ඔහු ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ලෝකයට ගෙනයාමට උරදුන් විශිෂ්ට ගණයේ පිතිකරුවෙකි. විශිෂ්ට ගණයේ නායකයෙකි. බොහෝ රටවල් ලංකාව ගැන දන්නේ නැති වුවද, ඔහු ගැන දනී. ඒ තරමට ක්‍රිකට් ක්‍රීඩාව නිසා ඔහු ලෝක පූජිත තරුවක් බවට පත්වී හමාරය. ඔහුගේ වේගවත් පිති හරඹය මුළු ලෝකයේම ඇස් ඇරවන්නක් විය. ‘මාස්ටර් බ්ලාස්ටර්’ ලෙස විරුදාවලිය ලත් ඔහු රොමේෂ් කළුවිතාරණ සමඟ එක්වී එක්දින ක්‍රිකට් පිටිය නව මාවතකට ගෙන යෑමට සමත් විය. ඒ නිසාම ඔහු ලෝක වාර්තා අතරට ද එක්විණි. ඔහුගේ වේගවත් පිති හරඹය හා පන්දු යැවීමෙන් වාර්තා ගණනක් තැබීමට සමත්වීම නිසා ලාංකේය ක්‍රිකට් ක්‍රීඩාව ජගත් තලයේ ඉහළින්ම වැජඹෙන්නට විය.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත්වෙමින් රටට ජයග්‍රහණ රැසක් අත්කර දුනි. පසු කාලීනව දේශපාලන ක්ෂේත්‍රයට ද එක්වූ ඔහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු අමාත්‍යවරයකු ලෙසින්ද කටයුතු කිරීමේ භාග්‍ය්‍ය උදාකර ගත්තේය. මෑත කාලයේදී ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපති ධුරය ද ඉසිලූ මේ ලෝක පූජිත ක්‍රිකට් තරුව නමින් සනත් ටෙරාන් ජයසූරිය වේ. සනත් ක්‍රිකට් ක්‍රීඩාවෙන් බැහැරව ආදරය, ප්‍රේමය හා විවාහය ගැන කතා කිරීමට ප්‍රථමවරට එක් වුණේ අප කෙරෙහි පැවැති විශ්වාසය නිසාය. මා හිතවත් ක්‍රීඩා මාධ්‍යවේදී යොහාන් භාසුර මිතුරා මෙහිදී ලබාදුන් සහය අමතක කළ නොහැකිය. තමන්ගේ විවාහ සම්බන්ධතා පිළිබඳව සනත් කතා කිරීමෙන් වැළකී සිටියේ ඔහුට සමාජ වෙබ් අඩවි මගින් මඩ ප්‍රහාර එල්ල කරන බැවිනි.
සනත් අපගෙන් ඒ පිළිබඳව නොවිමසන ලෙස කාරුණිකව ඉල්ලා සිටියේ, එයින් ඔහුගේ ජීවිත රටාවට, චරිතයට හානියක් වන නිසා බව අපට වැටහුණි. ඔහුගේ ඒ ඉල්ලීමට ඇහුම්කම් දෙමින් ‘ආදරය, ප්‍රේමය සහ විවාහය’ ගැන අප කතා බහ කළේ සී.සී.සී. ක්‍රීඩා පිටියේදීය. ඉතින් ඒ කතාබහ මේෙස් සටහන් කරන්නේ, කොතරම් කාර්ය බහුල වුවද ඔහු මා වෙනුවෙන් විශ්වාසය තබා කාලයක් දීම නිසාය. අසනීප තත්වයෙන් සිටියද ඔහු මා සමඟ කතා බහ කිරීමට එකඟවීම ගැන මුලින්ම තුති පුදමින් මේ සටහන තබන්නෙමි.
ඔබ ජීවිතය දකින්නේ කොයි ආකාරයටද?
ජිවිතය අපි එක එක විදිහට දකිනවා. පොඩි කාලයේ එක විදිහක්, ළමා කාලයේදී එක විදිහක්, අවු. 14-18ක් වන විට තවත් විදියක්, අවුරුදු 20,30,40 යනවිට තවත් විදිහක්. එක එක කාලවල ජීවිතය අපි එක එක විදිහට ගත කරනවා. ඕනෑම මනුෂ්‍යයෙක් එහෙම තමයි. මාත් දකින්නේ ඒ විදිහට තමයි.
ඔබ ජීවිතය විඳින අයෙක්ද? නැත්නම් විඳවන කෙනෙක්ද?
