුඟාක් උදව් කළා. අද මම ආයතන 8 ක හිමිකරුවෙක්. දරුවන් හදාවඩා ගැනීම, දරු තිදෙනකුට මවක වීම, හොඳට ඉගැන්වීම ඇය සිදුකළේ පුදුමාකාර කැපවීමකින්. මගේ ලොකු දියණිය විශ්ව විද්‍යාලයට තේරුණා. ඒ ගැන අපි දෙන්නාම ඉන්නෙ හරිම සතුටින්. මට මේ හැම නාඩගමක්ම නටන්න ඉඩ දීලා, සියලු බර කරට අරගෙන, තමන්ගේ මාධ්‍ය ජීවිතයෙන් ඇය සමුගත්තා. අවුරුදු 18 ක ලේක්හවුස් එකේ පුවත්පත් කලාවේදී ජීවිතයෙන් සමුඅරගෙන, මට ඉදිරියට යන්න උදව් කළා. ඇය බර කරට අරන් යතුර අතට ගත්තා. ඒ ලැබුණු හිතෛෂීවන්තකම උඩ අද මම හොඳට ඉන්නවා. සෘජුව, කොන්ද කෙළින් තියාගෙන මට නිදහස ලබාදී සියලුම දේ කරට අරන් කරන්න පුළුවන් ශක්තිය දිල්හානිට තිබුණා. දැන් මම නිවැරැදි තීරණයක් ගත්තා කියා සිතනවා. ඇත්තටම ඇය තමයි මගේ ප්‍රියම්බිකාව. මාව ශක්තිමත් පුද්ගලයකු බවට පත්වීමේ රහස ඇයයි.
• විවාහයෙන් පස්සේ කාන්තාවන්ගෙන් ඔබගේ ශිෂ්‍යවන්ගෙන් යෝජනා එහෙම එන්න ඇති නේද?
මෙහෙමයි. හැමෝම දන්නවා මම ගුරුවරයෙක් කියලා. මම මගේ සීමාවෙන් එහාට යන්නේ නෑ. මට සමහර වෙලාවට දැනෙනවා යමක්. මම ඒවා සුහදව සතුටු සිතින් පිළිඅරගෙන. ඔවුන් එක්ක ගුරු - ගෝල විදිහට කටයුතු කරනවා. ස්වයං විනයක් මා තුළ තිබෙනවා. ඒ විනය තුළ මට පාරාදීසවල සැරිසරන්න අවශ්‍යතාවක් නෑ. ඉතා රූමත්, දක්ෂ, වැදගත් පිරිසක් මාව පරිපාලනය කරන්න ඉන්නවා. මාව පරිපාලනය කරන පිරිසක් ගෙදරත් ඉන්නවා. සියයට සියයක් මගේ පෞද්ගලික ජීවිතය තෘප්තිමත්. එය තෘප්තිමත් නම් ඇයි තවත් දේවල් සොයාගෙන යන්නේ? මගේ බිරිඳ මට සියයට දෙසියක් ආදරෙයි. මට පිටින් ඇල්ම බැල්ම නොලැබෙනවා නොවෙයි. විවිධ අය ඒ බැල්මවල් මට දානවා. නමුත් මම ඒ බැල්මට හසුවෙන්නේ නෑ.
චන්දන අද දවසේදී තම බිරිඳ ගැනත් දරු තිදෙනා ගැනත් මහත් ආඩම්බරයෙන් කතා කරන්නේ ඔහු අද මේ තැනට එන්න ඔවුන්ගේ උදව් උපකාර අඩු නැතුව ලැබුණු නිසාය. කොතරම් පරාජිත ප්‍රේමවන්තයකු වුවද, අවසානයේ ඇයට නියම පෙම්වතිය හමුවුණේ පුවත්පත් කලාවට පින්සිදු වන්නටය. ඉදින් චන්දන ප්‍රථම වරට හෙළිකළ ඒ ප්‍රේම සම්බන්ධතා ගැන ලියූ සටහන මෙසේ හමාර කරන්නෙමු.
සටහන් කළේ
සමන්ත යම්පත්