(නිමල කොඩිතුවක්කු)
දේශීය ඉදි කිරීම් ක්ෂේත‍්‍රය ශක්තිමත් කිරීම සදහා ආණ්ඩුව ලෙස ලබාදිය හැකි උපරීම ශක්තිය ලබාදෙන බව අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා කොළඹ දී අද(24) පැවසීය.
ඉදිකිරිම් ක්ෂේත‍්‍රයේ ඇති ගැටලූ විසඳීමට කඩිනමින් පියවර ගන්නා බවද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා වැඩිදුරටත් සදහන් කළේය.
අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මේ බව පැවසුවේ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා පරිශ‍්‍රයේ පැවති ‘‘ඉදිකිරීම් ප‍්‍රදර්ශනය - 2018’’ විවෘත කිරීමේ උත්සවයේ ප‍්‍රධාන ආරාධිතයා ලෙස එක්වෙමිනි.
ඉදිකිරීම් ක්ෂේත‍්‍රයට සම්බන්ධ නවීන තාක්ෂණික උපකරණ, සේවා සහ ගොඩනැගිලි ආදී විවිධ දේ ඇතුලත් වෙළ`ද කුටි රාශියකින් ප‍්‍රදර්ශනය සමන්විතවේ.
ශ්‍රී ලංකා ජාතික ඉදිකිරීම් කරුවන්ගේ සංගමය සහ නිවාස හා ඉදිකිරීම් කටයුතු අමාත්‍යාංශය එක්ව මෙම ප‍්‍රදර්ශණය සංවිධානය කරනු ලබයි.
ඉදිකිරීම් ප‍්‍රදර්ශනය විවාත කරමින් අදහස් දැක්වූ අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා මෙසේද කීවේය.
‘‘ අවාසනාවකට මට මෙහි වැඩි වේලාවක් රැුඳි සිටින්න වෙන්නේ නැහැ. සීමා නිර්ණ කමිටුවේ වාර්තාව අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. ඒ නිසා මට පාර්ලිමේන්තුවට යන්න වෙනවා. එයත් විශේෂ අවස්ථාවක්. ද්විත්ව සාමාජිකත්වය සඳහා අවශ්‍ය ප‍්‍රතිපාදන හා විධිවිධාන සඳහන් කර නොමැති නිසා බොහෝ පක්ෂ සීමා නිර්ණ කොමිසම පිළිගන්නේ නැහැ.
කෙසේ වුවත් මැතිවරණය නියමිත දිනට පැවැත්වීමට අපි කටයුතු කරනවා. දේශපාලන පක්ෂ සියල්ල එක්වී නිසි හා නියමිත පිරිදි මැතිවරණය පැවැත්වීම සඳහා එක්විය යුතුයි. අදින් පස්සේ අපි ඒ ගැන සාකච්ඡුා කළ යුතුයි.
පැරැුණි ක‍්‍රමයට මැතිවරණය පවත්වනවාද අලූත් ක‍්‍රමය සංශෝධනය කර මැතිවරණය පවත්වනවාද කියලා අපි සාකච්ඡා කරන්න ඕනේ. ඒ කෙසේ වුවත් අපි නියමිත දිනට මැතිවරණ පවත්වනවා.
පළාත් පාලන මැතිවරණයේදී අපි එක ක‍්‍රමයකට එකඟ වුණා. එහෙත් එහි ප‍්‍රතිවිපාක තිබුණා. අපි හැමෝම ඒවාට මුහුණ දුන්නා. එයත් ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ කොටසක්. මැතිවරණ ක‍්‍රමයකට එකඟ වීමත් දුෂ්කර කාර්යයක්.