අත්ල බලා පලාපල ප්‍රකාශ කිරීමේදී අත්ලේ ඇති රේඛාවල පිහිටීම මෙන්ම ග්‍රහ මණ්ඩලවල ප්‍රබලතාව හා දුබලතාව පිළිබඳවද පරීක්ෂා කිරීම වැදගත් වෙයි. එහිදී එම ග්‍රහ මණ්ඩලවල තත්ත්වය මෙන්ම එම ස්ථානවල දැකිය හැකි ශුභ අශුභ ලකුණු පිළිබඳවද විශේෂයෙන් සැලකිලිමත් විය යුතුය.
ග්‍රහ මණ්ඩල යනු රවි, චන්ද්‍ර, ගුරු බුධ, සිකුරු ආදී ග්‍රහයන්ගේ බලපෑම් ලබන අත්ලේ සුවිශේෂී ස්ථානයන් වේ. මේ අයුරින් සිකුරු මණ්ඩලය මහපටැඟිල්ලේ මුළු ප්‍රදේශයත්, ගුරු මණ්ඩලය දබරැඟිල්ලේ මුලත්, ශනි මණ්ඩලය මැදැගිල්ලේ මුලත් රවි මණ්ඩලය වෙදැඟිල්ලේ මුලත්, බුධ මණ්ඩලය සුළැඟිල්ලේ මුලත් පිහිටා ඇති අතර අත්ලක කුජ මණ්ඩල දෙකක් වෙයි. ඒවා ගුරු මණ්ඩලයට සහ සිකුරු මණ්ඩලයට මැදිවත්, බුධ මණ්ඩලයට සහ චන්ද්‍ර මණ්ඩලයට මැදිවත් දැකිය හැක. අත්ලේ මැද කොටස කුජ තලාව වන අතර එම ස්ථාන තුනම කුජ ග්‍රහයාට අයත් වෙයි. දැන් අපි බලමු එම මණ්ඩලවල පිහිටීම අනුව අත්ල හිමියාට ලැබෙන ශුභ අශුභ ඵල කෙසේද කියා.
ග්‍රහ මඩුල්ලේ ප්‍රමුඛයා ගුරුය. දඹරඟිල්ලේ මුල ගොඩැලි ආකාරව හෝ පැතැලි ආකාරව පිහිටි ගුරු මණ්ඩලයේ ස්වරූපය අනුව කෙනෙකුට ගුරු ග්‍රහයාගේ බලපෑම කෙසේද යන්න දැන ගත හැකිය. කිසියම් ග්‍රහ මණ්ඩලයක් පිරුණු ස්වභාවයෙන් යුක්තව පිහිටිය හොත් එය ප්‍රබල බවත් යම් මණ්ඩලයක් පැතැලිව හෝ එබුණු ස්වභාවයෙන් යුක්ත නම් එය දුබල මණ්ඩලයක් ලෙසත් සැලකේ. ගුරු මණ්ඩලය ප්‍රබල නම් එම අය කරුණාව දයාව මෛත්‍රීය ආදී යහගුණවලින් යුක්ත මනා දේහයකින් යුත් අයකු වන අතර, ඉගෙනීමෙන් ද උසස් ප්‍රතිඵල ලබන්නෙකු වෙයි. යාන වාහන ආදී සියලු සම්පත් බොහෝ විට ඔවුන්ට හිමි වේ. ඔහු හෝ ඇය සමාජයේ ගරු බුහුමන් ලබන්නෙකු ද වේ.
ෙකනෙකුගේ ගුරු මණ්ඩලය දුබල නම් ඔහුගේ හෝ ඇයගේ බලාපොරොත්තු බොහෝ විට බිඳ වැටේ. දියුණුවීමේ ආත්ම ශක්තියක් ඔවුන් තුළ නොමැත. ආත්මාර්ථකාමී ගති ගුණ ද ඔවුන් තුළින් කැපී පෙනේ. ඉගෙනීමෙන් උසස් ප්‍රතිඵලයක් ලබා ගැනීමට හැකි නොවේ. ගුරු මණ්ඩලය අත්ලේ සාමාන්‍ය ප්‍රමාණයට වඩා උස්ව පිහිටා ත්‍රිශූල, තරු සෘජු රේඛා චතුරස්‍ර ආදී සලකුණු පිහිටීමෙන් මණ්ඩලවල බලය වඩා ශක්තිමත් වීෙමන් ලැබෙන ශුභ ඵල අධික වේ. දැල් සටහන්, දූපත්, තිත් සටහන් ආදිය පිහිටීම රෝග පීඩාදියට හේතු වේ.
