ග්‍රහ මණ්ඩලයේ මනාලිය වශයෙන් සලකනු ලබන සිකුරු පෘථිවියට එක් පැත්තකින්ද අනිත් පැත්තෙන් කුජද පිහිටා ඇත. සූර්යාගෙන් අංශක 48කට වඩා ඈත් නොවේ. මෙම ග්‍රහයා අලුයම් කාලයේදීත් ඉර බැසයන කාලයේදීත් අපේ පියවි ඇසට පෙනෙන අතර උදයේ දකින විට පහන්තරුව වශයෙන්ද. සවස දකින විට ඉරබටු තරුව වශයෙන්ද හඳුන්වයි. විශේෂයෙන් අවුරුද්දේ එක කාලයකට අලුයමද තවත් කාලයක සවස් කාලයේද මෙම අහසේ දීප්තිමත් පියවි ඇසට පෙනේ.
සිකුරු ලග්නයේ සිටීමෙන් දැකීමට ප්‍රිය මුහුණ මනාව පිහිටි ශරීරයක් හා ප්‍රිය උපදවන කතා විලාසයක්ද හිමිවේ. නිතර විනෝදයෙන් සිටින තැනැත්තකු වෙයි. සුවද වර්ග සහ විලාසිත ඇඳුම් පැළඳුම් ප්‍රියකරන අතර පිරිසිදුකමද අගය කරන්නෙකු වේ. සුව පහසු යහන්වල නිදා ගැනීමට ලැබෙයි. ස්ත්රින් ආශ්‍රයට පත්වී මහලු අයකු වුවද තරුණයකු මෙන් ක්‍රියා කිරීම නිසා ස්ත්රීන්ට ඉතා ප්රියභාවයක් ඇති කරවයි. ලග්නය තුලා, වෘෂභ, මීන යන එකක් වී ලග්නයට පැමිණ සිකුරා මාලවී යෝගයද උදාකර කලා කටයුතුවලට දැඩි ප්‍රියතාවක් ඇති කරවයි. විසිතුරු දේ කිරීමට පෙළඹෙයි. එයින් අන්‍යයන්ගේ සිත් තමා වෙත ආකර්ෂණය කර ගැනීමේ ගතිය ඇති වේ.
සිකුරු දෙවැන්නේ සිටීමෙන් නිරායාශයෙන්ම ධනය ලබාදෙනු ඇත. බලයෙන්ද යුක්තය. රජයේ හා උසස් නිලධාරීන්ගේ පැසසුමට ලක්වේ. ඔවුන්ගේ උපකාරයෙන් දියුණුව සැලසේ. හිත මිතුරන් ඇතිවන අතර විවාහයද වාසනාවන්තය. යහපත් ඇස්, මුඛය, සුභාෂිත වචන ඇති චරිතවත් යහපත් කෙනෙකු වන අතර ප්‍රියජනක මුහුණක්ද ඇතිවේ. දෙවැන්නාධිපති වී සිකුරා දෙකේ හැසිරෙන විට ඔහුගේ හෝ ඇයගේ මහ දශා, අතුරු දශාවද එවකට පවතී නම් වහාම ධන කුවේරයකු වන්නේ ස්ත්‍රීන් ඇසුරින් ලැබෙන ධනය හේතුවෙනි. ඔහු නොදැනම ධනය ගලා එනු ඇත. තුන් වැන්නේ සිකුරා සිටියදි උපන් අය ස්ත්රීන්ට වඩා ප්‍රියවේ. සහෝදර යන්ගේ උපකාර නොඅඩුව ලැබෙයි. දරුවන්ට සුභදායක නොවේ. උසස් තත්ත්වයකට පත්වෙන අතර යුද කෝලාහල ආදියට බිය ඇත්තෝ වෙති. දීර්ඝායුෂ ලැබීමට වාසනාව ඇත. බිරිදගෙන් ධනය ලැබෙයි. ධන ධාන්‍යයෙන් පිරි සැපවත් දිවියක් ගතකිරීමේ භාග්‍යය උදාවෙයි. සිකුරු දුර්වල වී සිටියේ නම් සහෝදරියන්ගෙන්, භාර්යාවන්ගෙන් විපත් ඇතිවේ. සහෝදරයන් අතර නිතර අඬදබර ඇති කරවයි.
සිකුරු හතරවැන්නේ සිටිවිට අලුත් ගෙවල්, දොරවල්, මල්වතු, උයන්වතු ක්‍රීඩාභූමි, නාට්‍යශාලා, සංදර්ශන පෙන්වන භූමිවල හිමියන් වීම හෝ එවන් ස්ථානවල වාසය කරන්නෝ වෙති. රථවාහන ලැබීමටද වාසනාව ලැබෙති. නැටුම් ගැයුම් උගන්වන ගුරුවරුන්ද විය හැක. ස්ත්රීලාභ, ආයුෂලාභ ඇතිවෙයි. ත්යාගශීලිවේ. සිකුරු දුර්වලව සිටියහොත් පපුවේ රෝග, ශරීරය කෘශවීම, ගේ දොර අන් අය සතුවීම, ස්ත්‍රී වියවුල් ඇතිවීම, සහෝදරයන් විරුද්ධවීම, ඉඩකඩම් ආරවුල් ආදිය ඇතිකරයි. ස්ත්රීන්ගේ දේපළ පිළිබඳ නඩු හබ ඇතිවේ.