අපි මනුෂ්‍යයෝ හැටියට මේ දෙෙක්ම ඉන්නවා. එකක ජීවත් වෙන්නේ නෑ. මමත් ජීවිතය විඳින කෙනෙක් වෙලාවකට. තවත් වෙලාවක ජීවිතය විඳවන කෙනෙක් මේ දෙකෙහිම මාත් ඉන්නවා.
ආදරය ප්‍රේමය ඔබ කොයි විඳිහට ද හඳුනාගෙන තිබෙන්ෙන්?
එ්කත් එක එක්කෙනාට පෞද්ගලිකව බලපාන හැටි තමයි. මට වෙන විදිහක් වෙන්න පුළුවන්. ඒක තවත් කෙනෙකුට තව විදිහක් වෙන්න පුළුවන්. අාදරය, ප්‍රේමය සුන්දර දෙයක්. ඒක හොඳ දෙයක් හැටියට මම හඳුනාගෙන තිබෙනවා. අපි බෞද්ධයෝ හැටියට පෙර කළ පින් පව් අනුව තමයි ඒ දේත් අපට ලැබෙන්නේ. කුසල් අකුසල් දෙකම අපට බෞද්ධයෝ හැටියට මෙයට බලපානවා.
විරුද්ධ ලිංගික ආකර්ෂණයක් මුලින්ම ඔබට ඇති වුණේ කොයි කාලයේ විතරද?
පාසල් අවධියේ ඇතිවූ අවස්ථා තිබෙනවා. ඒවා අැති වුණාට සාර්ථක වෙන්න අවස්ථාවක් මට තිබුණේ නෑ. මොකද හේතුව ක්‍රීඩාවට මම මුල්තැන දීලා තිබුණු නිසා. මගේ පාසල් කාලය ඉවර වෙනවාත් එක්කම මම අවුරුදු 18-19 වන විටම කොළඹට එනවා. ඒ හින්දා මම හිතන්නේ නෑ, මට එහෙම ආදරයක් තිබුණා කියලා
ඒ කියන්නේ ඔබට ආදර හැඟීමක් මුලින්ම ඇති වුණේ පාසල් කාලයේ. එහෙම නේද?
ඔව්. අවුරුදු 17-18 කාලයේ, එතකොට යම් විරුද්ධ ලිංගික හැඟීම් ඇතිවෙන කාලයක්. මම එතකොට පාසල් ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වෙනවා. අපි මනුෂ්‍යයෝ හැටියට, කොල්ලෝ හැටියට ආදර හැඟීම් ඇතිවෙන එක ස්වාභාවිකයි. මම මුලින්ම කිව්වානේ, අපට යම් කිසි කාලවලදී එක් එක් විදිහට කටයුතු කරන බව. ඉතිං ඒ වගේ ආදර හැඟීම් යොවුන් වියේදී මටත් ඇති වුණා.
ඒ ආදර සබඳතාවලට මොකද වුණේ දිගටම ගෙනියන්න බැරිවුණාද?
ඔව්. මාතර මට තිබුණු ඒ සබඳතා කොළඹට පැමිණීමත් එක්ක නැතිවෙලා ගියා. මගේ ලොකුම බලාපොරොත්තුව තිබුණේ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යන්නයි. ඉතිං ඒ හින්දා මට ඒ අාදර සබඳතා ගැන හිතන්න වෙලාවක් තිබුණේ නෑ. ඒවා ඉතිං කාලයත් එක්ක මතකයෙන් ඈත්වෙලා ගියා.
ඔබ ක්‍රිකට් ක්‍රීඩකයකු වෙලා යම් ජනප්‍රියත්වයක් ලබන විටදී කාන්තාවන්ගේ ඇල්ම බැල්ම වැටෙන්න ඇති නේද?
එහෙම ආදර යෝජනා ඇවිත් නෑ. මමත් පාඩුවේ හිටියා. මාතර හින්දා යම් යම් පැටලිලිවලට යන්නත් බයක් තිබුණ. ඇල්ම බැල්ම වැටුණත්, මම මගේ පාඩුවේ හිටියා. මොකද මගේ අරමුණ ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියට යාම හින්දා.
ඔබට අප්‍රකාශිත ආදරයක් එහෙම තිබුණාද?
