ඔබේ කේන්ද්‍ර සටහනේ කොටු 12 කි. මෙම කොටු 12 සැකසී ඇත්තේ ලග්නය සටහන් කර ඇති ප්‍රධාන කොටුවේ මුදුනේ සිට වම්පැත්තටයි. 01 කොටුව ලග්නයයි. 12 වැනි කොටුව දකුණු පැත්තේ අවසන් රාශියය. මෙසේ එකේ සිට 12 දක්වා රාශි 12 ට කොටු 12 ක් බෙදුණ විට එක රාශියක ග්‍රහයින් 02 ක් හෝ ඊට වැඩි ගණනක් සිටිවිට එය ශුභ සංයෝගයකි. අග එකතුවකි. බොහෝ අවස්ථාවලදී එකම රාශියේ ග්‍රහයින් 02 ක්, 03 ක්, 04 ක් 05 ක් සිටිත හැකිය. ඇතැම් විට 06 ක් වීමටද පුළුවනි. මේ අනුව මෙම ග්‍රහ සංයෝග ද්වි, ත්‍රෛයි, චතුර්, පංච, අධි යනුවෙන් ජෝතිෂයෙන් ආමන්ත්‍රණය කරයි.
ඔබේ කේන්ද්‍රයේ පහත පරිදි ද්වි (02) ග්‍රහයෝග යෙදී ඇත්දැයි බලන්න.
රවි - චන්ද්‍ර - මෙම යෝගය ලග්නගතව (01) ඇත්නම් තමන් ආත්මාර්ථකාමී වෙයි. 02 වැන්නේ යෙදුනි නම් හම්බ කිරීමට දක්ෂයි. 03 වැන්නේ ගමන් බිම්නවලින් යහපත් ප්‍රතිඵල ලබයි. සිව්වැන්නේදී ඉඩම්, දේපළ නිවාස ලාබ ලබයි. 05 වැන්නේදී අධ්‍යාපන කටයුතුවලින් ප්‍රයෝජන අත්වේ. 06 සිටීමෙන් නිර්භීතයි. ප්‍රසිද්ධයට පත්වෙයි. ආමාශගත ආබාධ වැළඳිය හැකිය.
07 වැන්නේදී ලිංගාබාධ ඇතිවේ. විවාහය ඉක්මන් වේ. කාමාශා වැඩී. 08 වැන්නේදී කරදර විපත් සිදුවේ. ලෙඩ රෝග වැඩී. සෙම් රෝග ඇති වේ. බලවත්ව සිටී නම් යහපත්ය. 09 වැන්නේදී ආගමික කටයුතුවල නියැළේ. විදේශ ගමන් යෙදෙයි 10 වැන්නේදී උසස් නිල තල ලබයි. ව්‍යාපාර කටයුතුවලට ද ශුභයි. 11 වැන්නේදී උභය පාර්ශවෙයන් උදව් උපකාර ලැබේ. වාහන ලාබ ලබයි. ලෙඩ දුක් විපත්තිවලින් මිදෙයි. 12 වැන්නේදී නඩුහබවලට පැටලීමට පුළුවන්. විශේෂයෙන් රවි දශාවලයි. ශුභ පල අපේක්ෂා කළ නොහැකිය. වියදම් අධිකයි.
රවි - කුජ - ලග්නයේ සිටීමෙන් උෂ්ණ රෝග හටගනී. ක්රියාශූරයි. කිසිවකුට යටත් වීමට කැමැති නැත. ප්‍රධානත්වය ගනී. 02 වැන්නේදී කතාවට දක්ෂයි. මුදල් උපයයි. විවාහ ජීවිතයේ ප්‍රශ්න ඇතිවේ. 03 දී ප්‍රසිද්ධියට, ගෞරවයට පත්වේ. හික්මීමෙන් යුක්තයි. 04 දී ඥතීන් සමඟ අමනාපවෙයි. බලවත්ව සිටිනවා, දේපළ නිවාස, වාහන ලාබ ලබයි. 05 දී දරුවන්ට එතරම් ශුභ නැත. ඉගනීම් කටයුතුවලට දක්ෂයි. අශූභව සිටිත් නම් ඉගනීමට දක්ෂ නැත.
06 දී වැඩිපුර ආහාර පාන අවශ්‍ය වෙයි. ගැබිනි කතුන්ට ප්‍රසූත දෝෂ ඇති වේ. කාමාශා බලවත්ය. 07 වැන්නේ දී මුත්‍රා ආබාධ, ලිංගාබාධ ඇතිවේ. අවිවාහකයින්ට විවාහය ඉක්මන් වේ. 08 දී හදිසි අනතුරුවලට ලක්වීමට පුළුවනී. දුක්කරදර වැඩී. 09 දී විදේශ ගමන් යෙදෙයි. ආගමික කටයුතුවල නියැලෙයි. 10 දී ඉතා ශූභයි. රැකියා ලාබ ලබයි. ප්‍රධානත්වය හිමි වේ. කීර්තිය, ගෞරවය ලබයි. 11 දී අපල උපද්‍රවවලින් මිදේ. පොළවෙන් සම්පත් (මැණික් මිනිරන්) ලැබීමට වාසනාව ඇත. 12 දී විදේශ රටවල ගමන් ඇති වේ සතුරු කරදර නඩුහබවලට පැටලෙයි.
රවි - බුධ ලග්නයේ සිටීමෙන් බුද්ධිමත්ව ක්‍රියා කරයි. ගණිත මිනිත කටයුතුවලට දක්ෂයි. ප්‍රසිද්ධියට පත්වේ. 02 සිටීමෙන් කතාවෙන් ජයගනී. සිංහ රාශියට නම් වඩාත් ශුභයි. 03 වැන්නේදී ඉගනීමට දක්ෂයි. රූපය ලස්සන වෙයි. 04 දී බලවත්ව සිටී නම් ඉඩම් දේපළ වාහන ලාබ ලබයි. බලවත් නැතිව සිටිවිට දේපල පිළිබඳ ආරවුල් ඇතිවේ. 05 දී දරුවන්ට අපල ඇතිවේ. ඉගනීමට දක්ෂයි 06 දී රෝගපීඩාවලට ලක්වේ.
හමේ රෝග සෑදේ, කාමාශා බලවත්ය. 07 දී වාසනාවන්ත විවාහයක් කරගැනීමට පුළුවනි. අවිවාහකයින්ට විවාහය ප්රමාදවෙයි. 08 දී කරදර වියවුල් වැඩී රූපය ලස්සනවෙයි. 09 දී ඉගනීමට දක්ෂයි. කලා කටයුතු අගය කරයි. 05 විදේශ ගමන් යෙදෙයි. 10 දී ඉතා ශූභයි. දහවල උපන් අයට වඩාත් ශූභයි. රැකියා තනතුරු ලබයි. උසස්වීම් හිමිවේ. 11 දීද ඉතා ශූභයි. ආදායම් තත්ත්වය යහපත් වේ. ප්‍රසිද්ධියට ගෞරවයට පත්වේ. 12 වැන්න ඉතා අශූභයි. ගමන් බිමන් අධිකයි. පිට ප්‍රදේශවල වාසය සිදුවේ.
මීරිගම - විද්‍යාල මාවතේ ෙජ්‍යාතිෂවේදී කලාභූෂණ
ආර්.ඇම්.ටී.ඩී. රත්නායක
0332273004