සෑම වසරකම දෙසැම්බර් 25 වෙනි දින නත්තල් උත්සවය සමරණු ලබයි. යේසුස් ක්‍රිස්තුස් වහන්සේ උපත ලැබුවේ නත්තල් දිනය යෙදෙන දෙසැම්බර් 25 වෙනි දිනක රාත්‍රියේ බව ප්‍රකාශ වේ.
ක්‍රිස්තු වර්ෂයෙන් 747 ක් වූ දෙසැම්බර් 25 වන දිනයේ මැදියම් රැයට ආසන්නයේ ඊශ්‍රායාලයේ බෙත්ලෙහෙම් පුරයේ උපත ලද ක්‍රිස්තුස් වහන්සේ උපදින මොහොතේ වල්ගා තරුවක් දිස් වූ බව සඳහන් වේ.
ඉහත උපන් දිනයට අනුව පිළිගත හැකි කේන්ද්‍ර සටහනක් ඉන්දියාෙව් පී.බී. රාමන් නමැති ජ්‍යොතිෂ්‍ය පඬිවරයා ඉදිරිපත් කර තිබේ. එයින් උපුටා ගන්නා ලද සටහන පහතින් දැක්වේ.
ශනි හිමි උත්‍රපුටුප නැකතේ දෙවන පාදයෙන් උපත ලබා ඇති අතර ශනිට ඉදිරියට වසර 14 ක් ශේෂව තිබී ඇත.
මෙම කේන්ද්‍ර සටහනේ වැදගත් දේ පිළිබඳව අවධානය යොමු කරණ විට ප්‍රධාන වශයෙන් කාලසර්ප යෝගයට හසුව ඇති බව පෙනේ. සියලු ග්‍රහයන් නීච රාහු - කේතුට මැදිව ඇත. ගුරු හංස යෝගය කේන්ද්‍ර ස්ථානයක ඇත.
අට අධිපති කුජ සතුරු ස්ථානයේ සිටිමින් ලග්නය දකී. කුජ ශනි රාශි දෙකක සිටියත් අංශක 10 ට වඩා අඩුවෙන් සිට යෝගවී ඇත. ශනි මංගල දෝෂයයි.
ලෝකෝත්තරයට සම්බන්ධ ග්‍රහයෙකු වන ශනි ග්‍රහයා ගුරු සමඟ යෝගවී සිට චිත්ත ශක්තියට අධිපති සඳු සමග සිටීමෙන් ප්‍රබල චිත්ත ශක්තියෙන් දේශනා පැවැත්වීමට හැකියාව ලැබී ඇත.
තවද මෙම කේන්ද්‍ර සටහනට අනුව 22 දෙර්කානාධිපති හා 64 වන නවාංශකාධිපති රවි විසින් කුජ දකින අතර ලග්නයද දකී. රාජ්‍ය කාරක රවි මරණයට සම්බන්ධ වී ඇත. ඒ රජයට විරුද්ධව දේශනා පැවැත් වූ නිසා බව ක්‍රිස්තු චරිතයේ සඳහන් වේ.
පළමු වසර 14 ට පසුව ලැබූ බුධගේ දශාව වයස 31 ක් දක්වා පැවැතී ඇති අතර බුධහුගේ දශාවේ අගභාගයේදී දේශනාවලට යොමුවී ඇත.
නීච රාහු - කේතුට මැදිව යෙදුණ කාලසර්ප යෝගයේ බලපෑම මත හරි හැටි ඉන්නට සිටින්නට තැනැක් නොමැතිව හරි හැටි කෑමක් බීමක් නොමැතිව කල්ගෙවූ බව ප්‍රකාශිතය. එසේම සැප කාරක සිකුරු විසින් සෙනසුරු හා නීච ෙක්තු දකී. ෙම් නිසා සැපසම්පත් අහිමිව දුක් සහිත ජීවිතයක් ගත කළ බව පෙෙන්.
ක්‍රිස්තුස් වහන්සේ මිය යන විට වයස 33 කට ආසන්නව තිබී ඇත. ඒ කුරුසියේ තබා ඇණගැසීමෙන් හා කස පහරවල් නිසා ඇති වූ තුවාලවලින් අධික රුධිරය වහනය නිසා ඇති වූ තුවාලවලින් අධික රුධිය වහනය නිසා විය යුතුය. එවකට කේතු දශාවේ රවි අන්තයේ ගත කළ බව පෙනේ. එයින්ද රවි මරණයට සම්බන්ධ වී ඇත.
මෙම ක්ෂේත්‍රයේ ලග්නාධිපති බුධ ග්‍රහයා රවි සමග යෝග වී ඇත. අට අධිපති කුජ සතුරු කරදර ස්ථානයේ සෙනසුරුගේ රාශියක වර්ගෝන්තමව ඇත. 22 දෙර්කානාධිපති රවි - විසින් කුජ දකී. මේ නිසා රුධිරය සහිත මරණයක් බව ජ්‍යොතිෂය සනාථ කරයි.
කෙසේ වෙතත් ලග්නාධිපති බුධහු විසින් ගුරු දැකීමකින් ආත්මය බලවත් වී ඇත.
මෙම කේන්ද්‍ර සටහනෙන් ඉගෙනගත හැකි බොහෝ කරුණු අැත.
ඔබ සැමට ශුභ නත්තලක් වේවායි පතමි.
ඒ.ඩබ්. සරත් ආනන්ද
පැලෑණ උතුර
වැලිගම