’පොඩි ලැසි’ගේ ගිනි අවි දෙකක් තෙල්වත්තේ නිවසකින්


 

 
(ඩී.ජී.සුගතපාල)

සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් නායකයකු වන ජනිත් මධුසංක හෙවත් 'පොඩි ලැසි' නමැත්තාගෙන් අනාවරණය කරගත් තොරතුරු අනුව මිටියාගොඩ පොලිස් වසමේ තෙල්වත්ත ප්‍රදේශයේ සඟවා තිබු ගිනි අවි දෙකක් සහ පතරොම් ගැබක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරි කණ්ඩායමක් විසින් සොයා ගත් බව ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය පවසයි.

අංක මකා දමා ඇති ටී.56 ගිනි අවියක් සහ එහි පතරොම් ගැබක්ද ජර්මනියේ නිෂ්පාදිත 38 වර්ගයේ රිවෝලවරයක් මෙසේ අත් අඩංගුවට ගෙන ඇත.

බූස්ස බන්ධනාගාරයේ සිටි පොඩි ලැසි මේ වනවිට ගාල්ල මහේස්ත්‍රාත් අධිකරණයෙන් ලබාගත් දින අනූවක රැඳවුම් නියෝග මත අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව බාරයේ සිටි