එහෙම අය ඉන්න ඇති. මමත් ඕනෑ තරම් එහෙම අය ගැන හිතලා ඇති. පාසල් අවධියේදී හරි කොළඹට ආවාට පස්සේ හරි එහෙම තිබුණු අවස්ථා තිබෙනවා. අපි මනුෂ්‍යයෝ හැටියට එහෙම නොදැනුම්වත්ව අවස්ථා ඇති වෙන්න පුළුවන් නේද? ඒවා එහෙම කාලයත් එක්ක නැතිවෙලා යනවා.
ඔබට ගැහැනියකගේ ආදරය ඇති වන්නේ කුමන විදිහේ ගතිගුණවලටද?
ඒවා කියන්න අමාරුයි. කිරලා මැනලා ගන්න බැහැනේ. ඒකත් අර මම මුලින් කිව්වා වගේ බෞද්ධ දර්ශනයත් එක්ක කිට්ටු දෙයක්. කරන පින් පව්වල හැටියට තමයි, කුසල් අකුසල්වල හැටියට තමයි ඒ දේවල් හැම දෙයක්ම සිද්ධ වෙන්නේ.
ඔබ විවාහ වීමත් සමඟ, ඔබේ ජීවිතය වෙනස් වුණා කියලා හිතනවාද?
ඔව්. දරුවන් ලැබීමත් එක්ක මා හිතනවා ඇත්තටම වෙනසක් වුණා කියලා. දරුවෝ තමයි අපේ ජීවිතය වෙනස් කරන්නේ. ඔවුන් තමයි අපේ හදවතේ රැඳෙන්නේ. ඒක ගොඩක් බලපානවා. අපේ ජීවිතය වෙනස් කරන්න. ඒ හින්දා තමයි විවාහ වීමත් සමඟ අපි එදාට වඩා සිටි ආකාරයටත් වෙනස් වෙන්න ගන්නේ. ඒ දරුවන් අප වෙනස් කරන හින්දා.
ඔබ දරුවන් ගැන හරිම උනන්දුවෙන් කථා කරනවා. ඔවුන් ඔබේ ජීවිතයට ලොකු බලපෑමක් එල්ල කළා නේද?
ඇත්තෙන්ම ඔව්. අපි හැමෝගෙම බලාපොරොත්තුවක් තමයි දරුවෙක්ගේ සුරතල් බැලීම. ඉතිං ඒ සතුට මම විඳිනවා. අපි පුළුවන් තරම් ඔවුන්ට උගන්වන්න බලන්න ඕනේ, ලොකු මහත් කරනවා වගේම. අපි යම් කිසි අධ්‍යාපනයක් ලැබුවාද, ඊටත් වඩා අධ්‍යාපනයක් දීලා ඉදිරියට ගෙන යන්න තමයි මම බලන්නේ. ඔවුන් සමාජයට යහපත් පුරවැසියන් කිරීම මගේ එකම බලාපොරොත්තුවයි.
ඔබ විවාහ වුණත්, ලෝක පූජිත ක්‍රිකට් තරුවක් ලෙස කාන්තා පාර්ශ්වයේ ආකර්ෂණයට ලක්වෙනවා වැඩියි එහෙම ආදරය බලාපොරොත්තුවෙන් එන්න ඇති නේද?
එහෙම වෙලා නෑ. ඔවුන් තුළ එහෙම බලාපොරොත්තු තිබෙන්න ඇති. ඒක ඉතිං මනුෂ්‍ය ස්වභාවයයි. නමුත් මට එහෙම දෙයක් වෙලා නෑ.
ඔබ එක්වරක් ඉන්දියාවේදී නර්තන රියැලිටි තරගයකදී බොලිවුඩ් නිළියක් සමඟ නර්තනයේ යෙදුණා. ඒ ගැන මොකද සිතෙන්නේ?
ඒක අලුත් දෙයක්, රූපවාහිනී වැඩසටහනට සහභාගී වූ වෙලාවේ ලැබුණු අවස්ථාවක්. මම සිංහල සින්දුවක් පොඩ්ඩක් කියලා නර්තනයක් ඉදිරිපත් කළා. මට වැඩි දේවල් කරන්න බැහැනේ. මම ඒ වැඩසටහන කළා. මම හිතන්නේ නෑ, ඒක හොඳට කළා කියලා.
ඒමුත් ඒක ලෝකයේ ඉතාම ජනප්‍රියත්වයට පත්වුණා. එහෙම නේද?
ඔව්. මොකද ඒ වැඩසටහන කළේ නර්තනය කරන්න බැරි අය ගෙනල්ලා. නර්තනය ඉදිරිපත් කරන දෙයක් හින්දා. එය ජනප්‍රිය වුණා.
