2018 වසර රටට කුමක් වේවිද ?


2018 නව වසර මෙරට දේශපාලනික සහ ආර්ථිකයට කුමක් වේවිද? රටට කුමන කාලයක් ඇතිවෙයිද? ජ්‍යොතිෂයට අනුව නව වසර උද‌ාවන විට තත්කාල කේන්ද්‍රය, ලෝකායතන කේන්ද්‍රය හා ජනරාජ කේන්ද්‍රය ලංකා කේන්ද්‍රයෙන් රටට කුමක් වේවිදැයි විමසා බැලිය හැක. ලංකා කේන්ද්‍රයේ කුම්භ ලග්නයට අයත් වන අතර 2018 වසර උද‌ාවන විට එදින සූර්ය උද‌ාව 6.21 ට පමණ සිදුවේ. තවද තිථිය පුර තුදුස්වක මුවසිරස නැකතේ තුන් වැනි පාදයේ ජනවාරි පළමු දින උද‌ාවන අතර රාජකාරක රවි ග්‍රහයා ධනු රාශියේ පිහිටා ඇති නිසා තත්කාල කේන්ද්‍රයට අනුව ධනු ලග්නයෙන් නව වසර උද‌ාව වේ. තත්කාල කේන්ද්‍රයේ සෙනසුරු ලග්නයේ පිහිටා ඇති බැවින් ඒරාශ්ඨකයකින් ජනවාරි පළමු වැනි දින උද‌ාවී ඇති නිසා ලග්නයෙන් අටවැන්නේ රාහු ද දුෂ්ඨස්ථානයක පිහිටීමත් සමඟ අසුබ ග්‍රහ තත්ත්වයක් පවතින බව පෙනේ.   

2018 වසරේ චන්ද්‍ර ග්‍රහණ දෙකක් සහ සූර්ය ග්‍රහණ තුනක් මෙන්ම ග්‍රහ යුද්ධ ගණනාවක් සිදුවීමට නියමිතය. තවද නව වසරේ ලංකා කේන්ද්‍රයෙන් රාජකාරක රවි ග්‍රහයා වසර උද​‌ාවේදී ලග්නයෙන් එකොළොස් වැන්නේ ග්‍රහ ලොවේ සුකුමාලිය වූ සිකුරු හා දුකට අධිපති සෙනසුරු සමඟ යෝගව පිහිටා ඇති අතර ලග්නයෙන් 6 වැන්නේ රාහු මෙන්ම පුණ්‍යස්ථානය වන ලග්නයෙන් 9 වැන්නේ ගුරු සමග ග්‍රහ ලොවේ සෙන්පති වූ අඟහරු පිහිටා ඇත. එමෙන්ම ඥානයට අධිපති බුධ ග්‍රහයා 10 වැන්නේ සහ සඳු ග්‍රහයා ලග්නයෙන් 5 වැන්නේත් පිහිටා ඇත. ඒ අනුව ග්‍රහ රටා මෙන්ම ග්‍රහ පිහිටීම් අනුව පවතින ආණ්ඩුවට සහ පාලකයන්ට මෙන්ම ජනතාවට ද යහපත් නොවන අතර මේ වසර තුළදී ද රජයේ මැති ඇමැතිවරුන්ට නැවතත් දූෂණ චෝදනා මෙන්ම අක්‍රමිකතා පිළිබඳ ඍජු චෝදනා එල්ල වේ.   


ජීවන බර ඉහළයාම, ඍජු හා වක්‍ර බදු වැඩිවීම, ආහාර නිෂ්පාදනය හා නිෂ්පාදන ආර්ථිකය දුර්වලවීම, ඩොලරයේ අගය ඉහළ යාම නිසා ජනතාවට සම්මුති ආණ්ඩුව​ ​ෙකරෙහි කලකිරීමත්. විශ්වාසය නැතිවයාමත් සිදුවන අතර ඇතැම් අවස්ථාවල ජනතාව තුළ ඉවසීමේ සීමාවද ඉක්මවායන තැන් ඉදිරියට දැකගත හැකිවනු ඇත. ලංකා කේන්ද්‍ර සටහන ගත් විට මීට පෙර 1987 දෙසැම්බර් මස 17 පමණ සෙනසුරු ධනු රාශිගත වන අවස්ථාවේ මෙරට දේශපාලන අස්ථාවර භාවය මෙන්ම තරුණයන්​ෙග් ආවේග හැසිරීම් හා අරගලවලට රටට මුහුණ දීමට සිදුවූ නිසා එවකට ආර්ථික හා සමාජීය වශයෙන් විශාල හානියක් සිදුවිය.   


