වාස්තු විද්‍යාව පිළිබඳ විවිධ මාතෘකා යටතේ ඔබ දැනුම්වත් කළත් අපට අමතක කිරීමට නොහැකි දෙපළක් ඇත. ඕනෑම නිවෙසක්, ගොඩනැගිල්ලක් සාදන විට මේ දෙදෙනාගේ සහාය අනිවාරයයෙන් අවශ්‍ය වේ.
අලුතෙන් නිවෙසක් සාදාගන්නා නිවැසියන්ට යහපතක් වුවත් දහඩිය හෙළුෑ මේ දෙදෙනාට නම් කිසිදු යහපතක් සිදුවී නැත. මහන්සියට වැටුපක් ගත්තත් අග හිඟ කම්වලින් පිරුණු කිසිදු කලඑළියක් නොමැති දෙපළකි.
මා ඒ අයත් සමඟ නිතර සම්බන්ධතා පවත්වන නිසා මේ ගැන සොයා බලන්නට සිතුවෙමි. මේ අයටත් අන් අය මෙන් දියුණුවේ යහපත් මාර්ගයක් කරා යන්නට කියා දෙන්නට උත්සාහ කරන ලිපියකි.
මේ දෙදෙනාගේ කාර්ය ලේසියෙන් කිසිවකුටත් කළ නොහැකිය. ඉංජිනේරුවකුට මෙන් ඔවුන්ටත් තරමක දැනුමක් ඇත. ඒ පළපුරුද්ද අනුවයි. නිවෙසක් සාදන එකත් විස්මකර්ම වැඩකි. ගල්, වැලි, සිමෙන්ති, කම්බි වෙන වෙනම දුන්විට නිවෙස් සැලැස්ම අනුව මාස කිහිපයකින්, අවුරුද්දකින් සියල්ල එක් රැස් කර සුන්දර දැකුම්කලු නිවෙසක් මොවුන් අතින් නිමවේ. මේ සුන්දර නිවසේ සැප විඳින්නේ නිවැස් හිමියන් වුවත් මෙම නිවෙස ගොඩනැගීමට දහඩිය හෙළුෑ මොවුන් ඉන්නේ දුප්පත් පැල්පතක හෝ බාගෙට සෑදු නිවසකය. එහෙමත් එක්කෙනකු දෙදෙනකුට හොඳ නිවෙසක් ඇත. එහෙත් සැපයක් නම් නැත.
දැන් අප එයට හේතුව සොයා බලමු. ලස්සන නිවෙසකට කාගේත් සිත් ඇදෙන නිසා ඇස්වහ, කටවහ ඇතිවීමට පුළුවන. එය නිර්මාණය කළ අයටත් එසේ සිදු වීමට පුළුවන. එහෙත් මේ අය ඒවා පිළිනොගනිති. එයට කළ යුතු වත් පිළිවෙත් කිහිපයක් ඇත.
සමහරක් නිවාස, ව්‍යාපාරික ස්ථානවල ඉදිරිපස පුහුල් ගෙඩියක් එල්ලා තිබෙන්නේ ඇස්වහ, කටවහ නොවැදීමටයි. අලුත් නිවෙසක් හදන විටත් බුදු සරණයි, දෙවි පිහිටයි ආදී වැකි ලියා එල්ලා ඇත. තවත් සමහර අය නිවෙස ඉදිරිපිට පඹයන් තබා ඇත. මේ මොන දේ කරන්නෙත් පෙර සඳහන් කළ පරිදි ඇස්වහ, කටවහ නොවැදීමටයි.
තවද මේ දෙදෙනා අතින් ගෙහිමියාට වැරැදි කිහිපයක්ද සිදුවේ. හැම කෙනකු අතින්ම එසේ සිදු නොවේ. මෙම අඩුපාඩු හදා ගත යුතුයි. මේවා අප ලද අත්දැකීම් වේ.
කෙනෙක් වැඩකට කථා කළ විට තමන්ට වාසියක් වන අවස්ථා දැක දැකත් ඒවා නොසලකා බොරුවක් කියා එය මඟ හරියි. සුළු වැඩකට ගෙන්වා ගැනීමට අපහසුයි. තවද නිවෙසේ වැඩ සවසට අවසන් කර ඉතිරි බදාම ගෙහිමියාට නොපෙනෙන සේ විසි කරයි. නැත්නම් වළදමයි.
තවද ප්‍රධාන පෙදරේරුවරයා ගෝල බාලයන් දමා වැඩ කරනවා මිස තමා වැඩට එන්නේ නැත. එසේ පැමිණෙන්නේ කලාතුරකින් වැටුප් ලබා ගන්නා දිනයට පමණකි. තමන්ගේ වැටුපත් වැඩ නොකරම ලබා ගනී. මේවා වගතුග නොවන මුදල්ය. උළුවහු පැනීමේ චාරිත්‍රයට ගෙහිමියන් විසින් ප්‍රධාන වඩු කර්මික මහතාට සුදු ඇඳුමක් අන්දවා උළුවහු පැනීමේ චාරිත්‍රය සිදුකෙරේ. ඔහුට කරන ගෞරවයක් ලෙසටයි. සමහර අය මෙසේ නොසැලකුවත් මත්පැන් බී මස් මාංශ අනුභව කොට පැමිණේ. නිවෙසේ සියලු වස් දොස් පිටවන්නෙත් මොවුන් හරහායි. එයත් බලගතු දෝෂයකි.
නිවෙස් හිමියාට උළුවහු පැනීමේදී නකත් සැදීම සඳහා යාමට අපහසුතා ඇති වූ විට ඒ සදහා බොහෝ විට උදව් ලබාගන්නේ වඩු කාර්මිකයාගෙනි. එහිදී බොහෝ වඩු කාර්මිකයන් නැකත් සාදාදීමෙන් නිවැසියන්ට කරදර පිට කරදර පැමිණෙන අතර එස් කරන වඩු කාර්මිකයාට ද කිසිදු වගතුවක් සිදු නොවේ.
තවද මෙම වැරැදි හැම කෙනාම අතින් සිදු නොවන බවද සලකන්න. වැරදියට වටහා නොගන්න. එම වැරැදි කරන අයගේ ඇස් පෑදීමට මෙම ලිපියෙන් අදහස් කරමි. ලස්සන නිවෙසක් තනන ඔබ දෙපළ අපේ රජවරු වෙති. අපි ඔබට නිතර ගරු කරමු. අඩුපාඩු ඇත්නම් ඒවා නිවැරැදි කර ඉදිරියට එන්න අපි ඔබට ආරාධනා කරමු. එවිට ඔබටත් ලස්සන නිවෙසක හිමිකරුවීමට වාසනාව ලැබේවා යැයි එක සිතින් ප්‍රාර්ථනා කරමි.
ඔබ ගන්නා වැටුප අනුව ඔබ ධනවතකු වීම කිසිවකුටවත් වැළකිය නොහැකිය. එම නිසා අනවශ්‍ය වැඩ නොකර තමාගේ රැකියාවට අවංක වෙමින් ලස්සන නිවාස තව තවත් සැදීමට ඔබ දෙපළට ධෛර්යය ශක්තිය ලැබේවා යැයි ප්‍රාර්ථනා කරමි.
ඔබට දෙපළට ජයක්ම වේවා තෙරුවන් සරණයි.
ප්‍රවීණ ජ්‍යොතිෂවේදී
වාස්තු විද්‍යාඥ
තිලක් රත්නායක
අනුරුද්ධ විද්‍යාල මාවත,
ලුණුවිල, වෙන්නප්පුව.