අද විවාහය ගැන කථා කරන හැම විටකදීම කුජ දෝෂය නැතිනම් භෞම දෝෂය ගැන සොයන්නට දෙමව්පියන් මෙන්ම විවාහයට පත්වීමට සිටින අයද දැඩි උනන්දුවක් දක්වති. එලෙසම මෙම දෝෂය නිසා විවාහ වන්නට නොහැකිව සිටින තරුණ තරුණියෝද වෙති. කේන්දරය තුළ තිබෙන මෙම දෝෂය නැතිවී යන අවස්ථා රාශියක් ඇති බව මේ අයට අවබෝධයක් නොමැති නිසා ළතැවෙමින් සිටිති. මේ ලිපිය ඒ සියල්ලන් වෙනුවෙන්ය.
කුජ දෝෂය නැතිනම් භෞම දෝෂය නැතිවන ක්‍රම බලමු. කේන්ද්‍රයක 1, 2, 4, 7, 8, 12 යන ස්ථානයක කුජ ග්‍රහයා සිටින විට කුජ දෝෂය ඇති බව සටහන් වෙයි. නමුත් එම ස්ථාන 06 කේන්ද්‍රය තුළ ග්‍රහයන් හා රාශි අනුව ගත් කල දෝෂය භංගවෙන ක්‍රම සලකා බලමු.
රවි, සඳු හා සෙනසුරුට අයත් රාශි තුළ අනතුරු අංක පිහිටා ඇත්නම්, එම ස්ථාන ඉහත සඳහන් කළ අංක ඇති ස්ථානයක සිටියත් කුජ දෝෂය භංග වී යයි.
සඳුට හෝ ගුරුටත් බලවත් වූ සිකුරුටත් කුජ සංයෝග වී සිටීනම් ස්ථානය කුමක් වුවත් කුජ දෝෂය භංගවී යයි. සිකුරු සහ ගුරු ලග්නයේ සිටී නම් එයද කුජ දෝෂය නැති කේන්දරයකි. චන්ද්‍රයා සිටින තැන සිට කේන්ද්‍ර ස්ථානවල හෝ ත්‍රිකෝණ ස්ථානවල (1,4,7,10,5,9) කුජ පිහිටා ඇත්නම් එය තුළත් කුජ දෝෂය නොමැත.
02 වැන්න මිථුන රාශිය වී හෝ කන්‍යා රාශිය වීමෙන් එහි කුජ සිටීම කුජ දෝෂය භංගවීමකි. 08 වැන්න ධනු රාශිය හෝ මීන රාශිය වී එහි කුජ සිටීනම් එයද කුජ දෝෂය භංගවීමකි. බලවත් වූ ගුරු හෝ සිකුරු කුජ දකී නම් එවිටද දෝෂය භංග වේ.
මකර ලග්න කේන්දරයක ධනු රාශියේද කන්‍යා ලග්න කේන්දරයක මීන රාශියේ, කටක ලග්න කේන්දරයක කුම්භ රාශියේද කුජ සිටී නම් එම දෝෂය භංග වී යනු ඇත. 4 වැන්න හා 7 වැන්න මේෂ, වෘශ්චික, මකර හෝ කටක රාශියට අයත් නම් එම ස්ථානවල කුජ සිටියද කුජ දෝෂය බලපවත්වන්නේ නැත. කුජ 7 වැන්නේ කුජ දෝෂය වුවත් එම කුජ උච්චව හෝ ස්වක්‍ෂේත්‍රව පිහිටා ඇත්නම් කුජ දෝෂයක් නොමැත.
8 වැන්න මකර, කටක, ධනු හෝ මීන රාශියකට අයත් නම් එහි සිටින කුජගෙන් දෝෂයක් ඇතිවන්නේ නැත. එලෙසම 12 වැන්න තුළ කුජ පිහිටන විට ඇතිවන දෝෂය එම දොළොස් වැන්න හිමි රාශිය මිථුන, කන්‍යා, වෘෂභ හෝ තුලා රාශිවලින් එකක් නම් භංග වී යයි.
ස්ත්‍රී පුරුෂ දෙදෙනාගේම කේන්ද්‍රවල කුජදෝෂය ඇතිනම්, එයද දෝෂ භංගවීමට හේතුවකි. කරුණු දැන ගැනීමට අවශ්‍ය නම් 071-8070143ට අමතන්න.
ජ්‍යොතිෂවේදී
සේනානන්ද කරුණාරත්න
31/10 හපුගහතැන්න පාර, කළගෙඩිහේන.