තවද එවක සිටි නායකයන් ගත් ඇතැම් විදේශ ප්‍රතිපත්ති, ආර්ථික න්‍යායන් මෙන්ම දැඩි මතධාරී තීරණ නිසා මහජන කැළඹීම, දේපල හානි මෙන්ම මනුෂ්‍ය ඝාතනයන්ද සිදු වූ අතර නීතිය, සාමය, සාධාරණත්වය, රටේ ස්වාධිපත්‍යය පිළිබඳ එවකට උගතුන්, බුද්ධිමතුන්, පූජකයින් හා විශාරදයින් මෙන්ම විචාරකයෝද අරගල කරන්නට වූහ. නැවතත් ලංකා කේන්ද්‍රයේ 11 වැන්න මෙන්ම පාලකයා ගැන කියැවෙන 10 වැන්නෙන් චිත්තනය සහ ආර්ථිකය ගැන කියැවෙන 2 වැන්න වන ධනු රාශියට සෙනසුරු පැමිණීම වත්මන් රජයේ කල්පනාකාරී දුරබලා කටයුතු කළ යුතු අතර රටේ අවුල් වියවුල් අැතිවීම්, කෘතහස්ත දේශපාලකයන්ගේ වියෝවීම් සිදුවිය හැක. එහෙත් 1987/88 තරම් ආයුධ සහිත අරගල මෙම කාලය තුළ සිදු​ෙනාවන මුත් ඇතැම් කණ්ඩායම් හා ජනවර්ග අතර ආරවුල් ගැටුම් නිසා දේපළ හානි, ලේ වැගිරීම්, කලහකාරී සිදුවීම් ඇතිවිය හැකි නිසා පොලිසිය සීරුවෙන් තැබීමට රජය වගබලාගත යුතුයි.   


තවද වැඩ වර්ජන, තරුණයන්ගේ ආවේගකාරී හැසිරීම් වරින් වර දැකිය හැකි අතර දේශපාලන කණ්ඩායම් පවතින පාලනයට විරුද්ධව අරගලකාරී සටනක නිරත වනු ඇත. එසේම 1988 කාල වකවානුවේ අරගලවලින් සිදුවූ සමාජ අඩපණවීම් හා ජනතාවට ඇතිවන පීඩා මෙවර ආර්ථික දුර්වලතා මෙන්ම දූෂිත දේශපාලන ක්‍රමවේදයන් හා දේශපාලන අරගල නිසා ජනතාවට අසීරු කාලයකට මුහුණ දීමට සිදුවේ   


ලංකා කේන්ද්‍රයේ පාලකයා ගැන කියවෙන 10 වැන්නෙන් 8 වැන්නේ සඳු ද 9 වැන්නේ රාහු ද 10 වැන්නෙන් 12 වැන්නේ ගුරු සහ අඟහරු පිහිටීම මෙන්ම 2018 වසර උද‌ාවන පළවන සතියේම කාලසර්ප යෝගය උදාවීම ද සිරගෙවල්පිරී යාම පවතින පාලකයාට දැඩි අභියෝගවලට මුහුණ දීමත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නීතියේ ආධිපත්‍යය පිළිබඳ විදේශ ප්‍රතිපත්ති හා විදේශ ආයතනයන් සමඟ ඇති ගිවිසුම් පිළිබඳව වාද විවාද ආරවුල් උද්ඝෝෂණ ගැටුම් උපවාස ඇතිවනු ඇත. එමෙන්ම පූජ්‍ය පක්ෂය දැඩි ප්‍රකාශ සහ මැදිහත්වීම් වත්මන් පාලනයට එරෙහිව ඉදිරියටත් සිදුකරනු ඇත.   
මැති ඇමතිවරුන් අතර මැති සබවලදී ද ඉන් පිටතද කලහකාරී හැසිරීම් ගැටුම් දැකිය හැකි අතර මංකොල්ල කෑම්, පාතාල ක්‍රියාකාරකම්, මනුෂ්‍ය ඝාතන, කුඩා දරුවන්ට සිදුවන අතවර හා හිරිහැර පිළිබඳ පුවත් මැවෙනු ඇත.   


