( පද්මා කුමාරී කංකානම්ගේ )
‘තබුවා‘ නම් අධි ආරක්ෂිත මත්ස්‍යකු මරා කැබලි කර ප්‍රවාහනය කරමින් සිටි පුද්ගලයෙකු කල්පිටිය වෙරළ ආරක්ෂක බළකාය මගින්,කල්පිටිය ධීවර වරායේදී අත් අඩංගුවට ගෙන, පුත්තලම ධීවර හා ජලජ සම්පත් කාර්‍යාලය ට අද (01) දින භාර දී ඇත.
සැක කරු මෙම මත්ස්‍යා බත්තලගුන්ඩුව දූපතේ සිට,මීගමුව බලා රැගෙන යාමට සූදානම් කර තිබිය දී මෙම අත් අඩංගුවට ගැනීම සිදු කර ඇත.
1996 අංක දෙක දරණ ධීවර පනතේ 61 වගන්තියට අනුව, තබුවා මත්ස්‍යා සන්තකයේ තබා ගැනීම,මැරීම සහ විකිණීම සපුරා තහනම් බැව්,පුත්තලම සහකාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පැවසීය.
තබුවා මත්ස්‍යා මුහුදු පතුලේ ගල් පර වැළි වලින් වැසුණු විට,ඒවා පිරිසිදු කොට, මසුන්ට බිජු ලෑමට සුදු ලෙස සකසන බව ඒ මහතා පවසයි.
තබුවා සහ ඉස්සන් අතර සහජීවන ක්‍රියාවක් පවතින බවත්,ඉස්සන් පැටවුන් තබුවාගේ මුඛය තුළ රදවා ගන්නා බවත්,ඒ මහතා පැවසුවේ ය.සැක කරු බත්තලගුන්ඩුව පදිංචි 35 හැවිරිදි සංක්‍රමණික ධීවරයෙකි.සැකකරු පුත්තලම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත ය.