බොලිවුඩ් නිළියන් ක්‍රිකට් ක්‍රීඩකයන්ට ලොකු කැමැත්තක් දක්වනවා. විවාහ වූ අයත් ඉන්නවා. ඉතිං ඔබටත් නිළියන්ගේ ඇල්ම බැල්ම වැටුණා නේද?
එහෙම නම් වෙලා නෑ. මම දන්නේ නෑ ඔවුන්ගේ හිත්වල මොනවාද තිබුණේ කියලා. ඒත් මට නම් එහෙම කියලත් නෑ. ඇල්ම බැල්ම වැටුණාද කියලා මම නම් දන්නෙත් නෑ.
ආදරය හා ලිංගිකත්වය අපේ ජීවිතවලට කොයි තරම් බලපානවාද කියලා ඔබ හිතන්නේ?
මම හිතන්නේ ඒක හැම කෙෙනකුටම ජීවිතේ බලපාන කරුණු දෙකක්. ඒක හැම කෙනෙකුටම තියෙන්නත් ඕනේ. ලැබෙන්නත් ඕනේ. අපි පොඩි කාලයේ ඉඳලම ඒ ආදරය, කරුණාව ලබා දෙන්න ඕනේ. ඉතිං එය මටත් පොදු දෙයක්.
ඔබටත් ආදරයේ විරහ වේදනවා දැනෙන්න ඇති. ඒ වෙලාවට ඔබ මොකද කරන්නේ?
එහෙම දැනුණු අවස්ථා තිබෙනවා. ඒ වෙලාවට ගීතයක් අහලා පොඩ්ඩක් හිත නිවා ගන්නවා. මානසිකව වැටුණු අවස්ථා තිබෙනවා. බෞද්ධ දර්ශනය තමයි මට ඒ වෙලාවේ පිහිටට හිටියේ. එහි තිබෙනවා, එවැනි අවස්ථාවලදී අපි හැසිරෙන්න ඕන ආකාරය. හොඳින් විග්‍රහ කරලා. ඉතිං ඒ හින්දා මම ඒ විරහ වේදනාව මානසික සුවයක් බවට පත් කර ගන්නවා.
ඔබ නිතරම බෞද්ධ දර්ශනය ගැන කතා කරන අයෙක්. එවැනි නැඹුරුවකට ඔබ පත් වුණේ කුඩා කාලයේ ඉඳලමද?
මම පොඩි කාලේ ඉඳලම බෞද්ධයෙක් ඒ හින්දා ඒ දර්ශනය අනුව කටයුතු කරන්න නිතරම උත්සාහ ගත්තා. එයින් අපගේ ජීවිතයට ලබාගත හැකි දේ බොහොමයි. ඕනෑම කෙනකුට ඒ බෞද්ධ දර්ශනය අනුව කටයුතු කරන්න පුළුවන් නම්, ජීවිතයේ නියම සතුට ලබාගන්න පුළුවන්. ඒ නිසයි මම නිතරම බෞද්ධ දර්ශනය එක්ක ජීවත්වෙන්නේ.
ඔබ බලාපොරොත්තු වූ ආදරය, කරුණාව තවම ඔබට ලැබී නැද්ද?
එහෙම කියන්න අමාරුයි. එහෙම කොහොමද කියන්නේ? ලැබිලා නෑ කියන්නත් බැහැ. සීමාවක් නෑ එයට. මට බොරුවට කියන්න බැහැ. මට ලැබිලා නෑ. අදරය නෑ මේක නෑ කියලා. මනුෂ්‍යයෝ හැටියට අපි අර මධ්‍යම තැන ඉන්නවා නම්, හැම දෙයක්ම සමසේ විඳගන්න පුළුවන්.
අපහු ජිවිතය දෙස හැරී බැලීමේදී ඔබට ඇතිවෙන්නේ දුකක්ද? සතුටක්ද?
ආපහු හැරී බලද්දී අපි බොරළු, වළවල් තිබෙන පාරවල්වල ආවා, සාමාන්‍යයෙන් නිකම් තාර පාරෙත් ඇවිත් කාපට් පාරෙත් ගිහින් තිබෙනවා. හැම එකකම ජීවිතයෙ මෙතරම් කාලයක් මම ගිහින් තිබෙනවා.
ඔබ සිතනවාද ආදරය විවාහයකින්ම කෙළවර විය යුතුයි කියලා?
