‘සපිරි ගමක්‘ ව්‍යාපෘතිය ජනවාරි මුලදී ඇරැඹෙයි


( රංජන් කස්තුරි ) 

ග්‍රාමීය ජනතාවගේ සමාජ ආර්ථික තත්ත්වය දියුණු කිරීම සඳහා ඔවුන්ගේම යෝජනා මත ගම සංවර්ධනය කිරීම සඳහා ‘සපිරි ගමක්‘ වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී තිබේ.
 
දිවයින පුරා පිහිටි ග්‍රාම නිලධාරී වසම් 14,021 ක මෙම වැඩසටහන ක්‍රියාත්මක අතර  එක් වසමකට රුපියල් ලක්ෂ 20 ක් බැගින් වෙන්  කෙරෙන බව මුදල් ආර්තික සහ ප්‍රතිපත්ති සංවර්ධන අමාත්‍යංශය පවසයි.

ලබන ජනවාරි 01 වැනිදා  සිට මෙම  ව්‍යාපෘතිය ක්‍රියාත්මක වන අතර  ඒ වෙනුවෙන් රජය රුපියල් මිලියන 28,042 ක්  වෙන් කර ඇතැයි ද අමාත්‍යංශය කියයි.

 සපිරි ගමක් ව්‍යාපෘතිය තෝරා ගැනීමේදී ග්‍රාමීය මාර්ග,බෝක්කු,කුඩා පාලම් සහ පැති කානු ඉදිකිරීම යන යටිතල පහසුකම් සංවර්ධනයට ප්‍රමුඛතාවය ලබා දෙන බවද එම ආයතනය පවසයි.