පංචවස්තා ශුභ ඝවේ ප්‍රත්‍රස්ථාන කාරක’’
යන ශ්ලෝකයෙන් ප්‍රකාශවන පරිදි 5 වැන්නේ සිටින්නා සියලුම ශුභ ග්‍රහයෝ පුත්‍ර කාරකයෝ වෙති. එමෙන්ම යහපත් දරුවන් ලබා දෙන්නෝ වෙති. එෙස්ම 5 සින කෲර ග්‍රහයන් හේතු කොටගෙන සියලුම දරුවන් නැසීමද කුජ ග්‍රහයා කරන කොට ගෙන දුෂ්ට දරුවන් ලැබීමද වන්නේය. එසේම දරු ශෝකය හා දරුවන් නොලබන බවද ප්‍රකාශිතය.
පස් වැන්නේ රවි සිටිකල දරුවන් නොලැබීමද සඳු සිටි කල එක් දරුවකු සිටීමද සිදුවන්නේය. උච්ච වූ හෝ නීචවූ රාහු 5 වැන්නේ වේද එම අය පුත්‍ර ශෝකයෙන් පීඩිත වූ කෙනෙක් වෙයි. මේ පිළිබඳව තවත් අදහසක්ද ඇත. 5 වැන්නේ සිටි රවි නිසා එක් දරුවකුද, සඳු හේතු කොට ගෙන දෙදෙනකුද, කුජ කරණ කොට ගෙන තිදෙනෙක්ද බුධ කරණ කොටගෙන සිව් දෙනෙකුද ගුරු කරණ කොට ගෙන පස් දෙනකුද, සිකුරු 5 සිටීම නිසා සය දෙනෙකුද ලැබෙන බව ප්‍රකාශිතයි. ශුභ ග්‍රහ දෘෂ්ඨි අනුව මෙම ප්‍රතිඵල වෙනස් වේ.
ශනි 5 වැන්නෙහි නම් ගර්භ පතනයද රාහු නම් ගබ්සා වීමද සිදුවෙන බව ජ්‍යොතිෂයෙහි සඳහන් වේ. 5 වැන්නේ පාපයෝ දෙදෙනෙකු හෝ තිදෙනෙකු වේද ස්ත්‍රී පුරුෂ දෙදෙනාම වඳ භාවය ලබති. 11 වැන්නේ රාහු හා 5 වැන්නේ කේතු සිටියේ නම් දරුඵල නොමැති වෙයි.
5 වැන්නාධිපති පාපග්‍රහයින්ට මැදිවී සිටීමත්, ගුරු පාප ග්‍රහයින් සමග වීමත් සිටීම නිසා දරුඵල නොමැති වෙයි. 5 වැන්නාධිපතියා අශූභ ස්ථානයක සිටියේද අශූභ දෘෂ්ඨි ලැබුවේද දරුඵල නොමැති වෙයි. සඳු, සිකුරු සහ 10, 7 යන භාවයන් හී සිටියේද දරුඵළ නොමැති වෙයි. 5, 8 දෘෂ්ඨි ලැබ ඇත්නම්ද දරුඵල නොමැති වෙයි. සඳු, සිකුරු, ගුරු යන ග්‍රහයින් තිදෙනා දරුඵල වලදී ප්‍රමුඛ වන බව ‘‘ටොලමි (Tolamy) මතයයි.
රවි, කුජ, ශනි යන ග්‍රහයින් ද යුරේනස්ද දරුඵල නැතිකරන අතර, යම් යම් අවස්ථාවලදී ගැබ් ගැනීම් ගැටලු මතු කරන බව සඳහන් වෙයි. එසේම තත්වයනට අනුව දරුවකු ලැබුනහොත් එම දරුවා රෝගියකු වීමට හේතුයි. බුධග්‍රහයා පමණක් එක් වූ හෝ දෘෂ්ඨි ලත් ග්‍රහයින්ට අනුව දරුපල ලබා දීමෙහි සමත් හෝ අසමත් වෙයි.
දරුපල ලබාදෙන ග්‍රහයින් ද්විත්ව රාශිගත වීද, එවිට නිවුන් දරු උපතක් සිදුවන බවත්. මිථුන කන්‍යා රාශිදෙක දරුඵල හීන කරන නිසරු වූ රාශි ද්වයක් බව ද අපරදිග මතයකි. මෙම රාශිවල ග්‍රහයෙක් නොවූයේ නම් එයට ආසන්න රාශිවල සිටි හෝ දුටු ග්‍රහයින්ට අනුව දරුඵල ලැබෙයි.
දරුඵල ප්‍රකාශ කිරීමේදී 5 වැන්න පිළිබඳව විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය. 5 වැන්න සිටි දුටු රාශි ග්‍රහයින්ට අනුව පලාපල ප්‍රකාශනය කළ යුතුය. 5 අදිපතියා 6,8,12 ත්‍රිකස්ථානයක වීම හා අශූභ දෘෂ්ටි ලැබීම අයහපත්ය. 5 අධිපතියා ගුරු සමග යෝගවීමද 5 වැන්නේ හෝ 9, 11 රාශිගතව සිටීමද යහපත් බව පෙනී යයි. 5,9 අධිපති ග්‍රහයින් 6,8,12 ස්ථානගතව ඇතත් පාප සංයෝග නොවී ගුරු බුද කිවි යන ග්‍රහයන් සමග සංයෝගව ඇත්නම් කල්පසුව හෝ දරුවන් ලැබෙනු ඇත.
කරුණු අතින් සලකා බලන විට දරුඵල ලැබේද නැද්ද යන්න පැවැසීමේදී 5 වැන්නන් 5 අධිපති ග්‍රහයාත් ගුරු ග්‍රහයා හා 5,9 අධිපතියනුත් 5 වැන්නට ඇති ශුභ, අශුභ ග්‍රහ සංකලනත් ශුභ අශූභ දෘෂ්ටි පිළිබඳවත් සැලකිලිමත් විය යුතුය.
ජ්‍යොතිෂවේදී
රංජිත් සිසිර කුමාර සුරියඅාරච්චි
අටබාගේ, ගම්පොල
0774048190