අපි පොඩි කාලයේ එහෙම නේද සිතන්නේ. සාමාන්‍යයෙන් යොවුන් වියේදීත් එහෙම තමයි සිතන්නේ. හැබැයි ඉතිං දැන් ඒක තේරුම් අරගෙන ඉන්නේ. සමහරු ඉතිං ඒ විදිහටම කරනවා. සමහරු ඒක ඒ විදිහට නොකරන්නත් පුළුවන්. එක එක්කෙනාගේ කැමැත්ත අනුව සිදුවන දේවල්.
අදටත් ඔබට කාන්තා පාර්ශවවලින් ආකර්ෂණය ලැබෙනවා නේද? එහෙම වෙලාවට ඔබ මොකද කරන්නේ?
මම දැන් ඒ ගැන තැකීමක් නෑ. මට දැන් අවුරුදු 48ක් වෙනවා. අපි දැන් සාමාන්‍ය විදිහට ජීවත් වෙන්න කල්පනා කරන්න ඕනේ.
ක්‍රිකට් ක්‍රීඩාව ඔබගේ ජීවිතය වගේ නේද? එයින් ලැබුණු දේ ගැන ඔබට මොකද හිතෙන්නේ?
ඒ ගැන නම් ගොඩාක් සන්තෝෂයි. අපි කැපවෙලා කළ දෙයට ඒ අගය කිරීම උපරිමයෙන්ම තිබෙනවා. ඉතිං ඒකට අදටත් සත්තෝෂ වෙනවා. ආඩම්බරයි. අපේ ප්‍රේක්ෂකයන්ගේ, ජනතාවගේ ආදරය ලැබීම ගැන මම හැමදාමත් සන්තෝෂ වෙනවා. හිත උඩින්, හිත යටින් හැමදාවත් ඒ සන්ෙතා්ෂය තිබෙනවා.
කාන්තාවන්ගේ, ආදරය, ආකර්ෂණය ක්‍රිකට් ක්‍රීඩාව හින්දා ඔබට වැඩියෙන්ම ලැබෙන්න ඇති. ඒක කරදරයක් වුණාද?
නෑ එහෙම වෙන්නේ නෑ. ලංකාව ඒ අතින් හරිම හොඳයි. ක්‍රීඩාවට දෙන්න ඕනේ වෙලාවට උපරිම සහයෝගය දෙනවා. ඒ අයට දෙන්න ඕනේ තැන අපි දෙනවා. ඒ අය දුරින් ඒක බලන් ඉන්නවා. ජාත්‍යන්තරයට ගියාම ඒ අයට ක්‍රීඩකයන් ළඟට එන්න අමාරුයි. අපිව බලන්න ආසාවෙන් ඉන්න බව ඇත්ත. ඒක මැච් එකකදී විතරයි, රටින් පිට යාම බලන්න පුළුවන් වෙන්නේ. අපේ රට තුළ ඕනෑම වෙලාවක දකින්න පුළුවන්, කතා කරන්න පුළුවන්. අපි අපේ ගරුත්වය තබාගෙන, ඔවුන්ටත් ඒ ගරුත්වය ලබාදීලා කටයුතු කළොත් ප්‍රශ්න ඇති වෙන්නේ නෑ.’
සනත් ජීවිතය පිළිබඳව බොහෝ දේ අද වන විට වටහාගෙන තිබෙන බව කතා බහේදී මට වැටහුණි. ඔහුට වදින ගල් මෙන්ම මල්ද එකසේ දරා ගැනීමේ ශක්තියක් තිබේ. කොතරම් හැල හැප්පීම්වලට ජීවිතයේ ලක්වූවද, ඔහු ඒ සියල්ල දෙස අද උපේක්ෂාවෙන් බලන්නේ බෞද්ධ දර්ශනය තුළ කටයුතු කරන නිසාය. ඉතින් අපේ කතා බහට විරාමය තබන්නට කාලය පැමිණ තිබේ. ඔහු ඊළඟ පරම්පාරවට තම දැනුම දෙන්න මම ඉඩහසර සපයමින් සී.සී.සී. ක්රීඩාපිටිෙයන් එළියට පැමිණියේ ඔහු කොතරම් නිරහංකාර, අව්‍යාජ ගැමි ගති තවමත් අති උතුම් මනුෂ්‍යයෙක්ද නේද යන්න සිතෙහි තබා ගනිමිනි.
සටහන් කළේ
සමන්ත යහම්පත්