
(හිරාන් ප්‍රියංකර ජයසිංහ)
නවගත්තේගම සාලියවැව මාර්ගයේ වගයාමඩුව ආසන්නයේ පාලමක් ගිලා බැසිමත් සමග ගමනා ගමනයට සම්පුර්ණයෙන් බාධා එල්ල වී තිබේ.
නවගත්තේගම සිට සාලියවැව සම්බන්ධ විමට ඇති කෙටිම මාර්ගය මෙය වන බවත් මෙම පාලම ගිලා බැසිමත් සමග නැවත සැතපුම් 50 කට අධික දුරක් ගෙවා විකල්ප මාර්ග වෙතින් සාලියවැව ඇතුළු ප්‍රදේශ වෙත ගමන් කිරිමට සිදුව ඇත.
ගලටබැදිබැදිවැව ,ඉහලගලටබැදි වැව ,තලකදවැව,කුඩාමාමාගේ වැව, කුලයාගේවැව, ජයසේන වැව ,ඇතුළු කුඩා වැව් රැසක වාන් ජලය මෙම වගයාමඩුව පාලම තුළින් පහල ප්‍රදේශයට ගලා යාම සිදුවිමත් සමග පාලම මෙසේ ක්‍රමයෙන් ගිලා බැසිමට ලක්වි තිබේ.
මෙම පාලම ගිලා බැසිමත් සමග මෙම මාර්ගය භාවිතා කල විශාල පිරිසක් දැඩි අසිරුතාවයට පත්වි ඇත්තේ සැතපුම් කිපයකින් සාලියවැව ඇතුළු ප්‍රදේශ රැසකට ලගා විමට තිබු කෙටිම මාර්ගය මේ වන විට වැසි යාම නිසා බව කියයි.
මේ හේතු නිසාම පාලමේ කළුගලින් බැද ඇති ආරක්ෂිත ඉවුරු ගිලාබසිමින් කඩා වැටෙමින් පවතින අතර පාලමේ ආරක්ෂාවට පාලම යටින් දමා ඇති කොන්ක්‍රිට් පාදම පවා දරුණු ලෙස පුපුරා තිබේන ආකාරය දැක ගත හැක