සිකුරු පස්වැන්නේ සිටියදී උපන් අය ආචාර්යවරුන් ශාස්ත්‍රඥයන්, සිනමා නාට්‍ය ආදී කලා කටයුතුවල අධ්යක්ෂවරුන්, මන්ත්‍ර ශාස්ත්‍ර ආදියේ නිපුණවන්නන්, යස ඉසුරු ධන සම්භාර ලබන්නන් හා යහපත් දේ ඉගෙන එයින් දියුණුවන්නෝ වෙති. රජයෙන් හා උසස් නිලධාරීන්ගෙන් ගෞරව, සම්මාන ලබයි. දැකීමට ප්‍රිය රූමත් ස්ත්‍රීන් ඇසුරට පත්වේ. ස්ත්‍රීන් නිසාම දියුණුවට පත්වේ.
හයවැන්නේ සිකුරු සිටියහොත් ඥානයෙන් සතුරන් පරදවයි. නපුරු සිතිවිලි ඇතිවෙයි. අධිකව දූ පුතුන් ලබයි. ස්ත්රීන්ට ලොල් වීමත්, අධික කාම සේවනය නිසාත් විපත් ඇතිකර ගනී. ධාතු හීන රෝග, ක්ෂය රෝග, ප්‍රමේහ රෝග, ඇස්වල ආබාධ ඇතිවීමට පුළුවන. තම චරිතයට හානිදායක ප්‍රචාර ඇතිවීමෙන් ලෝකයට මුහුණදීමට අපහසු තත්ත්වයක් ඇතිවේ.
සිකුරු සත්වැන්නේ සිටියදී උපන් අය පහත් ගති ඇති, ස්ත්‍රීන් හා ගණිකාවන් වැනි අයගෙන් කරදර හිරිහැර ඇතිවේ. තම භාර්යාව පවා තමා ගැන සැක කිරීමෙන් නිතර පවුලේ අඬදබර සිදුවේ. නිතර රෝගී තත්ත්වයෙන් පසුවීමට සිදුවෙයි. විශේෂයෙන් ලිංගික රෝග ඇතිවිය හැක. සිකුරු මාරක ග්‍රහයකු වී හත පැමිණියහොත් අකල් මරණද ඇති කරවයි.
සිකුරු අටවැන්නේ සිටිවිට ග්‍රහයන් හැම දෙනාම බොහෝ විට ජන්මියාට අශුභඵල දුන්නත් සිකුරු අටවැන්නේ සිටිය යුතු උසස්ම ග්‍රහයාය. වෙදදුරන්ටත් සෙවිය නොහැකි මරණයක් ඔවුන්ට හිමිවේ. වකුගඩුවේ හෝ හෘද රෝගයකින් මරණය සිදුවේ. මෙහි සිකුරු යෝගව සිටීමෙන් මැණික් වාසනා ඇතිවන අතර විවාහයට අශුභඵල ගෙනදෙයි. සිකුරු නව වැන්නේ නම් ජන්මියා ධාර්මික අංශයට යොමු කරවයි. තමාගේ නිවෙසට ශ්‍රියා කාන්තාව පැමිණියාසේ නිවසේ ශ්‍රියාව, සමගිය හා සමාදානය ඇතිකරවයි. උසස් අයගේ උපකාර හා ගරු බුහුමන්ද ලබයි. ධන ධාන්‍ය ලාභ, කාර්ය සිද්ධි ඇතිවීමෙන් ධනවත් උසස් දිවියක් ගත කිරීමට ලැබෙයි.
දහ වැන්නේ සිකුරු සිටීම රජයේ රාජකාරි හිමිවීමට විශේෂ පිහිටීමක් වෙයි. අාගිය තැන්වලදී හැමවිට පිළිගැනීම්වලට ලක්වෙයි. උසස් අයගෙන් උදව් උපකාර නිරායාශයෙන්ම හිමිවෙයි. බොහෝ විට පාලක පක්ෂයේ අත්සන පමණක් යොදන විධායක ෙශ්ර්ණියේ රැකියා ලැබෙනු ඇත. යහපත් ගතිගුණ හා ක්‍රියා කලාප ඇත්තෙකි. මහජනයාගේ ප්‍රසාදය දිනා ගනී.
එකොළොස් වැන්න සිකුරුට වඩාත් යහපත් ස්ථානයකි. අලුත් නිවාස, රථවාහන, යහපත් දූ දරුවන්, රූපත් ස්ත්‍රීන් ආදියද ලබයි. ධනවත් වෙයි. උගත් පොහොසත් ස්ත්‍රීන් හා විවාහ වී ඔවුන්ගේ ධනය නිසා ප්‍රසිද්ධියද ලබයි. සිකුරු දුර්වලව සිටියහොත් ස්ත්රින් නිසා ආරවුල් ඇතිවෙයි. කරන සියලු කටයුතු වලින් සල්ලාලකම නිසා පාඩු ලබයි. දූ දරුවන්ටද අයහපත් ප්‍රතිපල උදාකරවයි.
සිකුරු දොළොස් වැන්නේ සිටියදී උපන් අය වස්තුලාභ, ගේ දොර, වතුපිටි ආදිය ලබන්නෝ වෙති. ත්‍යාගශීලී වේ. අන්සතු ධනයට හිමිකම් ලබයි. මිතුරන් ඇසුරින් ධනයද හිමිවෙයි. ඔවුන්ගේ උපකාරය දියුණුවට හේතුවක් වෙයි. පාප පීඩිතව හෝ පාප සංයෝගය ඇතිව සිකුරු සිටියොත් මවට මරණය හෝ තදබල ලෙඩදුක්ද ඇති කරවයි. අශුභව සිටියොත් ස්ත්‍රීන් නිසා ධන හානිවෙයි. මිතුරන් වෛර වීම නිසා ගුණධර්ම පිරිහීමෙන් චෝදනාවලට ලක්වේ. වම් ඇසේ රෝග ආබාධ ඇතිවීමටද පුළුවන.
හිඹුටානේ පියතිලක ද අල්විස්
158, හිඹුටාන, මුල්ලේරියාව නව නගරය.