කුඩා කතිර සලකුණක් ඇත්නම් ප්‍රීතිමත් පවුල් ජීවිතයක් බලාපොරොත්තු විය හැක. එහෙත් අත්ලේ මනාව වැඩුණ හෘදය රේඛාවක් ද තිබිය යුතුය.
ශනි හෙවත් සෙනසුරුගෙන් නිකුත් වන කිරණ එක්තැන් වන්නේ මැදඟිල්ලේ මුල පිහිටි ශනි මණ්ඩලයේය. ශනි ග්‍රහයාගේ බලපෑම අනුව මෙම මණ්ඩලයේ පිහිටීම නිර්මාණය වෙයි. ශනි මණ්ඩලය හොඳින් වැඩී තිබේ නම් ඉතා උදාර උසස් ගතිගුණවලින් යුතු අයෙක් වේ. හුදෙකලා ජීවිතය ප්‍රිය කරන ඔවුන් යම් දෙයක් කියු පමණින් පිළිනොගන්නා අතර උපතින්ම දාර්ශනිකයෝ වෙති. විවාහයට වැඩි කැමැත්තක් නොදක්වති. හැම දෙයක්ම සැහැල්ලු සිතින් විඳ දරා ගැනීෙම් ශක්තිය ඔවුන් සතුය. ශනි මණ්ඩලය දුබල වූ විට අතිශයින්ම කපටි අදහස් ඇත්තෙකු වෙයි. පළිගැනීමේ චේතනාවන්ගෙන් යුක්ත ඔවුන් ඒවා ක්‍රියාත්මක කරන්නේ ද කටුක ආකාරයෙනි. සෙනසුරු මණ්ඩලයේ සිරස් රේඛාවකින් පිහිටියේ නම් උසස් ජයග්‍රහණ හිමි වේ. ශනි මණ්ඩලය මනාව වැඩුණ අයට ජය හා පරාජය සමව විඳ දරා ගැනීෙම් ශක්තිය ඇත.
රවි මණ්ඩලය මනාව වැඩි ඇත්නම් ඔවුනට ප්‍රතාපවත් පෙනුමක් ලබාදෙයි. කාන්තාවක් නම් ඉතා රූමත් වෙයි. මහජනයා අතර ප්‍රසිද්ධ වෙන අතර ආගිය හැම තැනකදීම නායකත්වය හිමි වේ. සමාජයේ නිරායාසයෙන්ම කැපී පෙනෙන අයෙක් වෙයි. මෙවැනි අයගේ රවි රේඛාවද පිහිටා ඇත්නම් වඩා වාසනාවන්තය. කුමන අංශයකින් හෝ ප්‍රසිද්ධ වන ඔවුන් කුමන ප්‍රශ්න ඉදිරියේ වුවද ජීවිතය ජය ගනී. අක්ෂි රෝගයෙන් පෙළෙන අයගේ රවි මණ්ඩලය තුළ කළුලප, දූපත් සලකුණු ආදිය ඇති විය හැක. රවි මණ්ඩලය දුබල වූ අය උඬගු බවක් පෙන්නුම් කරන අතර නීති නොසලකා හරිමින් කටයුතු කරති. මෙවැනි අය බොහෝ විට දාමරිකකම්වලට ද යොමු වෙයි. සුළැඟිල්ලේ මුල පිහිටි බුධ මණ්ඩලය ප්‍රබලව පිහිටි අය වඩා බුද්ධිමත් වන අතර ව්‍යාපාර කටයුතු වලදී සුවිශේෂී දක්ෂතාවක් පෙන්වයි. තම ඥාණය යොදා කරන සියලු කටයුතු සාර්ථක කර ගනී. නමුත් බුධ ඉතා සෙමින් ක්‍රියාත්මක වන ග්‍රහයෙකු බැවින් ප්‍රතිඵල ලැබෙනුයේ ප්‍රමාදවයි. වෙළඳ ව්‍යාපාරවලින් දියුණුව ලැබීමට මෙන්ම තම බුද්ධිමත් බව නිසාම ඉහළ තනතුරු ලැබීමට වාසනාව ඇත. කථිකත්වයේ ද දක්ෂතා පෙන්වයි. බුධ මණ්ඩලය දුර්වල නම් මුඛරි ලෙස කතා කළත් බොරුවෙන් අන් අයව රවටන්නෙකු වේ. බුධ මණ්ඩලයේ රේඛා වැඩි ගණනක් ඇත්නම් වෛද්‍ය ක්ෂේත්‍රයේ රැකියාවක් ලැබිය හැක. කුඩා කතිරයක් ඇත්නම් ධන හානි ඇති වෙයි. කුඩා තිතකින් ව්‍යාපාර පිරිහීමක් හෙළි කරයි.
