’පංචිකාවත්තේ නෙවිල්’ ගංජා-ගිනි අවි සමඟ අත්අඩංගුවට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ප්‍රබල පාතාල කල්ලි සාමාජිකයකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු ද වන 'කෙසෙල්වත්තේ දිනුක'  නමැත්තාගේ සමීපතම ගෝලයෙකු වන 'පංචිකාවත්තේ නෙවිල්' නැමැත්තා  ගිනි අවියක්  සහ කේරළ ගංජා  තොගයක් සමඟ අද (19) අත්අඩංගුවට ගත් බව කොළඹ  අපරාධ විමර්ශන ඒකකය කියයි.

ඔහු සතුව තිබී මිලිමීටර් 9 වර්ගයේ ගිනි අවියක්, මැගසින් එකක්, එම ජීව උණ්ඩ 10ක් සහ කේරළ ගංජා කිලෝ දෙකක් පොලිස් බාරයට ගෙන ඇත.