ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී
අනුෂ්ක රත්නායක
“කොණ්ඩා මෝස්තර”යනු ගැහැනු පිරිමි ඕනෑම අයෙකු ගේ රූපකායට සැලකිය යුතු වෙනසක් එක් කරන අංගය කැයි කීවොත් එහි දොසක් නැත. අද වන විට විවිධ Hair Style වැලඳ ගන්නට ලෝකයේ ගැහැනු පිරිමි දෙපාර්ශ්වයම යොමුව ඇති සෙයක් පැහැදිලිවම දක්නට ඇත. කෙසේ වෙතත් අතීතයේ අප රටේ පිරිමි පාර්ශ්වය ප්‍රස්තුත කරුණ සම්බන්ධයෙන් එතරම් උනන්දුවක් නොදැක්වූ ස්වභාවයක් පැවති නමුත්, අද වෙනවිට ලොකු කුඩා පිරිමි සියලු දෙනා තමන් ගේ කොණ්ඩා මෝස්තරය පිළිබඳ අතිශය සැලකිලිමත්ය. ඒ නිසා පිරිමි පාර්ශ්වය වෙනුවෙන් වඩාත් ගැළපෙන Hair Style එක පිළිබඳව කතා කරන්න“සඳැල්ල”අපි සිතුවෙමු. ඒ වෙනුවෙන් අප සම්බන්ධ කරගත්තේ ප්‍රවීණ රූපලාවණ්‍ය ශිල්පී “අනුෂ්ක රත්නායක”යි
Hair Style එක පිරිමි අයට කොයි තරම් විශේෂ ද?
Men's Grooming කියන එක Trend එකක් වෙලා තියෙන්නේ. ඒක දැන් ගැහැනු පිරිමි කියලා නැහැ.හැමෝම තමන්ගේ Styleඑක Maintain කරනවා. දැන් තිබෙන කාර්ය බහුල ජීවිතය සහ සමාජය එක්ක පිරිමි කෙනෙක්ට එයාගේStyleඑකMaintain කරන එක ඉස්සරට වඩා මේ කාලයේ ගොඩක් වැදගත් වෙලා තියෙනවා. ඒක තමන්ගේ පෞරුෂය ගොඩනගන්න Grooming, Men's Hair Cut, Style වැදගත් වෙනවා.
පිරිමි අය කොණ්ඩය පිළිබඳව කොයි තරම් දුරට සැලකිලිමත් වෙනව ද?
පිරිමි අය ගොඩක්ම ඔවුන් ගේ Hair Style එක පිළිබඳව සැලකිලිමත් වෙනවා.ඔවුන්ගේ වෘත්තිය, Life Style එක කියන දේවල් මේකට බලපානවා.දැන් ඒක හැමෝම හිතන දෙයක්. ඒ වගේම ඔවුන් සම්පූර්ණයෙන් මුළු ඇඟම Maintain කරන්න යොමු වෙලා තියෙනවා. ඉස්සරට වඩා ලොකු දියුණුවක් මේ සම්බන්ධව තිබෙනවා.
පිරිමි කොණ්ඩා මෝස්තර කොච්චර නම් මේ වෙද්දී තිබෙනවද?
Hair Style මේ වෙද්දී ගොඩක් තිබෙනවා. නමුත් කාලයෙන් කාලයටStyle වෙනස් වෙනවා. ඒක වෙන්නේ ලෝකයේ අලුත් Style බිහි වීමත් එක්ක. ප්‍රසිද්ධ ලෝකයේ ක්‍රීඩකයෝ, අලුත් චිත්‍රපට ආවම,ලෝකයේ ප්‍රසිද්ධ Concert, Shows ආවම ඒවගේ අය අලුතෙන් දාගෙන තිබෙන Hair Style ඒ ඒ කාලෙට Trend එක බවට පත් වෙනවා. ඉතින් ලංකාවේ දැනටMohawk, Vegan, Side part, Low Fade, Mid Fade වගේ Hair Cut තමයි වැඩිපුරම භාවිත වෙන්නේ.
පිරිමි කෙනෙක් කොයි තරම් දුරට කොණ්ඩය ගැන සැලකිලිමත් වෙන්න අවශ්‍යය ද?