එහෙත් ගොවියා පිළිබඳව යහපත් ක්‍රියාර්ග ගැනීමට දැක්මක් නොමැති නිසා වර්ජන, උද්ඝෝෂණ, ගැටුම් ඇති වන අතර අස්වැන්න අඩුවීම් නිෂ්පාදන ආර්ථිකය දුර්වල වීම්ද සිදුවනු ඇත. රාජ්‍ය සේවය තුළ ඛනිජ තෙල්, විදුලිය, ප්‍රවාහන ක්ෂේත්‍රවල වෘත්තීය ක්‍රියා මාර්ග, උද්ඝෝෂණ මෙන්ම ​ගැටුම් තත්ත්වයන් රජය සමඟ ඇති කරගන්නා අතර නැවතත් සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ද අවුල්වියවුල් අැති කරමින් සයිටම් අර්බුදය ද තවදුරටත් පුවත් මවනු ඇත. මේ අතර උතුරු පළාත තුළ මේ වසරේ තවදුරටත් හිංසාකාරී ක්‍රියා ඇතිවන අතර අන්තවාදී සැලසුම් පිළිබඳ රජය අවධානය යොමුකළ යුතුය. නැගෙනහිර පළාත තුළද වරින්වර කලහකාරී සිදුවීම් මෙන්ම හදිසි ගැටුම් අැතිවෙමින් ආරවුල් පැන නැගෙන බැවින් ද උතුරු පළාත තුළ දැඩි ප්‍රතිචාර දක්වමින් පළාත් ඉල්ලීම් ඉදිරිපත් කරමින් හර්තාල්, විරෝධතා මඟින් රජයට බලපෑම් සිදුකරන බවද පෙනේ.   


මේ අතර 2017 වසර අධ්‍යාපන පිළිබඳව සැලකිය යුතු වෙනස්කම් සිදුවන අතර ඥානයට අධිපති බුධ ග්‍රහයා 10 වැන්නේ පිහිටීම අවුල්, ගැටලු, ප්‍රශ්න වරින් වර උද්ගත වන බවක් පෙනෙන අතර උසස් අධ්‍යාපනයේ ශිෂ්‍යා අරගල වරින් වර කලහකාරී සහ කැළඹිලි ආකාරයෙන් ගැටුම් දකින්නට ලැබෙනු අැත. දේශපාලන චරිත කිහිපයකට ඉදිරියේදීත් උසාවි, සිරගෙවල් යමින් දේශපාලන ලෝකය තුළ වැඩි කතාබහකට ලක් වූ බව පෙනේ. 2018 වසරේ සෞඛ්‍ය තත්ත්වයේදී දරුවන් පිළිබඳව මෙන්ම බෝවන රෝග පිළිබඳව ද වරින්වර පීඩා ඇති වේ. එමෙන්ම 2018 වසර මාරක අනතුරු වැඩි වශයෙන් ඇතිවන නිසා ප්‍රවාහනය පිළිබඳව දැඩි සැලකිලිමත් විය යුතුයි.   


විශේෂයෙන් බස් රථ, කුඩා දරුවන් ප්‍රවාහනය කරන වාහන ඉතා කල්පනාකාරී විය යුතුය. 2017 වසර රටට ස්වභාවික විපත් ගණනාවක් ඇතිකළ අතර 2020 දක්වාම මෙරට ස්වභාවික ව්‍යසනයන් තවදුරටත් ඇතිවනු ඇත. එම නිසා වසරේ මුල් මාස තුන උතුරු නැගෙනහිර, උතුරු මැද, නැගෙනහිර පළාත්වල මෙන්ම සාගරය අවට කලාප තුළ කල්පනාකාරී විය යුතු මෙන්ම දකුණු මුහුද බටහිර මුහුද තුළත් අනපේක්ෂිත මුහුදු කැළඹීම් සාගර අවට සිදුවිය හැක. ජූලි සිට සැප්තැම්බර් දක්වා කාලය දකුණු, සබරගමුව, බස්නාහිර, මධ්‍යම ස්වභාවික විපත්, අකල් වැසි පිළිබඳව මෙන්ම ජල ගැලීම්, සුළංවල පීඩා ගැන අවධානය යොමු කළ යුතුයි.   


එමෙන්ම ඉන්දියන් සාගරය තුළ භූ චලනයන් සිදුවීම් සහ රට අභ්‍යන්තරයේද භූ කම්පනයන් පිළිබඳව අවධානයෙන් කටයුතු කළ යුතු අතර මෙම තත්ත්වයන්වලින් මිදීමට රාජ්‍ය පාලනය ධාර්මික වීමත් ජනතාව ආධ්‍යාත්මික කටයුතුවල නිරන්තරයෙන් නිරත වීමත් රටට වන විපත් අවම කර ගැනීමට හේතුවනු ඇත.   

 

 

 

 

 

 


ප්‍රවීණ ජ්‍යොතිර්වේදී 
සුජිත් නිශාන්ත යෝගිතුමා   
081-2205758/ 0715426000