ජ්‍යෝතිෂ ශාස්ත්‍රයට කිසිදු සම්බන්ධයක් නැතත් සෑම වසරකම ජනවාරි මස 01 වැනිදා දවස කුමක් වුවද නව වසරක ආරම්භය වශයෙන් සලකනු ලැබේ.
එසේ හෙයින් සෞභාග්‍යය පතා ජනවාරි මස 01 වැනිදා උදෑසන ආගමික කටයුතු කිරීමටත් කිරි ඉතිරවීමටත් උනන්දුවක් ඇතිවී තිබේ.
2018 නව වසර
2018 ජනවාරි 01 වනදා සඳුදා දවසකි. තත්කාල ලග්නය අශුභය. ලග්නාධිපතියා සතුරු රාශි ගතව සිටියි. දවසද අශුභය.
තෙරුවනට පහනක්
මේවා ගැන නොසලකා 2018 ජනවාරි මස 01 වැනි සඳුදා හිරු උදාවන මොහොතේ, එනම් උදේ 06.22.00ට උතුර බලා සුදු ඇඳුමින් සැරසී, තෙරුවනට පහනක් දල්වා, පහත සඳහන් ගාථා දෙක කියා උදාවන නව වසර සෞභාග්‍යමත් එකක් වේවායි ප්‍රාර්ථනා කරන්න.
ගාථා රත්නය
ජයෝහි බුද්ධස්ස පිරිමතො අයං
මාරස්ස පාපිමතො පරාජයෝ
උග්ගොසයුං බෝධි මණ්ඩෙ පමෝධිතා
ජයත් තදා දෙවඟනා මහේසිනො
ජයෝ මුනින්දස්ස සුබෝධි මූලේ
අහෝසි මාරස්ස පරාජයෝහී
උග්ගොසයුං දෙවඟනා පසන්නා
එතෙන සච්ඡේන ජයස්සු මයිහං
(තුන් වරක් කියන්න)
කිරි ඉතිරවීමට
ඉන් පසු උදේ 06.50ට සුදු වස්ත්‍රාභරණයෙන් සැරසී උතුර බලා පහත සඳහන් ගාථාව කියමින් ලිප ගිනි දල්වා කිරි ඉතිරවීමට හෝ කිරිබත පිසගැනීමට ඉතා ශුභය.
ගාථා රත්නය
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ බුද්ධානුභාවේන සදා සොත්ථි භවන්තු මේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්ති සබ්බ දේවතා
සබ්බ ධම්මානුභාවේන සදා සොත්ථි භවන්තු මේ
භවතු සබ්බ මංගලම් රක්ඛන්තු සබ්බ දේවතා
සබ්බ සංඝානුභාවේන සදා සොත්ථි භවන්තු මේ
ගනුදෙනු සහ අනුභවයට
කිරිබත ඉදුනු පසු සුඳු ඇඳුමින් සැරසී උතුර බලා උදේ 07.10ට බුද්ධ පූජාව තබා පහත සඳහන් ගාථාව කියා දෙවියන්ට පිං අනුමෝදන් කරවා ගනුදෙනු කර ආහාර අනුභවයට ඉතා සුදුසුය.
දිව්‍යමය ශුභ මුහුර්ථ
උදේ 07.23 සිට ශනි හෝරාව ආරම්භ වැනි නමුත් උදේ 07.23 සිට දිව්‍යමය ශුභ මුහුර්ථ උදාව පවතින හෙයින් සියලු දෝෂ භංගවේ.
ගාථා රත්නය
නමෝතස්ස
සබ්බ බුද්ධානුභාවේන සබ්බ ධම්මානුභාවේන සබ්බ සංඝානුභාවේන
ආයු වඩ්ඪකෝ ධන වඩ්ඪකෝ
සිරි වඩ්ඪකෝ යස වඩ්ඪකෝ
බල වඩ්ඪකෝ වණ්ණ වඩ්ඪකෝ
සුඛ වඩ්ඪකෝ හෝතු සබ්බදා
දුක්ඛ රෝග භයා වේරා
සෝකා සබ්බේ උපද්දවා
අනේකා අන්තරායාපි
විනස්සන්තුච තේජසා
ජය සිද්ධි ධනං ලාභං සොත්ථිභාග්‍යං
සුඛංබලං සිරියායුච වණ්ණෝච
භෝග වුද්ධීච යසවා සතවස්සාච
ආයුච ජීව සිද්ධීච හෝතු තේ
(තමන්ට කියන විට හෝතු මේ කියන්න)
අපල සමතයට
අකාල විපත් බහුල යුගයක ජීවත්වන අපට සැනසීම පිණිස 2018 ජනවාරි මස 01 වැනි සඳුදා දහවල් 10.40ට හෝ 12.10ට හෝ උතුර බලා කලින් සකස්කරගත් පහත සඳහන් බෙහෙත් කසාය ස්නානය කිරීමට ඉතා සුදුසුය.
බෙහෙත් කසාය
අංජන කැට, ලොත්සුඹුළු, කළුතල සතකුප්ප, බැවිල, වීපොරි
මේවා එක පමණට ගෙන මැටි මුට්ටියකට දමා තම්බා නිවුන පසු පෙරා ඉහත කී වෙලාවට නාන්න (ස්නානය කරන්න) සෙනසුරු අපල දුරුවේ. ඉන්පසු හැකි අවස්ථාවන්හිදී මේ බෙහෙත් කසාය ස්නානය කරන්න.
බෝධි පූජා
2018 ජනවාරි මස 01 වැනි සඳුදා සවස ගෝධූලි මුහුර්ථය උදාව පවතියි.
සවස 06.10ට උතුර බලා චෛත්‍යය රාජයාණන්ට එළඟි තෙල් පහන් 04ක් දැල්වීමට ඉතා ශුභය.
සවස 06.30ට උතුර බලා බෝධි රාජයාට එළඟි තෙල් පහන් 04ක් දල්වා
නව ග්‍රහයන්ට අබතෙල් තල තෙල් මිශ්‍ර පහන් 09ක් දල්වා බෝධි පූජාව ආරම්භ කරන්න.
තෙයියෝරු ෙතල්
චෛත්‍ය රාජයාගේ හා බෝධි රාජයාගේ පහන්වලට තෙයියෝරු තෙල් ටික ටික හෝ යෙදීමෙන් දෙවියන්ගේ සතුටත් ආකර්ශනයත් ලැබී ප්‍රාර්ථනාවන් ඉෂ්ඨ වේ.
තෙයියෝරු තෙල් සිංහල බෙහෙත් වෙළෙඳසල් වෙතින් ලබාගත හැකිය.
සැමට සුභ නව වසරක් වේවා!
ජ්‍යොතිර්වේදී
වසන්ත කුරුප්පු
රම්මුතුගල, කඩවත.
0112969626.