ලංකාවේ පිරිමි අයට තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි කොණ්ඩය යෑම සහ ACD Hairline කියන එක. ඒකට ලංකාවේ අයගේ තිබෙන මානසික පීඩනය, වතුර නොබීමේ ප්‍රශ්න, නිවැරදි ආහාර රටාවක් නොමැති වීම, නොසැලකිලිමත් බව, අයහපත් සෞඛ්‍ය තත්ත්වයන් නිසා පිරිමි අයට කොණ්ඩය යෑම පොදු ගැටලුවක් වෙලා තියෙනවා. කුඩා වයසේ ඉඳන්ම කොණ්ඩය ගැන සැලකිලිමත් වීම අත්‍යවශ්‍යයි. එක වගේමHair Cut කරද්දී සාමාන්‍යයෙන් තමන්ගේ කොණ්ඩේ යනව නම් ඒ පිළිබඳව සිතා කොණ්ඩය පිහිටන පැත්ත වෙනස් කරන්න අවශ්‍යයි. ඒ වගේම Hair Style කරන එක වෘත්තියට ගැළපෙන විදිහට සිදු කරන්න අවශ්‍යයයි. විශේෂයෙන් වෛද්‍යවරුන්, ගුරුවරුන්, ගිණුම් අංශවල සේවකයින්, නීතිඥවරුන් වගේ විවිධ වෘත්තීන්ට ගැළපෙන විදිහට Hair Style කරන විදිහක් මේ ක්ෂේත්‍රයේ තිබෙනවා. ඒක වෘත්තීමය වශයෙන් සිදු කරන්න අවශ්‍යයි. ඒ වගේම ගායකයන්, නළු නිළියන්, ව්‍යාපාරිකයන් වගේ කැෂුවල් රැකියා කරද්දී අපි ගොඩක් Fancy Hair Cutsවලට යනවා. ඒ වගේම Hair Cuts වලින් පස්සේ වැක්ස්, ජෙල්, මූස්, Hair Cream වගේ පාවිච්චි කරන විට අතුරු ආබාධ තියෙන්න පුළුවන්. ඒ නිසා ඒ ගැනත් සැලකිලිමත් වෙන්න අවශ්‍යයි. ඒ වගේම කොච්චර කාලෙකින් Hair Cut එකක් කරන්න ඕනෑද කියන එක පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනෑ. සමහර වෙලාවටHair Cut එක කරලා සති දෙකක් පමණ යනතුරු හොඳින් කොණ්ඩය තිබුණත් පස්සේ වේළෙන ඝන ගතියක් කොණ්ඩයට එන්න පුළුවන්. ඒ නිසා කොණ්ඩය Maintain කරන්න ඕනෑ.
කෙනෙක් ගේ වයස අනුව කොණ්ඩා මෝස්තරය වෙනස් වෙන්නේ කොහොමද?
වයස කියන දේ කොණ්ඩා මෝස්තරයක් නිර්මාණය කරද්දී අනිවාර්යයෙන් බලපානවා. තමන්ගේ Fashion එක සාමාන්‍යයෙන් වයස අනුව වෙනස් වෙනවා. ළමයින් සාමාන්‍යයෙන් ගත්තමHair Cut සම්බන්ධව අදහස් Style වෙනස් වෙනවා. එයාලා ගොඩක් දුරට Hair Glow කරන්න තමයි කැමති. 20 -30 වයස අතර පිරිමි අය සාමාන්‍යයෙන් Glow කරන්න කැමති නැහැ. සාමාන්‍යයෙන් Professional Cut එකකට යන්න තමයි කැමති. 30- 45 වගේ වයසෙ අය එක කොණ්ඩා මෝස්තරයකින් නවතිනවා. ගොඩක් වෙලාවට ඔවුන් Short Hair Cuts තමයි යොදා ගන්නේ. ඒ වගේම පහසුව තමයි බලන්නේ. ඒ නිසා වයස එක්කම ඔවුන් ඉන්න සමාජ මට්ටම ඒ හැම දේම බලපානවා කොණ්ඩා මෝස්තරයක් පාවිච්චි කරද්දී.
විදේශ රටවල Hair Style එකක් ලංකාවේ අය කොයි තරම් ඉක්මනට වැලඳ ගන්නව ද?
ලොකුවටම අපේ ලංකාවේ අය ඒ Hair Style වැලඳ ගන්න උත්සාහ කරනවා. විශේෂයෙන් ලෝකයේ රගර්, ෆුට්බෝල් වගේ ක්‍රීඩකයන් ගේ ලෝකයේ ඉන්න ජනප්‍රිය ගායකයන් ගේHair Style එක දාගන්න මෙරට පිරිමි අය අතර ලොකු ඉල්ලුමක් තිබෙනවා. ගොඩක් වෙලාවට ඒ අයගේ ෆොටෝ එකක් අරන් ඇවිත් අපිට පෙන්නලා ඔවුන්ට අවශ්‍ය විදියට කොණ්ඩා මෝස්තරය දාගන්නවා. ඇත්තටම ඒක හොඳ දෙයක්.
කෙනෙක්ට ගැළපෙන කොණ්ඩා මෝස්තරය හඳුනාගන්නේ කොහොම ද?
මේ සඳහා අපි සැලකිලිමත් වෙන්න අවශ්‍ය කාරණා කිහිපයක්ම තිබෙනවා. පළවෙනි දේ තමයි ඔහුගේ උපතින්ම තිබෙන කොණ්ඩය මොන වගේද කියන දේ. කර්ලි කොණ්ඩයක් ද නැත්තම් ස්ට්‍රේට් ද වියළි ද කියන දේ. මොකද සමහර වෙලාවට ඒ අදාළ පුද්ගලයාට අවබෝධයක් නැතිව Hair Style තෝර ගෙන එනවා. ඒ නිසා අනිවාර්යයෙන්ම Hair Test එක ගැන අවධානය දෙන්න අවශ්‍යයි. ඒ වගේම Hair Movement සහ Direction ගැන අවධානය දෙන්න ඕනෑ. ඒ කියන්නේ සමහර වෙලාවට ඒ පුද්ගලයාගේ සුළි තියෙන්න පුළුවන්. ඒ වගේම Hair Cut එකෙන් පස්සේ කොණ්ඩය Maintain කරගන්න පුළුවන් ද කියන දේ බලන්න ඕනෑ. ඒ වගේම රැකියාව, සමාජය, වයස, Life Style එක, කොච්චර වෙලාවක් කොණ්ඩයට වැය කරන්න පුළුවන්ද කියන බාහිර කාරණා සියල්ල පිළිබඳව අවධානය යොමු කළහොත් හොඳ පහසු කොණ්ඩා මෝස්තරයකට යන්න පුළුවන්.
සුදර්ශනි කෝණාර