ප්‍රබලව පිහිටි චන්ද්‍ර මණ්ඩලය අන් අය කෙරෙහි කරුණාව දයාව පෙන්වන අන් අයට උදව් උපකාර කරන්නට වඩා උනන්දුවන ආගම දහම කෙරෙහි භක්තියක් ඇති අය සතුය. චන්ද්‍ර මණ්ඩලය උස්ව වැඩී ඇති අය ලේඛන ක්ෂේත්‍රයේ ද වැඩි දක්ෂතාවක් පෙන්වයි. කෘෂිකර්මය, සත්ව පාලනය, මල් වැවීම වැනි කටයුතුවලට වැඩි නැඹුරුතාවයක් දක්වයි. මණ්ඩලය දුබල වූ විට ඵලදායි ප්‍රතිඵල හීන වේ. එවිට අන් අයගේ ආකර්ෂණය හා සැලකිල්ලට යොමු නොවන අයෙකු සේ පෙන්නුම් කරයි.
සිකුරු මණ්ඩලය ප්‍රබල නම් සමාජයේ කා අතරත් ජනප්‍රිය කාගේත් අවධානය දිනා ගන්නා අයෙකු වෙයි. අන් අයගේ සිත් දිනා ගත හැකි කතා විලාසයක් ඔවුන් සතුය. ඔවුන් සතු මේ ප්‍රසන්නභාවය නිසා ව්‍යාපාර කටයුතුවලදී වැඩි දියුණුවක් ලබා ගත හැකි වෙයි. විසිතුරු භාණ්ඩ අලෙවිය, රූපරාවන්‍ය, සංගීත භාණ්ඩ වැනි කලාවට සම්බන්ධ දේ අලෙවිෙයන් වැඩි ප්‍රතිඵල ලබා ගත හැක.
සිනමා කලාකරුවන් චිත්‍ර ශිල්පීන් ගායන ශිල්පීන් වැනි අයගේ සිකුරු මණ්ඩලය මනාව වැඩී ඇති බව දැකිය හැක. විරුද්ධ පාර්ශ්වයේ අයගේ අවධානය බොහෝ විට මොවුන් කෙරෙහි යොමු වේ. එබැවින් පෙම් සබඳතා බහුලව ගොඩනැගීමට ද හැකිය. සිකුරු මණ්ඩලය දුබල වූ විට වැරදි රාගාධික හැසිරීම් නිසා සමාජයේ අගෞරවයටත් අවඥාවටත් ලක්වෙති. මොවුන්ගේ විවාහ ජීවිතය ද බොහෝ විට අසාර්ථක වේ.
රූප සටහනේ ඇති පරිදි කුජ ග්‍රහයාට අත්ලේ ස්ථාන තුනක් අයත් වෙයි. එම ස්ථාන තුනම කුජ ග්‍රහයාගේ බලපෑම් ලබන ස්ථාන වේ. මෙයින් ඉහළ කුජ මණ්ඩලයෙන් (1) පුද්ගලයාගේ සිරුර පිළිබඳ තොරතුරුත් ඒ හා බැඳුණු ගති ගුණ හා සටන්කාමිත්වයක් පෙන්නුම් කරයි.
පහළ (2) කුජ මණ්ඩලයත්, අත්ලේ මැද පිහිටි කුජ තලාවත් කුජ ග්‍රහයාගේ බලපෑම් පෙන්වන ස්ථාන වෙයි. මෙම මණ්ඩල මත සිරස්ව හෝ හරස්ව රේඛා පිහිටියේ නම් බලපෑම් වඩාත් යහපත්ය. අභීත සටන්කාමීන් වශයෙන් කැපී පෙනෙන එවැනි අයට තේජවන්ත ගති ගුණ පිහිටයි. කුජ මණ්ඩලය දුබලවීම එම බලපෑම අඩුවීමට හේතු වෙයි. කරන හැම කාර්යකින්ම සාර්ථක ප්‍රතිඵල නොලබන ඔවුන් බියසුළු පුද්ගලයන් ලෙස සැලකිය හැක.
හිඹුටානේ පියතිලක ද අල්විස්
158 හිඹුටාන (රෝහල ඉදිරිපිට)
මුල්ලේරියාව නව නගරය.