(අමදෝරු අමරජීව)
වැසි හා තද සුළ තත්වයෙන් ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ නිවාස 65කට හානි සිදුවී ඇති අතර ඉන් පදවි ශ්‍රී පුර පිහිටි නිවාස 12ක් ජලයෙන් යට වී ඇතැයි දිසාපති සමන් දර්ශන පාඩිකෝරාල මහතා පැවසීය.
නිවාස 64කට ඇත්තේ සුළු හානි බව කී දිසාපතිවරයා වෙරුගල් ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ එක් නිවසකට පුර්ණ හානි සිදුවි ඇතිබව කිවේය.
හානියේ ස්වභාවයන් සොයාබලා සහන සැලසීම සදහා දිසාපතිවරයා ආණ්ඩුකාරිනි අනුරාධා යහම්පත් මහත්මිය සමග අද (03) කින්නියා ප්‍රදේශයේ සංචාරයක නියැලුණි. නිවාසවල හානි සම්බන්ධයෙන් වාර්තාවක් ලබාදෙන ලෙස සියලු ප්‍රාදේශිය ලේකම්වරුන්ට දිසාපතිවරයා උපදෙස් ලබාදුන්නේය.
ආරක්ෂිත ස්ථානවල රදවා සිටි සියලු දෙනා අද (03) සිය නිවෙස්වලට ගිය බවද දිසාපතිවරයා මෙහිදි තහවුරු කළේය. ජල ගැලීම් හේතුවෙන් පදවි ශ්‍රී පුර කුඹුරු රැසක්ද ජලයෙන් යටවී තිබුණි.