(තිළිණි ද සිල්වා)
මියන්මාර රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට මීට වසර 6කට පෙර පරිත්‍යාග කළ ‘මියන් කුමාර ‘ හස්තියාට කෘර ලෙස සැළකුවා යැයි කිය සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් පවත්වා, පසුව ඒ ගැන එරට රජය දැනුම් දීමට කටයුතු කරන බව විදේශ සබදතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා අද (30) පැවසීය.
සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන ලෙසට මියන්මාර රජය ශ්‍රී ලංකාවේ පිහිටි මියන්මාර තානාපති කාර්යාල හරහා විදේශ සබදතා අමාත්‍යාංශයට නිල වශයෙන් දැනුම් දුන් බවත් ද අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා කීවේය.
ඒ අනුව ප්‍රථමයෙන් එම හස්තියාට නොසැලකීම සිද්ධිය සම්බන්ධයෙන් පරිසර හා වනජීවි අමාත්‍යාංශය සහ බුද්ධ ශාසන අමාත්‍යාංශ හරහා ඒ ගැන නිසි ලෙස සොයා බලා කරුණු තහවුරු කර ගැනීමට කටයුතු කරන බවත් , ඉන්පසුව ඒ සම්බන්ධයෙන් මියන්මාර තානාපති කාර්යාලයට වාර්තාවක් ලබා දීමට කටයුතු කරන බවද විදේශ සබදතා අමාත්‍යවරයා කියා සිටියේය.
මේ අතර විදේශ කටයුතු අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් සඳහන් කරනු ලැබුවේ තම රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට පරිත්‍යාග කළ ‘මියන් කුමාර‘ නැමැති හස්තියාට කෘර ලෙස සැළකීම නවත්වන්නැයි ඉල්ලමින් මියන්මාර තානාපති කාර්යාලය විසින් මේ සතියේ ඉදිරිපත් කළ කාරණය සම්බන්ධයෙන් අමාත්‍යාංශය මට්ටමින් නිසි ලෙස සොයා බලා කරුණු දක්වන්නැයි බුද්ධ ශාසන අමාත්‍යාංශයට දැනුම් දුන් බවයි.
වසර 6 කට පෙර තම රජය විසින් මෙරට බෞද්ධ විහාරස්ථානයකට පරිත්‍යාග කළ ‘ මියන් කුමාර නැමැති හස්තියාට කෘර ලෙස සැලකීම නවත්වන්නැයි ඉල්ලමින් මියන්මාරය නිල වශයෙන් ශ්‍රී ලංකාවට දැනුම් දී ඇතැයි මියන්මාර විදේශ කටයුතු අමාත්‍යාංශයේ නිවේදනයක් උපුටා දක්වමින් මියන්මාර ටයිම්ස් පුවත්පත වාර්තා කර තිබිණි.

